Sinhala

2021 SLASSCOM National Ingenuity සම්මාන උළෙල සඳහා ඉහළ අයදුම්පත් ප්‍රමාණයක් – විනිශ්චය කිරීමේ ක්‍රියාවලියද ආරම්භ වේ

දේශීය තොරතුරු තාක්ෂණ / BPM කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා වූ ජාතික නියෝජිතායතනය වන, ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් අති සාර්ථක තෙවන වරටත් සංවිධානය කෙරුණු  Ingenuity Awards 2021 සඳහා අයදුම්පත් භාර ගැනීම පසුගියදා අවසන් කරන ලදී.

ශ්‍රී ලංකාව පුරා විසිර සිටින විශිෂ්ටතම තාක්ෂණික ක්ෂේත්‍රයේ නවෝත්පාදකයින් හඳුනා ගැනීම සහ ඇගයීමේ ප්‍රමුඛ අරමුණ ඇතුව ක්‍රියාත්මක වන මෙම ඇගයීම් උළෙල සඳහා දිවයිනම ආවරණය වන පරිදි විශාල අයදුම් පත්‍ර ගණනාවක් ලැබී ඇති බව වාර්තා වේ. 

විවිධ වයස් කාණ්ඩ, විවිධ මට්ටම් සහ ප්‍රමාණයේ ව්‍යාපාර, විශ්ව විද්‍යාල සහ පාසල් ඇතුළු සමස්ත ශ්‍රී ලංකාවම නියෝජනය වන අන්දමින් සංවිධානය කෙරෙන මෙම සම්මාන උළෙල මඟින් නවෝත්පාදන සහ නව්‍යකරණයන් හඳුනගෙන ප්‍රතිලාභ ලබා දීම සිදු කරයි. විශේෂයෙන්ම ප්‍රාථමික මට්ටමේ නවෝත්පාදකයින් හඳුනාගෙන ඔවුන් ජාතික තලයට රැගෙන යාමේ පුරෝගාමීන් ලෙස SLASSCOM National Ingenuity සම්මාන උළෙල  නම් දරා තිබේ. 

මේ පිළිබඳ අදහස් දක්වමින් SLASSCOM හි  ව්‍යවසායකත්ව හා නවෝත්පාදන සංසදයේ ප්‍රධානී ප්‍රියන්ත බෙත්මගේ මහතා මෙලෙස පවසා සිටියි.   “මෙවර සම්මාන උළෙල සඳහා අපට මුළු දිවයිනම ආවරණය වන පරිදි අයදුම් පත්‍ර රැසක් ඉදිරිපත් වී තිබුණා. මෙම සියලුම අයදුම් පත්‍ර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ/ BPM කර්මාන්තයේ ඉහළ පෙළේ වෘත්තිකයන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක්  කිරීම සිදු කරමින් පවතිනවා”

දේශීය හා විදේශීය ජ්‍යෙෂ්ඨ කර්මාන්ත වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසින් මෙවර අයදුම් පත් විනිශ්චය කිරීමේ ක්‍රියාවලිය ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව මාර්ගගත (Online) ආකාරයට, පූර්ණ විනිවිදභාවයකින් සහ සාධාරණ අන්දමින් සිදු කරයි.  මෙහිදී විනිසුරුවන් විසින් ඔවුන්ගේ ක්ෂේත්‍ර අත්දැකීම් සහ ප්‍රවීණතාව යොදා ගනිමින් හොඳම ප්‍රවේශයන් තෝරා ගැනීම සඳහා ඉහළ කැපවීමකින් කටයුතු කරයි. 

ජාතික මට්ටමේ ජයග්‍රහකන් ඇගයීම සිදු කරන  මෙවර  සම්මාන උළෙල 2021 මාර්තු 30වන දින කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

“SLASSCOM National Ingenuity සම්මාන උළෙලේ සමස්ත ඇගයීමේ නිර්ණායක, කර්මාන්තයේ හොඳම භාවිතයන් සහ විවිධ තේමාවන් සඳහා වූ පරාමිතීන් සලකා බලමින්, සාකල්‍ය ප්‍රවේශයක් තුළින් නිර්මාණය කර ඇති අතර, එහිදී සැමට සාධාරණ විනිශ්චයක් ලබා දීම සඳහා අප විනිසුරු මඩුල්ල කැපවී ක්‍රියා කරනවා” මේ පිළිබඳ අදහස් දැක්වූ SLASSCOM National Ingenuity සම්මාන උළලේ අනුකමිටු ප්‍රධානි චතුරංග මනමේන්ද්‍ර මහතා පවසා සිටියි. 

මෙම වසරේ සම්මාන උළෙල සඳහා විශ්ව විද්‍යාල සහ පාසල් සඳහා වූ සම්මාන ඇතුළුව ආකර්ෂණීය සම්මාන කාණ්ඩ රැසක් ඇතුළත් වේ. ඒවා නම්,  හොඳම නිෂ්පාදන නවෝත්පාදනය, හොඳම සේවාලාභී බෙදාහැරීමේ නවෝත්පාදනය, හොඳම තාක්‍ෂණ නව්‍යකරණය, ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණයේ හොඳම නවෝත්පාදනය, අභ්‍යන්තර ක්‍රියාවලීන්හි හොඳම නවෝත්පාදන, හොඳම ආරම්භය, වසරේ නැඟී  එන කාන්තා තාක්ෂණ ව්‍යවසායිකාව, හොඳම නවෝත්පාදන නිෂ්පාදන / ව්‍යාපෘතිය – විශ්ව විද්‍යාල, හොඳම නව්‍ය නිෂ්පාදන / ව්‍යාපෘතිය – පාසල් වේ. 

මෙවර ජාතික සම්මාන උළෙල සඳහා අනුග්‍රහකයන් වන්නේ MilleniumIT ESP- උපායමාර්ගික අනුග්‍රාහක, Axiata Digital Labs- තාක්ෂණික අනුග්‍රාහක, Wiley- ප්‍රධාන අනුග්‍රාහක, London Stock Exchange Group- නවෝත්පාදන හවුල්කරු, Dialog Axiata PLC-ආයතනික අනුග්‍රාහක සහ  Hatch- Startup Eco-system හවුල්කරුයි.

ඡායාරූප විස්තරය

SLASSCOM හි  ව්‍යවසායකත්ව හා නවෝත්පාදන සංසදයේ ප්‍රධානී ප්‍රියන්ත බෙත්මගේ සහ SLASSCOM National Ingenuity සම්මාන උළලේ අනුකමිටු ප්‍රධානි චතුරංග මනමේන්ද්‍ර

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *