Sinhala

Varun Beverages Lanka (PepsiCo Bottlers) 5S කණ්ඩායම විසින් ලෝක ළමා දින විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කරයි

Varun Beverages Lanka (Pvt) Ltd යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයෙකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින් පසුගිය දිනක යෙදී තිබුණු ලෝක ළමා දිනය වෙනුවෙන්  අමතක නොවන සැමරුම් උත්සවයක් පවත්වන ලදී.  5S කණ්ඩායම විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය ඔස්සේ  සමාගම තුළ සාමූහිකත්වය පෝෂණය කරමින්   ප්‍රජා සහභාගීත්වය වර්ධනය කිරීම මෙන්ම   ධනාත්මක වැඩ පරිසරයක් සකස් කිරීම ආදී  වටිනා අරමුණු රැසක් සාක්ශාත් කර ගැනීමට අපේක්ෂා කෙරිණි.

විනෝදාත්මක හා අධ්‍යාපනික ක්‍රියාකාරකම්වලින් පිරුණු මෙම  අවස්ථාව සඳහා සමාගමේ කාර්ය මණ්ඩලය  ඔවුන්ගේ දරු දැරියන්  සහ පවුලේ සාමාජිකයන්  සමඟ එක්ව සිටි අතර තම ශ්‍රම බලකාය සමාගම සතු වැදගත්ම  වත්කම ලෙස සලකමින් Varun Beverages Lanka (Pvt) Ltd ඔවුන් වෙනුවෙන් සිදුකරන කැපවීම පිළිබඳව එය කදිම සාක්ෂියක් විය.

මෙහිදී 5S කණ්ඩායමේ ලේකම් රනිල් සිල්වා මහතා උත්සවයේ වැදගත්කම අවධාරණය කරමින් මෙසේ ප්‍රකාශ කළේය.“Varun Beverages Lanka (Pvt) Ltd. ලෙස අප නිරන්තරයෙන්ම අපගේ කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුල්වල යහපැවැත්ම පිළිබඳව අවධානය යොමු කරනවා. අපගේ සාර්ථකත්වයේ පදනම වන ඔවුන්ගේ, සතුට සහ සංවර්ධනය අපට ඉතාමත් වැදගත්. මෙම අවස්ථාව  ඔවුන් වෙනුවෙන් අප ආයතනය සිදුකරන  කැපවීම ප්‍රදර්ශනය කරන අවස්ථා අතරින් එකක් පමණයි.”

5S මූලධර්ම පිළිබඳව දරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් නිර්මාණය කරන ලද  ක්‍රීඩා ද මෙහි ක්‍රියාකාරකම්වල අන්තර්ගත වූ අතර ඉගෙනීම සහ වර්ධනය යන මූලික තේමාව අරුත් ගන්වමින් ප්‍රශ්න විචාරාත්මක තරඟ , කථික තරඟ සහ විවිධ තරඟ රැසක් ද සංවිධානය කර තිබුණි. කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සක්‍රීය සහභාගීත්වය තුළින් Varun Beverages Lanka (Pvt) Ltd. ප්‍රජාව තුළ ඇති ශක්තිමත් බැඳීම සහ එකමුතුකම මැනවින් ප්‍රදර්ශනය විය.

Varun Beverages Lanka (Pvt) Ltd නිරන්තරයෙන් කාර්ය මණ්ඩල සේවකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මෙන්ම   ප්‍රජාවගේ එකමුතුකම ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාකාරකම්වල නිරත වන අතර මෙම ළමා දින සැමරුමද සමාගමට සිය වටිනාකම් ශක්තිමත් කර ගැනීමට මෙන්ම දේශීය ප්‍රජාව සමඟ ඇති   සබඳතාව   සවිමත්   කර ගැනීමට ද අවස්ථාවක් විය.

මෙරට තුළ සුවිශේෂී නිෂ්පාදන බෙදා හැරීමට පමණක් නොව සිය සේවක ප්‍රජාවගේ  සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ඇගයුම ද හිමි වන  සේවා පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ද Varun Beverages Lanka (Pvt) Ltd කැපවී සිටියි.මෙම ලෝක ළමා දින විශේෂ සැමරුම  සමාගමේ අඛණ්ඩ කැපවීම හොඳින් ප්‍රදර්ශනය කරන තවත්  එක් නිදර්ශනයකි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *