Sinhala

රොසෙල් නවතම සංකල්ප ප්‍රදර්ශනාගාරය ගාල්ලේදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් ඇතුළු බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්,  සාඩම්බර ජීවන රටාවකට නව අත්දැකීමක් මුසු කරමින් ඔවුන්ගේ නවතම සංකල්ප ප්‍රදර්ශනාගාරය පසුගියදා ගාල්ලේදී විවෘත කෙරිණි. 

නො 77, W.D.S අබේගුණවර්ධනය මාවත, පෙට්ටිගලවත්ත, ගාල්ල යන ලිපිනයෙහි පිහිටා තිබෙන මෙම සුවිශේෂී සංකල්ප ප්‍රදර්ශනාගාරය සුඛෝපභෝගී නූතන සහ අංග සම්පූර්ණ ටයිල් හා බාත්වෙයා නිමැවුම් පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කෙරේ. සුවිශේෂී ජීවන ඉඩහසර තුළ විශිෂ්ට නිර්මාණාත්මක ටයිල්, බාත්වෙයා සහ උපාංග ප්‍රදර්ශනය කෙරෙන්නා වූ මෙම ප්‍රදර්ශනාගාරය වෙත පැමිණ නව අත්දැකීමක අසිරිය විද ගන්නා මෙන් රොසෙල් සිය පාරිභෝගිකයන් හට ඇරයුම් කරයි.

පාරිභෝගිකයිනට සිය රුචිකත්වය අනුව අලංකාර නිමාවකින් යුතු ටයිල් හා  බාත්වෙයා කට්ටල මිලදී ගැනීමට අවස්ථාව සපයමින් ගොඩනගා ඇති වර්ග අඩි 7000 ක් පුරා පැතිරුනු මෙම සුඛෝපභෝගී ප්‍රදර්ශනාගාරය රොසෙල් හි 73වන ප්‍රදර්ශනාගාරය ද වේ. 

මේ පිළිබඳ අදහස් දක්වමින් රොසෙල් හි අලෙවිකරණ හා ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ තරණ තෝරදෙණිය මහතා මෙසේ පැවසීය.  “අපගේ ප්‍රදර්ශනාගාර ජාලය තව දුරටත් පුළුල් කරමින් මෙම නවතම සංකල්ප ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමට හැකිවීම පිළිබඳ මා සතුටට පත් වනවා මෙන්ම, මෙම නව  ප්‍රදර්ශනාගාරය හරහා අපගේ වටිනා පාරිභෝගිකයින් සමග සමීප සබඳතාවයක් ගොඩනගා ගැනීමේ අවස්ථාවද උදා වෙනවා. නවතම ප්‍රදර්ශනාගාරය වෙත පැමිණෙන පාරිභෝගිකයින්ට අපගේ පළපුරුදු සේවක මණ්ඩලයේ සහය ඇතුව දර්ශනීය හා උසස් තත්ත්වයේ රොසෙල්  ටයිල් සහ බාත්වෙයා උපාංග මිලදී ගැනීමේ හැකියාව දැන් උදාවී තිබෙනවා”. 

රොසෙල්  1990 දී සිය ව්‍යාපාර ගමන ආරම්භ කළේ සුන්දර ජීවන අවකාශයන් සිය පාරිභෝගිකයින් වෙත නිර්මාණය කිරීමේ අරමුණින් ය.  ශ්‍රී ලාංකීය නාමය ගෝලීය තලයට රැගෙන යන රොසෙල්, සෑම නිෂ්පාදනයක්ම ඉතා සැලසුම්ගතව, ඉහළ ගුණාත්මකභවින්, නවෝත්පාදනය සංකලනය කරමින් පාරිභෝගිකයාට ඉහළම තෘප්තියක් ලබා දෙන ආකාරයට නිපදවනු ලබයි. දීප ව්‍යාප්ත ඕනෑම රොසෙල්  ප්‍රදර්ශනාගාරයක් වෙත පැමිණ නූතන සහ අංග සම්පූර්ණ ටයිල් හා බාත්වෙයා මිලදී ගැනීමට අවස්ථාව දැන් පාරිභෝගිකයින්ට හිමි වේ. 

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *