Sinhala

දේශීය ට්‍රැක්ටර් වෙළඳපොළෙහි ඉහළම කොටස් හිමිකාරිත්වය සමඟින් හේලීස් ඇග්‍රිකල්චර් (Hayleys Agriculture) තවදුරටත් පෙරමුණේ

2023 අප්‍රේල් සහ මැයි දෙමස තුල වැඩිම 4WD ට්‍රැක්ටර් ප්‍රමාණයක් ලියාපදිංචිය සහ අළෙවිය මගින්, ඉහළම වෙළඳපොළ කොටස් හිමිකාරිත්වය තවදුරටත් තහවුරු කර ගැනීමට හේලීස් ඇග්‍රිකල්චර් (Hayleys Agriculture) සමත් වී ඇත. Kubota සහ E-Kubota සන්නාම යටතේ එන ට්‍රැක්ටර් අළෙවියෙන් මැයි මස අවසන් වන විට, මුළු ට්‍රැක්ටර් විකුණුම්වලින් 44% ක සහ රෝද-හතරේ ට්‍රැක්ටර් (4WD) විකුණුම්වලින් 69% ක වෙළඳපොළ කොටස් හිමිකාරිත්වයක් හේලීස් ඇග්‍රිකල්චර් (Hayleys Agriculture) තහවුරු කරගන්නා ලදී.

ලොව උසස්ම කෘෂි තාක්ෂණික විසඳුම් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ ප්‍රමුඛයා වශයෙන් හේලීස් ඇග්‍රිකල්චර් (Hayleys Agriculture) දේශීය ගොවි ප්‍රජාව අතර ලබා ඇති ජනප්‍රියත්වය සහ, ට්‍රැක්ටර් සහ අනෙකුත් කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා දේශයේ විශ්වසනියම සැපයුම්කරු ලෙස ආයතනය දිනාගෙන ඇති නොසැලෙන විශ්වාසය මෙමගින් තවදුරටත් සනාථ වෙයි. මීට අමතරව, තිරසාර කෘෂිකාර්මික විසදුම් හඳුන්වාදීම සඳහා ආයතනය නිරතුරුවම ගන්නා උත්සාහය හේලීස් ඇග්‍රිකල්චර් (Hayleys Agriculture) නාමය ගොවීන් අතර වැඩි ආකර්ශනයක් දිනාගැනීමට හේතු වී ඇත.

හේලීස් ඇග්‍රිකල්චර් (Hayleys Agriculture) සහ ජපානයේ Kubota Corporation අතර ඇති හවුල්කාරිත්වය හරහා මේ වන විට, වී ඒකාබද්ධ අස්වනු නෙළන යන්ත්‍ර (Paddy Combine Harvester), ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍ර (Paddy Transplanter) ඇතුළුව අති නවීන තාක්‍ෂණික කෘෂි යන්ත්‍රෝපකරණ රැසක් දේශීය වෙළඳපොළට හඳුන්වාදී ඇත. ලොව උසස්ම ප්‍රමිතියෙන් යුත් නවීන තාක්ෂණික කෘෂිකාර්මික මෙවලම් මෙරටට හඳුන්වාදීමෙන් දේශීය ගොවීන් සවිබල ගන්වා රටේ කෘෂිකාර්මික ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, ඒ හරහා රටේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා ධනාත්මක බලපෑමක් ඇති කිරීමටත් හේලීස් ඇග්‍රිකල්චර් (Hayleys Agriculture) නිරතුරුවම කැපවී සිටියි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *