Sinhala

හච්, SLIM DIGIS 2.1 හිදී වැඩිම සම්මාන ලැබූ ටෙලිකොම් සන්නාමය බවට පත් වෙයි

ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, පසුගිය දා පැවති SLIM DIGIS 2.1 වාර්ෂික සම්මාන උළලෙහි රිදී සම්මාන දෙකක් සහ ලෝකඩ සම්මානයක් දිනා ගැනීමට සමත් විය. හච්, විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඩිජිටල් නවෝත්පාදනවල ප්‍රමුඛයා බවට පත්කිරීමට ඔවුන්ගේ නවීනතම ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාර ඉමහත් ශක්තියක් වී ඇත.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්  හච් හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේ මෙවැන්නකි. ” SLIM DIGIS 2.1 සම්මාන උළෙලේ මෙම කීර්තිමත් සම්මාන දිනා ගැනීමට ලැබීම අපට ගෞරවයක් වගේම, ඉතාමත් ආඩම්බරයක්. මෙය ශ්‍රී ලංකාව තුළ අපගේ ඩිජිටල් ව්‍යාපාරවල ඉහළ ගුණාත්මකභාවය නිර්වචනය කළ ජයග්‍රහණයක්. ඒ වගේම අපගේ සමස්ත කණ්ඩායම සහ ඩිජිටල් සහකරු වන  Digibrush එක්ව කළ කැපවීම සහ උනන්දුව නිසාම අපට මෙම සම්මාන දිනා ගැනීමට හැකියාව ලැබුණා. මෙම ජයග්‍රහණය වෙනුවෙන් මම ඔවුන්ට සුබ පතනවා.”

Digital Excellence සඳහා වූ ටෙලිකොම් අංශයේ කාණ්ඩ දෙකක් යටතේ, “Unlimited YouTube” සහ “100% Anytime Data” පැකේජයන් වෙනුවෙන් සිදු කළ අලෙවිකරණ ව්‍යාපාර සඳහා පිළිවෙළින් රිදී සහ ලෝකඩ ජයග්‍රහණයන් හිමිකර ගැනීමට හච් සමත් විය.

සියලු කර්මාන්ත සඳහා පොදුවේ පිරිනැමෙන කාර්ය සාධන අලෙවිකරණ සම්මානයක් වන “Cross Speciality Award” රිදී සම්මානය ද හච් හිමි කරගත් අතර එය අලෙවිකරණ ආයෝඡනවල ආදායම සහ ප්‍රතිලාභ උත්පාදනය කිරීම සඳහා අලෙවිකරණ අරමුදල් කෙතරම් හොඳින් භාවිත කර තිබේ ද යන්න මත පදනම්ව  විනිශ්චය කරනු ලැබේ.

Digibrush හි සම නිර්මාතෘ හිෂාම් සුල්ෆිකර් මහතා පැවසුවේ “හච් සමඟ අපගේ අපූරු හවුල්කාරිත්වය පිළිබඳව අපි ආඩම්බර වන අතර, මෙම කීර්තිමත් සම්මාන සමඟින් අප සමරන සාර්ථකත්වය, වර්ධනය, නවෝත්පාදනයන් සහ නිර්මාණශීලීත්වය හච් සහ අප අතර ඇති සහයෝගීතාවයේ ප්‍රතිඵලයකි.”

මෙම සම්මානයන් හච් සිය පාරිභෝගික සන්නිවේදන නවෝත්පාදනයන් කෙරෙහි දක්වන අවධානයට ප්‍රබල සාක්ෂියකි. වසංගත කාලය පුරාවට, හච් සිය සන්නිවේදන කටයුතු පාරිභෝගිකයින්ට ඉතා පහසුවෙන් ළඟ විය හැකි ලෙස පරිවර්තනය කළ අතර SLIM DIGIS 2.1 විසින් පිළිගත් නවතම ඩිජිටල් යටිතල පහසුකම් ක්‍රියාවට නංවමින් ඔවුන්ගේ අලෙවිකරණ ව්‍යාපාර විශාල ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා වීම සහතික කිරීම සඳහා ඔවුන් ඩිජිටල් අලෙවිකරණ ප්‍රයත්නයන් පුළුල් ලෙස භාවිතා කළහ. හච් හි අලෙවිකරණ ප්‍රයත්නයන්ගේ ඇති අනන්‍යතාවය නිසා සියලු කර්මාන්ත අභිබවමින් මෙම  රිදී ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට හච් සමත් විය. SLIM DIGIS 2.1 සඳහා ප්‍රවේශය ලබාගත් 140 කට අධික බහු ජාතික, දේශීය සන්නාම, දේශීය සහ ජාත්‍යන්තර නියෝජිතායතන අතරින් හච් මෙම රිදී සම්මානය හිමිකර ගැනීම අති විශිෂ්ට කැපීපෙනෙන ජයග්‍රහණයකි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් පවත්වනු  ලබන SLIM DIGIS 2.0, අලෙවිකරණ ක්ෂේත්‍රයේ ඉමහත් පැසසුමට ලක්වන සම්මාන උළෙලකි. එමගින් ඩිජිටල් අලෙවිකරණ ක්‍ෂේත්‍රයේ නවෝත්පාදනයන් හඳුනා ගනිමින් ඒවා සවිබල ගන්වයි. බැංකු හා මූල්‍ය, රක්ෂණ, විදුලි සංදේශ, තොරතුරු තාක්ෂණ, අන්තර්ජාල, ආගන්තුක සත්කාර, සංචාරක වැනි ක්ෂේත්‍ර ගණනාවක හොඳම ඩිජිටල් ව්‍යාපාරයන් SLIM DIGIS විසින් වාර්ෂිකව අගයයි.

ඡායාරූප විස්තරය:

(වමේ සිට දකුණට) හච් හි අලෙවිකරණ සන්නිවේදන ප්‍රධානී රජීව් ඩේවිඩ්, හච් හි ඩිජිටල් ප්‍රධානී නිශාදි හේරත්, හච් හි ප්‍රධාන අලෙවිකරණ නිලධාරි, හම්ඩි හසන්, හච් හි ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා, Digibrush හි සම නිර්මාතෘ හිෂාම් සුල්ෆිකර්, Digibrush හි ප්‍රධාන විධායක නිලධාරි ජිෆ්රි ජමීල්, Digibrush හි ඩිජිටල් අලෙවිකරණ කළමනාකරු අඛිල් නිසාම් සහ හච් හි වෙබ් සොලුෂන් ප්‍රධානී ජෙහාන් මන්නන්

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *