Sinhala

M Power Capital නායකත්වයේ නවමු යුගයකට පිවිසෙයි

දිවයිනේ ප්‍රමුඛතම ආයෝජන බැංකු සමාගමක් වන M Power Capital ආයතනය විසින් 2023 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි එහි නව සභාපතිවරයා ලෙස ජෙහාන් ඉස්මයිල් මහතා ද නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස නවීන් සමරසේකර මහතාද පත් කිරීම පිලිබඳ සමාගම සිය ප්‍රසාදය පළකරයි. සමාගමේ නායකත්වය වැඩිදියුණු කිරීම සහ අනාගත වර්ධනය වෙනුවෙන් සිදුකරන උපායමාර්ගික ප්‍රතිව්‍යුහගතකරණයේ පියවරක් ලෙස මෙම පත්වීම සිදුකරන ලදී.

මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ අත්දැකීම් සම්භාරයක් සතු ඉස්මයිල් මහතා, මෙම සමාගමේම කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇති අතර සමාගමේ මෙහෙයුම්, දැක්ම සහ වටිනාකම් පිළිබඳව මනා දැනුමක් ද ඔහු සතු වේ. සමාගමේ නව සභාපතිවරයා ලෙස, වෙළෙඳපොළ තුළ සමාගමේ ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය උපාය මාර්ගික මග පෙන්වීම සහ නායකත්වය ඔහු විසින් ලබාදෙනු ඇත.

නව කළමනාකාර අධ්‍යක්ෂවරයා වන නවීන් සමරසේකර මහතා සතුව ආයෝජන බැංකුකරණය පිලිබඳ ගැඹුරු අවබෝධයක් සහ කුසලතා සම්භාරයක් ඇති අතර ඔහුගේ දූරදර්ශී නායකත්වය තුළින් අනාගත ව්‍යාපාරික අවස්ථා ප්‍රයෝජනයට ගැනීමටත්, සිය සේවා පරාසය පුළුල් කිරීමටත් සමාගම සූදානමින් සිටී. එමෙන්ම M Power Capital සිය සමාගමේ අඛණ්ඩතාව, නවෝත්පාදන සහ සේවාදායක කේන්ද්‍රීය වටිනාකම් විදහා දැක්විය හැකි දක්ෂ සුවිශේෂී පුද්ගලයින් හඳුනා ගැනීමට කරන ලද කැපවීම සමරසේකර මහතාගේ පත්වීම තුලින් මනාව පිළිබිඹු කරයි.

හිටපු සභාපති අනිල් කුරේ මහතා සිය තනතුරුවලින් ඉවත් වුවද විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස සමාගමේ සංවර්ධනයට සහ සාර්ථකත්වයට අඛණ්ඩව සිය දායකත්වය ලබාදෙනු ඇත.

මෙම පත්වීම් M Power Capital හි ඉදිරි ගමන්මඟේ වේගවත් පරිච්ඡේදයක් නියෝජනය කරන අතර සිය නව සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සමග එක්ව, ඔවුන්ගේ මගපෙන්වීම යටතේ නව්‍ය විසඳුම් සපයමින් සිය ගනුදෙනුකරුවන්ට ඉහළ වටිනාකමක් ලබා දීමට M Power Capital ආයතනය අපේක්‍ෂා කරයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *