Sinhala

සිංගර් විසින් ලොව ප්‍රමුඛ Epson බිස්නස් ප්‍රොජෙක්ටර්ස් වෙළඳ පොළට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර් වෙතින් නව වසර සඳහා සුවිශේෂී ආරම්භයක් සනිටුවහන් කරමින් ලොව ප්‍රමුඛ  Epson සන්නාමයේ බිස්නස් ප්‍රොජෙක්ටර්ස් මාදිලි රැසක් වෙළඳ පොළට නිකුත් කර ඇත.

ප්‍රොජෙක්ටර් සඳහා ලොව ප්‍රමුඛ ගෝලීය වෙළඳ සන්නාමයක් වන Epson සහ සිංගර් අතර ඇතිකරගත් ප්‍රධාන පෙළේ හවුල්කාරීත්වයේ ප්‍රථිපලයක් ලෙස මෙම නවතම නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතරට පත් විය.  මෙම හවුල්කාරීත්වය හරහා සිංගර් හි තාක්ෂණික නිෂ්පාදන පෙළ තව දුරටත් ශක්තිමත් වූ අතර, 50කට අධික සිංගර් හා බැඳුණු විශිෂ්ඨ සන්නාම පෙළ අතරට Epson සන්නාමය විශිෂ්ට එකතුවක් වනු ඇත. 

2019 වර්ෂයේදී Epson සන්නාමය 41.4% ක ගෝලීය වෙළෙඳ පොළ කොටසකට සහ 44.4%ක දකුණු ආසියානු වෙළෙඳ පොළ කොටසකට හිමිකම් කියන ලද ලොව අංක එකේ ප්‍රොජෙක්ටර් සන්නාමයක් බවට පත්විය. උසස් ජපන් තාක්ෂණය සමඟින් ඉහළම ගුණත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයාට ඉදිරිපත් කිරීම Epson සන්නාමයේ විශේෂත්වය වන අතර,  ඔවුන්ටම අවේනික වූ 3LCD තාක්ෂණය වඩාත් පැහැදිළි, විචිත්‍රවත් සහ තරඟකාරී නිෂ්පාදන හා සැසදීමේදී තුන් ගුණයකින් වැඩි වර්ණ දීප්තියක් සහිත රූප රාමු ලබා දෙයි. 

සමාගම් සඳහා වඩාත් කාර්යක්ෂම ලෙස ඉදිරිපත් කිරීම් (presentations) සිදු කිරීම සඳහා මෙන්ම චිත්‍රපට නැරඹීම වැනි විනෝදාත්මක කටයුතු සඳහා මෙලෙස හඳුන්වා දුන් නවතම ප්‍රොජෙක්ටර්ස් ඉවහල් වේ. උසස් තත්ත්වයේ ප්‍රොජෙක්ටර් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඕනෑම අයෙකුට දැන් දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාරවලින් සහ www.singer.lk වෙබ් අඩවිය හරහා Epson EB-X05, Epson EB-X41 සහ  Epson EB-S05 මාදිලි වල ප්‍රොජෙක්ටර් මිලදී ගැනීමේ හැකියාව පවතී.

මෙම නවතම Epson නිෂ්පාදන පෙළ පිළිබඳ අදහස් දක්වමින්  සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා මෙලෙස පැවසීය. “නව වසරේ අප වටිනා පාරිභෝගිකයින් ඉලක්ක කර ගනිමින්, ලොව ප්‍රමුඛ Epson සන්නාමය සමඟ  අත්වැල් බැඳ ගනිමින්, ප්‍රොජෙක්ටර් මාදිලි පෙළක් වෙළඳ පොළට නිකුත් කිරීමට හැකි වීම පිළිබඳ අප සතුටට පත් වනවා. දැන් ව්‍යාපාරික හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා අවශ්‍ය ප්‍රොජෙක්ටර් දිවයින පුරා විසිරුණු සිංගර් ප්‍රදර්ශනාගාර වලින් සහ වෙබ් අඩවිය ඔස්සේ මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයින්ට හිමි වනවා.  එලෙසම ඉදිරියේදී අප පාරිභෝගිකයින් වෙත ඉහළම තත්ත්වයේ නිෂ්පාදන හඳුන්වා දීමට විශිෂ්ට ගෝලීය සන්නාම සමඟ එක් වීමට අප නිරතුරුවම ක්‍රියා කරන අතර  තවත් Epson ඩිජිටල් නිෂ්පාදන රැසක් ඉදිරියේදී වෙළඳ පොළට නිකුත් කිරීමට අප බලාපොරොත්තුවෙන් සිටිනවා”.

 මෙම සියලුම ප්‍රොජෙක්ටර් මාදිලි ඉහළ බල කාර්යක්‍ෂමතාවයකින්, රැගෙන යාමේ පහසුවකින් යුක්ත වන අතර, අවම මිලකට මිලදී ගැනීමේ හැකියාව පවතී. නවතම ප්‍රොජෙක්ටර් මාදිලි සියල්ලම Epson 3LCD තාක්ෂණය, RGB liquid crystal තාක්ෂණය, කල් පවතින light source වැනි පොදු ලක්ෂණයන්ගෙන් සමන්විත වන අතර,  අඟල් 30 සිට අඟල් 300 දක්වා තිර ප්‍රමාණයක් ළඟා කරගත හැකි අතර, ප්‍රොජෙක්ෂන් දුර මීටර් 2.17 ක් දක්වා  ක්‍රියා කල හැකිය. තවද මෙම නවතම ප්‍රොජෙක්ටර් AV mute slide, automatic keystone correction, built-in speaker, longer lamp life සහ  Wi-Fi connectivity වැනි සුවිශේෂී විශේෂාංග වලින් සමන්විත වන අතර Blackboard, Cinema, Dynamic, Presentation සහ SRGB වීඩියෝ වර්ණ මාදිලිද ඉදිරිපත් කරයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *