Sinhala

රාජා ජුවලර්ස් විසින් ආසියානු ක්‍රීඩා උළෙලේ රනින් දස්කම් පෑ තරුෂි කරුණාරත්න ඇගයේ

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා රාජා ජුවලර්ස් විසින් 19වන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම්ලාභී 19 හැවිරිදි තරුෂි කරුණාරත්නගේ විශිෂ්ට ජයග්‍රහණය අගයමින් සැමරුම් වැඩසටහනක් පසුගියදා සංවිධානය කරන ලදී. දිගුකාලීන ඉතිහාසයකට උරුමකම් කියන රාජා ජුවලර්ස් මෙරට ජනතාවගේ ජයග්‍රහණයන් දිරිගැන්වීම වෙනුවෙන් නිරතුරුවම කැපවීමෙන් කටයුතු කරන අතර එහි එක් සුවිශේෂි අවස්ථාවක් ලෙස මෙම සැමරුම් වැඩසටහන හඳුන්වාදිය හැකිය.

2002 වසරෙන් පසු ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම් දිනාදුන් තරුෂි කරුණාරත්නගේ මෙම ඓතිහාසික ජයග්‍රහණය ඇගැයීමට ලක්කරමින් ඇයගේ දක්ෂතාවයට සහයෝගය දැක්වීමට රාජා ජුවලර්ස් පෙරමුණ ගන්නා ලදී. වසර 95කට වැඩි කාලයක් මෙරට ජනතාවගේ විශ්වාසනීයත්වය තහවුරු කළ සමාජ වගකීම් ඉටු කරන සන්නාමයක් ලෙස රාජා ජුවලර්ස් නිරතුරුවම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයන් අගයමින් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම වෙනුවෙන් කැපවී සිටියි.

රාජා ජුවලර්ස් මෑතකදී එළිදක්වන ලද සුවිශේෂි ස්වර්ණාභරණ එකතුවක් වන Twinkle Teen එකතුවෙන් තිළිණයක් හා සුවිශේෂි මූල්‍යමය ත්‍යාගයක් පිරිනමන ලද අතර තරුෂි කරුණාරත්නගේ ජයග්‍රහණය වෙනුවෙන් නිරතුරුවම කැපවෙන ඇයගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු මහතා දැක්වූ දායකත්වය අගයමින් ඔහුට මූල්‍ය තිළිණයක් ලබාදීමට ද රාජා ජුවලර්ස් කටයුතු කරන ලදී.

මෙම ඓතිහාසික අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් රාජා ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂක අතුල එළියපුර මහතා මෙසේ ප්‍රකාශ කරන ලදී. ” සෑබෑ ශ්‍රී ලාංකීය ස්වර්ණාභරණ සන්නාමයක් ලෙස මෙරට ප්‍රජාවගේ අනාගතය වෙනුවෙන් රාජා ජුවලර්ස් නිරතුරුවම කැපවනු ලබනවා. 2023 වසරේ ආසියානු ක්‍රීඩා උළෙලේදී තරුෂි දක්වන ලද මෙම ජයග්‍රහණය ජාතියක් වශයෙන් අපගේ ජයග්‍රහණයක්. රාජා ජුවලර්ස් අප නිරතුරුවම මෙරට ජනතා අභිලාෂයන් හඳුනාගනිමින් ඒවා සාර්ථක කරගැනීම වෙනුවෙන් සහයෝගය දක්වනු ලබනවා. එසේම අපගේ මළල ක්‍රීඩා ශුරයන් දියමන්ති මෙන් දිදුලන ලොවක් බබළන පිරිසක් බවට පත්කිරීම වෙනුවෙන් රාජා ජුවලර්ස් කටයුතු කරනු ලබනවා.”

රාජා ජුවලර්ස් හි ස්වර්ණාභරණ නිර්මාණකරුවන්ට මනා පළපුරුද්දක් සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන් සඳහා කලාත්මක හා ආකර්ශනීය ආභරණ නිර්මාණය කිරීමට ඉහළ හැකියාවක් ඇත.  දියමන්ති, වටිනා ලෝහ, මැණික් ගල් සහ ස්ඵටික භාවිතා කර නව තාක්ෂණය යොදා ගනිමින්  ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට ද රාජා ජුවලර්ස් කටයුතු කරයි. විශිෂ්ට අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිර්මාණය කරන ලද  ස්වර්ණාභරණ  දේශීයව මෙන්ම විදේශීයවද අලෙවි වේ.තවද සියලු වයස් කාණ්ඩවලට ගැලපෙන පරිදි වඩාත් උසස් හා ගුණාත්මක තත්ත්වයෙන් ආකර්ෂණීය මෝස්තර නිර්මාණ රැසක් සමඟින් දිගුකාලීන පාරිභෝගික විශ්වාසය සනිටුහන් කරගැනීමට රාජා ජුවලර්ස් සමත් වී තිබේ.

රාජා ජුවලර්ස්හි අති විශාල අනර්ඝ රන් ආභරණ එකතුව පිළිබඳ වැඩි විස්තර සඳහා www.rajajewellers.com  වෙත පිවිසෙන්න.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *