Sinhala

නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා දේශසීමා සහයෝගීතාවය වැදගත් වේ.

නීතිවිරෝධී ලෙස මිනිස් ජාවාරම් කිරීම වැළැක්වීම සවිමත් කිරීම පිළිබඳව සිදුකළ විශේෂ මාධ්‍ය හමුවක් ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමා මෙහෙයුම් බලකායේ ප්‍රධාන අණ දෙන නිලධාරී රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් (CSC, RAN) මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම සතියේ කොළඹ දී සිදුකළ සංචාරයකදී පැවැත්විණි.

ඔහුගේ මෙම සංචාරය සිදුවූයේ පසුගිය මැයි මස මුලදී වාලච්චේන ප්‍රදේශයේ සිට නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට බෝට්ටුවකින් සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු  ඕස්ට්‍රේලියානු රජය විසින් සිදුකළ ස්වෛරී දේශසීමා මෙහෙයුමකින් පසු මෙරටට හරවා එවීමෙන්  අනතුරුවය.

මෙම මාධ්‍ය හමුවේදී  අදහස් දක්වමින් රියර් අද්මිරාල් ජෝන්ස්  මහතා මෙසේ පැවසීය. “නීතිවිරෝධී මිනිස් ජාවාරම් මැඬලීම උදෙසා ඇති කරගනු ලැබූ හවුල්කාරීත්වය ඉතා වටිනවා. මෑතකදී දෙපාර්ශවය එක්ව සිදුකරන ලද අන්තර්නිරෝධනය එයට කදිම සාක්ෂියක්. එම ප්‍රකාශය තවදුරටත් පැහැදිලි කරමින් ඔහු  මෙසේ අදහස් දැක්වීය. මෙම නීතිවිරෝධී සංචාරවල ඇති අනතුරුදායක බව සහ ප්‍රතිවිපාක පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීමේ වැදගත්කම එම මැඬලීමේ මෙහෙයුම් මඟින් අපට අනාවරණය වුණා.”

ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ද මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡාව සමග සම්බන්ධ වී සිටි අතර නීති විරෝධි මිනිස් සංක්‍රමණ පිළිබඳව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය  ඔහු එහිදී මෙසේ ඉදිරිපත් කළේය. “ජනතාව දුක් මහන්සියෙන් උපයාගත් ඉතුරුම් මෙවැනි නීතිවිරෝධි මිනිස් සංක්‍රමණ සඳහා යෙදවීමට පෙළඹෙන්නේ මෙම ජාවාරම්කරුවන් විසින් එම නීතිවිරෝධී සංක්‍රමණ සාර්ථක වන බවට පවසන බොරු විශ්වාස කිරීම නිසායි. එහෙත් ඒවා කිසිසේත්ම සිදු නොවන හුදෙක් වංචාකාරී ක්‍රියාවන්  බව  අප ජනතාවට අවබෝධ කරවිය යුතුයි. මෙවැනි ප්‍රජා දැනුවත් කිරීම් හරහා අප ඔවුන්ට එහි ඇති අනතුරුදායක බව සහ නෛතික පසුබිම පිළිබඳව සත්‍ය අවබෝධය ලබාදීම ඉතා අත්‍යවශ්‍ය කරුණක්.” 

මෙහිදී ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා නීතිවිරෝධී මුහුදු ජාවාරම් වැළැක්වීම සහ මැඬලීම සඳහා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින හවුල්කාරිත්වයේ සඵලතාවය ඇගයීමට ලක් කරමින් මෙසේ සඳහන් කළේය. “පුද්ගල ජාවාරම් සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා පොලීසිය ඕස්ට්‍රේලියාව සමඟ ඉතා සමීපව කටයුතු කරනවා. අවදානමට ලක්විය හැකි පුද්ගලයින් මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වීම නැවැත්වීම අපගේ අරමුණයි.”

මෙම සබඳතාවයේ සාර්ථකත්වය මැනවින් පිළිබිඹු වන එක් අංගයක් ලෙස නීතිවිරෝධී මිනිස් ජාවාරමට එරෙහි  ඕස්ට්‍රේලියානු රජයේ  ‘Zero Chance’  සන්නිවේදන ව්‍යාපාරය දැක්විය හැකිය. එය වෙළෙඳ ප්‍රචාරණ සහ ප්‍රජා සම්බන්ධීකරණ නාලිකා රාශියක් හරහා රට පුරාම සාර්ථකත්ව බෙදා හැරීම සිදු කෙරිණි.  එම සන්නිවේදන ව්‍යාපාරය හරහා  ඕස්ට්‍රේලියාවේ ශක්තිමත් දේශසීමා ආරක්ෂණ ප්‍රතිපත්ති , නීතිවිරෝධී සංක්‍රමණ සහ මුහුදු ගමන්වල ඇති අනතුරුදායක බව පිළිබඳව නීතිවිරෝධී සංක්‍රමණිකයන් දැනුවත් කිරීම මෙන්ම මිනිස් ජාවාරම්කරුවන්ගේ  ක්‍රියාකලාපයන් ආදි කරුණු රැසක් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සිදු කරයි.

මෑත කාලීනව සිදු කරන ලද ප්‍රජා පාදක  පර්යේෂණ මඟින් ඕස්ට්‍රේලියාවේ පවතින දැඩි දේශසීමා ආරක්ෂණ ප්‍රතිපත්ති පිළිබඳව ශ්‍රී ලාංකිකයන් අතර ඉහළ මට්ටමක දැනුවත්භාවයක් ඇති බව පැහැදිලි වූවද  අනවසර මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පැමිණීමට උත්සාහ කිරීමේ නීතිමය ප්‍රතිවිපාක පිළිබඳව ඔවුන් තුළ ඇත්තේ විවිධ මට්ටමේ දැනුම පරාසයන් බව අනාවරණය වී ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් රියර් අද්මිරාල් ජෝන්ස් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “සමීක්ෂණයට ලක් වූවන්ගෙන් පුද්ගලයන් 97% දෙනෙකුටම නීතිවිරෝධී සමුද්‍ර සංක්‍රමණය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැඩි අවබෝධයක් තිබුණා. මෙවැනි මට්ටමක පවතින දැනුවත්භාවය තුළින් අපට පසක් වන්නේ ශ්‍රී ලංකාවේ විවිධ සමාජ-ආර්ථික කණ්ඩායම් වෙත  Zero Chance පණිවිඩය ව්‍යාප්ත කිරීම සඳහා අපගේ ශ්‍රී ලාංකික හවුල්කරුවන් දක්වා ඇති කැපවීමයි. එහෙත් මේ පිළිබඳව සිදුකරන අපගේ ඒකාබද්ධ වැඩ කටයුතු කිසිදිනක  නතර වෙන්නේ නැහැ. එවැනි භයානක ගමන්වල නිෂ්ඵල බව සහ අනතුරුදාය බව කොතෙක්දැයි මට අවධාරණය කළ නොහැකි තරම්. එවැනි නීතිවිරෝධී සමුද්‍ර සංක්‍රමණයක්  සාර්ථතක වීමට ඇත්තේ ශුන්‍ය අවස්ථාවක් .”

ඕස්ට්‍රේලියාවේ දේශසීමා ආරක්ෂණ ප්‍රතිපත්ති පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා www.australia.gov.au/zerochance වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *