Sinhala

ඉ – ස්වාභිමානී 2020 ඩිජිටල් නවෝත්පාදන හා නව නිමැවුම් උළෙලේ ජයග්‍රාහකයින් නිවේදනය කරයි

පසුගියදා පැවති සම්මාන උළෙලේදී  ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA)10 වන ඉ -ස්වභිමානි ඩිජිටල් නවෝත්පාදන හා නව නිමැවුම් උළෙලේ සම්මානලාභීන්ට සම්මාන ප්‍රදානය කළේය.

ඉ – ස්වාභිමානී යනු සමාජයට ප්‍රබල බලපෑමක් ඇති කරමින් ඩිජිටල් විසඳුම් හඳුනා ගැනීම අරමුණු කරගත් ප්‍රමුඛතම ඩිජිටල් නවෝත්පාදන හා නව නිමැවුම්  සම්මාන  උළෙලක් වේ.

2020 දී ඉ – ස්වාභිමානී හි දී විශේෂ කාණ්ඩ 10 ක ජයග්‍රාහකයින්  62 දෙනෙකුට සම්මාන ප්‍රදානය  කරන ලදී. ඒ අතර ඩිජිටල් විනෝදාස්වාද කාණ්ඩයේ ජයග්‍රාහකයන් වූයේ Gamer.lk විසින් ඉදිරිපත් කරන ලද  InGame Esports  නිපැයුමයි. තවද  K. බුද්ධි චලංග  සහ  K.P. ලියනගේ විසින් නිමැවූ  Panchathurya” Kontakt Library  , VATTZ (කසුන් දෙල්ගොල්ල  සහ ශානක නානායක්කාර ) විසින්  AUDICI Reality Audition නිපැයුම ද, එම කාණ්ඩයේම,   Mobile Vision Lanka (Pvt) Ltd  සමාගම මගින් ඉදිරිපත් කල KiKi  සහ   Treinetic (Pvt) Ltd  සමාගමේ හි Poth කුසලතා සම්මාන දිනාගත් අතර, Arimac Lanka  විසින්  ඉදිරිපත් කල NERO නිපැයුම ද  ඇගයීම් සහතික දිනාගත් අතර  චරිත මදුශංක ලියනාරච්චි  විසින් නිමැවූ Mithuraa Computer Game  ජූරි සම්මානයෙන් පිදුම් ලැබීය.

Rootcode (Pvt) Ltd හි Expert Republic , CICRA Solutions (Pvt) Ltd  විසින් ඉදිරිපත් කල Colombo Tea e-Auction සහ Niftron (Pvt) Ltd සමාගමේ Niftron ද  ව්‍යාපාර හා වානිජ්‍ය අංශයේ ජයග්‍රාහකයන් ලෙස සම්මාන දිනා ගන්නා ලදි.   Stack Technologies (Pvt) Ltd  වෙතින් නිමැවූ Stack Schedular සහ   Ananke IOT Services (Pvt) Ltd හි ANANKE   සඳහා කුසලතා සම්මාන  හිමි විය.  Fintechnology Asia Pacific Lanka (Pvt) Ltd සමාගමේ Ecoru ද    Coolbit Software Solutions (Pvt) Ltd විසින් ඉදිරිපත් කල WoofDesk ,   Commercial Technologies Plus (Pvt) Ltd හි Billa Cloud ,  Extrogene Software (Pvt) Ltd  වෙතින්  නිමැවූ EVA  සහ  SCM Studio (Pvt) Ltd සමාගමේ හි BRIDGE ද    ඇගයුම් කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය.

දිලුක්ෂාන් උදයකුමර් විසින් ඉදිරිපත් කල E-Waste Lanka ,E Gravity Solutions (Pvt) Ltd   සමාගමේ ගජමං- Radio Collar for Wild Elephant Tracking and Security System සඳහා ද  පරිසර හා හරිත බලශක්ති කාණ්ඩයේ දී ඉහළම ගෞරවයට පාත්‍ර  විය. Tropical Climate Guarantee & Foundation for Environment Climate and Technology විසින්  cleanair.lk සහ   SenzAgro Solutions (SenzAgro (Pvt) Ltd) විසින් ඉදිරිපත් කල SenzAgro “AgriCore” Platform සඳහා ද   කුසලතා සම්මාන හිමි විය. Protecting Our Planet Starts with You සඳහා ඇගයීම් සහතිකය පිරිනමන ලද්දේ තිසුමි දෙව්ජා සුමනවීර හටය.

රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය ,සෞඛ්‍ය හා සුභසාධනය, ඉගෙනුම්  හා අධ්‍යාපනය , පරිසරය හා හරිත බලශක්තිය, ව්‍යාපාර හා වානිජ්‍ය, සංස්කෘතිය හා සංචාරක ව්‍යාපාරය , සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය, , අන්තර්ග්‍රහනය  හා බලගැන්වීම, ඩිජිටල් විනෝදාස්වාදය, යොවුන් කාණ්ඩය   යන  මුලික තරග කාණ්ඩ යටතේ මෙම සම්මාන ප්‍රදානය කරන ලදී.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය සදහා Huawei ටෙක්නොලිජිස් (පුද්) සමාගම අනුග්‍රහය දැක්වීය.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *