Sinhala

හේලීස් ඇග්‍රිකල්ච (Hayleys Agriculture) විසින් Kubota යාන්ත්‍රික ගොයම් පැළ සිටුවීමේ තාක්ෂණයෙන් දේශීය ගොවීන් සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි යන්ත්‍රෝපකරණ සැපයුම්කරුවා වන හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited), දශක කිහිපයක් පුරාවට ලොව උසස්ම සහ නවීනතම කෘෂි තාක්ෂණයන් සහ යන්ත්‍රෝපකරණ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින්, දේශීය ගොවීන් සවිබල ගැන්වීමට නිරතුරුවම කටයුතු කර ඇත. ලොව ප්‍රමුඛතම කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදකයෙකු වන Kubota සමඟ එක්ව, නවීන කෘෂි යන්ත්‍රෝපකරණ රැසක් දේශීය වෙළෙඳපොළට හඳුන්වා දෙමින්, නවීන තාක්‍ෂණික කෘෂිකර්මාන්තය වෙත දේශීය ගොවීන් යොමු කිරීමටත්, එමගින් රටේ කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීමටත් තම දායකත්වය ලබාදීමට හේලීස් ඇග්‍රිකල්ච සමාගම සමත් වී ඇත.

වසර 2013 දී, Kubota SPW – 48C ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍රය සමඟ යාන්ත්‍රික ගොයම් පැළ සිටුවීමේ තාක්ෂණය දේශීය කෘෂිකාර්මික වෙළෙඳපොළට හඳුන්වා දෙමින් හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික යාන්ත්‍රිකකරණයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළේය. ගොවිපල යාන්ත්‍රික පර්යේෂණ මධ්‍යස්ථානය (FMRC) මගින් සහතික ලත් Kubota ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍රය දේශීය කුඹුරුවල එහි භාවිතය සහ කාර්යක්ෂමතාවය මනාව තහවුරු කර ඇත.

Kubota ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍රයේ ඇති විශේෂත්වය වන්නේ, පැළ පේලි දෙකක් අතර පරතරය අඟල් 12ක් වන සේ පැළ සිටුවීමට ඇති හැකියාවයි. මෙම පරතරය පවත්වා ගැනීමෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැකිබව පර්යේෂණාත්මකව තහවුරු කර ඇති අතර වීඩරයක් මගින් වල්පැළ ඉවත් කිරීමද පහසු කරයි. මීට අමතරව යන්ත්‍රය මගින් පැළ අතර පරතරය අවශ්‍යතාවය පරිදි අඟල් 4.7 සිට 8.2 දක්වා විවිධ දුර ප්‍රමාණ 5 කට අනුව වෙනස් කිරීමටත්, පැළ සිටුවන ගැඹුර අවශ්‍ය පරිදි සකස් කිරීමටත් හැකියාව ඇත. මෙලෙස Kubota ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍රය භාවිතයෙන්, ඒකාකාරී පරතරයක් ඇතිව ගොයම් පැළ සිටුවීමටත්, වී වැපිරීමට සාපේක්ෂව බිත්තර වී අවශ්‍යතාවය අවම කර ගැනීමටත් හැකියාව ඇත. පෙට්‍රල් එන්ජිමකින් බල ගැන්වෙන මෙම යන්ත්‍රය කාර්යක්ෂමව ඉන්ධන ඉතිරි කර ඵලදායිතාව උපරිම කරයි. එහි ප්‍රමාණය මඩ කුඹුරුවල ක්‍රියා කරවීම ඉතා පහසු කරන අතර එන්ජිමකින් බල ගැන්වෙන නිසා කුඹුරෙහි ඇදගෙන යාම අවශ්‍ය නොවේ. දිනකට කුඹුරු අක්කර 2ත් 2.5ත් අතර ප්‍රමාණයක ගොයම් පැළ සිටුවීමේ හැකියාව Kubota ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍රයට ඇති අතර, යන්ත්‍රයේ පාලන ඒකකය සහ ලීවර හැන්ඩ්ල් නිර්මාණය කර ඇති ආකාරය නිසා ආධුනිකයෙකුට වුවද යන්ත්‍රය පහසුවෙන් හැසිරවිය හැකියි.

Kubota ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍රය පිළිබඳව අදහස් දක්වමින් හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ්හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශයෙහි සාමාන්‍යාධිකාරී සුමිත් හේරත් මහතා පැවසුවේ, “Kubota වැනි ලෝ ප්‍රකට සන්නාමයක් සමඟින් එක්ව, ශ්‍රී ලාංකේය ගොවි ජනතාවට නවීන කෘෂි තාක්‍ෂණය හඳුන්වාදීමේ පුරෝගාමීන් වීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. Kubota ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍රය එහි කාර්යයභාරය කාර්යක්ෂමව ඉටු කිරීමට ඉතා හොඳින් නිර්මාණය කර ඇති අතර, එය භාවිතයෙන් ගොවීන්ට සිය ගොවිතැන් කටයුතු වඩා පහසුවෙන් කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මුලු දිවයිනම ආවරණය වන පරිදි ලබාදෙන විශිෂ්ට අලවියෙන් පසු සේවාව නිසා, මේ වන විට Kubota ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍රය ගොවිමහතුන්ගේ විශ්වාසය දිනාගැනීමට සමත්වී තිබෙනවා. අද වන විට යාන්ත්‍රික ගොයම් පැළ සිටුවීමේ සංකල්පය ලෝකයේ වඩාත් ප්‍රචලිත වෙමින් පවතින අතර, බොහෝ රටවල් විසින් එම තාක්ෂණය සාර්ථකව භාවිතයට ගනු ලබනවා. මෙම Kubota ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍රය පිළිබඳව සහ එහි භාවිතයන් සම්බන්ධව දේශීය ගොවීන් දැනුවත් කිරීමට, නව තාක්ෂණික කෘෂි යන්ත්‍රෝපකරණ පිලිබඳ දැනුමෙන් සහ අත්දැකීම් වලින් පරිපුර්ණ හේලීස් ඇග්‍රිකල්ච (Hayleys Agriculture) හි අපි නිරතුරුවම කටයුතු කරනවා.”

Kubota යනු ලෝ ප්‍රකට කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදකයෙකු වන අතර, ලොව ප්‍රමුඛතම ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍ර සැපයුම්කරුද වෙයි. වී වගාවේ බිම් සැකසීම, නියර බැඳීම, පැළ සිටුවීමේ සිට අස්වනු නෙලීම දක්වා සියලු අදියරයන් සඳහා අවශ්‍ය වන යන්ත්‍රෝපකරණ සියල්ලක්ම දැන් Kubota සන්නාමය යටතේ ශ්‍රී ලාංකීය ගොවීන්ට ලබාගත හැකියි. හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් මේ වන විට ශ්‍රී ලංකාව තුළ Kubota ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍ර 600 කට අධික ප්‍රමාණයක් අලෙවි කර ඇති අතර, වසර ගණනාවක් පුරාවට නවීන කෘෂි තාක්ෂණයන් සහ යන්ත්‍රෝපකරණ ශ්‍රී ලංකාවට හඳුන්වාදෙමින් දේශීය කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට සමාගම ගන්නා උත්සහය බෙහෙවින් අගය කළ යුතුය.

.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *