Sinhala

SLIM Restart Resilience 2020 සම්මාන උළලේදී සිංගර් වෙත රන් සම්මානයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර්,  පසුගියදා පැවති SLIM Restart Resilience 2020 සම්මාන උළෙලේදී රන් සම්මානයකින් පිදුම් ලැබීය. එම සම්මානය සිංගර් හට හිමි වී ඇත්තේ Restart Resilience – මහා පරිමාණ ව්‍යාපාර කාණ්ඩය යටතේ වීම සුවිශේෂී වේ. 

2020 වර්ෂය පුරාවට, COVID-19 වසංගතය හමුවේ වූ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින්,  සිංගර් විසින් සිය මෙහෙයුම් සහ අලෙවිකරණ නවෝත්පාදනයන් හරහා වඩාත් කාර්යක්ෂම ලෙස පාරිභෝගිකයින්ට සේවය සැළසීම, ඒ තුළින් ස්ථාවර ව්‍යපාරික කාර්ය සාධනයක් අත්පත් කරගැනීම මෙම සම්මානය දිනා ගැනීම පිටුපස තිබෙන ප්‍රධාන සාධක ලෙස හැඳින්විය හැකිය.  

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද Restart Resilience 2020 සම්මාන උළෙල, Restart Sri Lanka  වැඩසටහනේ කොටසක් වන අතර, එය ව්‍යාපාර සඳහා අවශ්‍ය දිරිගැන්වීම් ලබා දීමට සහ රට තුළ ආර්ථික පුනර්ජීවනය ඇති කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කරයි.  Restart Resilience 2020 සම්මාන උළෙල මඟින් ගෝලීය සෞඛ්‍ය අවධානම් හමුවේ ඇති වන අභියෝග ජය ගැනීම සඳහා අලෙවිකරණ නවෝත්පාදන භාවිත කිරීම, වෙනස් වීම් සඳහා අනුවර්තනය වීමේ හැකියාව සහ ඉදිරියටම ගමන් කිරීම සඳහා වූ නොපසුබට උත්සාහය ඇතුළු සංවිධානවල කැපී පෙනෙන පරිශ්‍රමයන් හඳුනාගෙන ඒවා ඇගයීම සිදු කරයි.

මෙම විශේෂ සම්මානය පිළිබඳ සිය අදහස් දක්වමින්, සිංගර් සමූහ  ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මෙලෙස පවසයි. “COVID 19 වසංගත තත්වයන් හමුවේ ව්‍යාපාරයන් විශාල අභියෝග රැසකට මුහුණ දුන් බව අප සියලු දෙනා දන්නා කාරණයක්.  මෙවන් පසුබිමක් තුළ සිංගර් හට රන් සම්මානයක් දිනා ගැනීමට හැකි වීම අපගේ සියලුම සේවක කණ්ඩායම්හි  අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව මැනවින් පිළිබිඹු කරනවා. මෙම සම්මානය පිටුපස තිබෙන්නේ ඔවුන්ගේ කැපවීම සහ අධිෂ්ඨානයයි. මෙම සම්මානය ඔවුන් සියලු දෙනාගේම මෙන්ම, අපගේ වටිනා පාරිභෝගිකයින් ඇතුළු සියලුම පාර්ශවකරුවන්ගේ ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය”.

මෙම සුවිශේෂී අවස්ථාව  පිළිබඳ අදහස් දක්වමින් සිංගර් හි අලෙවි අධ්‍යක්ෂ  ශනිල් පෙරේරා මහතා මෙලෙස පවසා සිටියි. “SLIM Restart Resilience සම්මාන උළෙලේදී මෙම ගෞරවනීය රන් සම්මානය දිනා ගැනීමට හැකි වීම අපට ඉතා සතුටට කරුණක්. වඩාත් දියුණු සහ නව්‍ය ඩිජිටල් අලෙවිකරණ ක්‍රමවේදයන් ඔස්සේ අපගේ පාරිභෝගිකයන් වෙත සෑම විටම වඩාත් උසස් සේවාවක් සැපයීමට අපට හැකි වුණා. තවද, අපගේ සේවකයින්ගේ ආරක්ෂාව සහතික කරන අතරම ගනුදෙනුකරුවන් හට වඩාත් සුරක්ෂිත සේවාවක් සැපයීම සෑම විටම අපගේ ප්‍රධාන ප්‍රමුඛත්වයක්”.  

පාරිභෝගික භාණ්ඩ අලෙවියේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන විශිෂ්ටතම සේවාවක් පිරි නැමීම හේතුවෙන්, දිවයින පුරා ව්‍යාප්ත ශක්තිමත් පාරිභෝගික පදනමක් ඒ සතුව පවතී. එමෙන්ම, දිනෙන් දින වර්ධනය වන එම පාරිභෝගික පදනමට සරිලන පරිදි, උසස් තත්ත්වයේ ජාත්‍යන්තර සන්නාම පාරිභෝගිකයින් හට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද, සිංගර් ප්‍රසිද්ධියක් උසුලයි. දිවයින පුරා පිහිටි ප්‍රදර්ශනාගාර 430 කට අධික සංඛ්‍යාවක් හා ශක්තිමත් අලෙවි ජාලයක් මෙන්ම www.Singer.lk වෙබ් අඩවියද ඇති සිංගර්, ජාත්‍යන්තර පිළිගත් සන්නාම 50 කට අධික සංඛ්‍යාවක ගෘහ උපකරණ 1200 ක් හා විදුලි උපකරණ 600 ක් පාරිභෝගිකයින් වෙත පිරි නමමින් ශ්‍රී ලංකාවේ විශ්වාසනීය සන්නාමය බවට පත්ව තිබේ.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *