Sinhala

ශ්‍රී ලංකාවේ වරාය සහ අභ්‍යන්තර බහාලුම් පර්යන්ත මෙහෙයුම් සංවර්ධනය උදෙසා DIMO සමගින් Kalmar එක්වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO, අභ්‍යන්තර බහාලුම් පර්යන්ත ස්වයංක්‍රීයකරණය සහ බලශක්ති කාර්යක්ෂම බහාලුම් හැසිරවීමේ විසඳුම් නිර්මාණයේ ලොව පුරෝගාමී සමාගමක් වන Kalmar සමග ඇති කරගත් හවුල්කාරීත්වය හරහා, දේශීය බහාලුම් පර්යන්ත මෙහෙයුම් නව තලයකට ගෙන ඒමට ක්‍රියා කරයි. 

2018 වර්ෂයේ සිට, Kalmar නිෂ්පාදන සඳහා බලයලත් අලෙවි නියෝජිතයා වශයෙන් DIMO ශ්‍රී ලංකාව තුල ක්‍රියා කරයි. විශේෂයෙන්ම, DIMO හි විශිෂ්ට සේවාවන් සමඟින් පාරිභෝගිකයා අතට පත්වන පුළුල් පරාසයක විහිදුනු Kalmar නිෂ්පාදන හරහා, දේශීය බහාලුම් මෙහෙයුම් ආශ්‍රිත සේවාවන් සංවර්ධනයට DIMO විශිෂ්ට දායකත්වයක් ලබා දී ඇත. Kalmar විසින්, වරාය, පර්යන්ත සහ බෙදාහැරීමේ මධ්‍යස්ථාන සඳහා විසඳුම් රාශියක් ඉදිරිපත් කර ඇති අතර, ඔවුන්ගේ ගෝලීය ශක්තිය මැනවින් පෙන්නුම් කිරීම සඳහා, පුළුල් පරාසයක විහිදුනු නිෂ්පාදන, ශක්තිමත් සහ කාර්යක්ෂම ගෝලීය ජාලය සහ විවිධ පර්යන්ත ක්‍රියාවලීන් ඒකාබද්ධ කිරීමේ හැකියාව හොඳම නිදසුන් වේ.

මෙම සහයෝගීතාවය පිළිබඳ අදහස් දක්වමින්, DIMO හි විධායක අධ්‍යක්‍ෂ සහ Material Handling ව්‍යාපාර අංශය භාරව කටයුතු කරන චමින්ද රණවන මහතා මෙලෙස පවසා සිටියි. ” DIMO විසින් Kalmar සමඟ ඇති කර ගත් මෙම හවුල්කාරීත්වය හරහා, වරාය සහ අභ්‍යන්තර බහාලුම් පර්යන්ත මෙහෙයුම් තුළ ඉහළ කාර්යක්ෂමතාවයක් සහ කාර්යසාධනයක් ඇති කරගත හැකි වෙනවා. විශේෂයන්ම, වෙළඳ කටයුතු වර්ධනය වන විට සහ දැඩි නීති සම්පාදනය වන විට, වරාය සහ අභ්‍යන්තර බහාලුම් පර්යන්ත ක්‍රියාකරුවන් විසින් මෙහෙයුම් පුළුල් කිරීමට පමණක් නොව, කාර්යක්ෂමතාව සහ තිරසාරභාවය වැඩි දියුණු කිරීමට ද මාර්ග සොයනවා . වර්තමානයේ පවතින වෙළඳ පොළ අවශ්‍යතා සපුරාලීමට සහ නීති රෙගුලාසි වලට අනුකූලව සිය මෙහෙයුම් දියත් කිරීමට, පර්යන්ත ක්‍රියාකරුවන් විසින් වඩාත් ස්වයංක්‍රීය මෙහෙයුම් පද්ධතියක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අතර, Kalmar සමඟ DIMO ඇතිකර ගත් මෙම   හවුල්කාරීත්වය මෙහෙයුම්කරුවන් හට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.”

මෙම හවුල්කාරීත්වය හා සමගාමීව, DIMO විසින් නවතම Kalmar යන්ත්‍ර ද්විත්වයක්,  Logistics International Limited (LIL) සහ South Asia Gateway Terminals (PVT) Ltd (SAGT) සමාගම් වෙත භාර දෙන ලදී. මෙහිදී, Kalmar Double Container Handler DCG100-45 ED65 නවතම යන්ත්‍රය LIL වෙත ලබාදුන් අතර, මෙම යන්ත්‍රය, ඉහළ ක්‍රියාකාරී එන්ජිමක් සහ හිස් බහාලුම් දෙකක බර එකවර ඉසිලීමේ හැකියාව දරයි. මෙම යන්ත්‍රය, බහාලුම් ගබඩාව තුළ වැය කරන කාලය ඉතිරි කර, මෙහෙයුම් ඵලදායිතාව වැඩි කරන අතර, එමඟින් මෙහෙයුම් පිරිවැය විශාල වශයෙන් ඉතුරු කරයි. එය තනි හෝ ද්විත්ව හිස් බහාලුම් සඳහා ටොන් 10 ක එසවුම් ධාරිතාවක් සමඟින් සමන්විත වේ.තවද මෙහි ද්විත්ව ප්‍රවේශ පඩිපෙළ (dual access stairways),  ක්‍රියාකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වන anti-slip platforms, handrails සහ LED working lights ඇතුලත් වේ. මෙහි තවත් සුවිශේෂී විශේෂාංග අතරට, වසරක කාලයක් පුරාවට පිරිනමන බලපත්‍රයක් සහිත, ‘Kalmar Insight’  පද්ධතිය සහ  Hydraulic Pile Slope සමගින් එන lockable fuel cap හැඳින්විය හැකිය.

SAGT සඳහා DIMO විසින්, ISO 20’/40’ laden high cube බහාලුම් හැසිරවිය හැකි, Kalmar Essential Reachstacker DRU45 සපයා ඇති අතර, මෙය පරිසර හිතකාමී එන්ජිමක් සමගින් පැමිණෙන අතර, මෙහෙයුම්කරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා, ගිනි නිවන පද්ධති (fire suppression system) වැනි අද්විතීය විශේෂාංග ඇතුළත්ව පැමිණේ. Kalmar Essential Reachstacker DRU45 හැසිරවීමට පහසු වන අතර, එහි මෙහෙයුම් චක්‍රය පුරාවට ඉහළ කාර්ය සාධනයක් සහතික කරමින්, අවම පිරිවැයක් සහතික කරයි.

ඉහළ මෙහෙයුම් කාර්යසාධනයක් අපේක්ෂා කරන සමාගම් සඳහා Kalmar විසින් තත්වයෙන් උසස් කාර්යක්ෂම නිෂ්පාදන රැසක් වෙළඳ පොළට ඉදිරිපත් කර ඇත. DIMO හි ඉංජිනේරුමය විශිෂ්ටත්වය සමඟ ඒකාබද්ධ වෙමින්, දේශීය වරාය සහ අභ්‍යන්තර පර්යන්තය බහාලුම් මෙහෙයුම් සංවර්ධන ක්‍රියාවලියට සහාය වීම සඳහා   Kalmar විසින් විශාල දායකත්වයක් සපමින් සිටියි. සියලුම Kalmar උපකරණ DIMO හි ඉංජිනේරු විශිෂ්ටත්වය සහ අසමසම අලෙවියෙන් පසු සේවාවන් සමඟින් පාරිභෝගිකයා අතට පත්වේ.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *