Sinhala

Emerald සිය නවතම ශාඛාව වත්තල නගරයේදී විවෘත කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් නවතම ශාඛාව පසුගියදා වත්තල ප්‍රදේශයේදී විවෘත කරන ලදී. නවීන විලාසිතාවන්ගෙන් සහ උසස් ප්‍රමිතියෙන් නිම කරන ලද කමිස, කලිසම් ඇතුළු සම්පූර්ණ ඇදුම් ආයිත්තම් සියල්ල, එකම වහලක් යටින් මිලදී ගැනීමට කදිම අවස්ථාවක් උදා කර දෙමින් නවතම Emerald ප්‍රදර්ශනාගාරය වත්තල දම්රෝ ගොඩනැගිල්ලේ 4 වැනි මහලේ, පාරිභෝගික ඔබ සැම වෙනුවෙන් විවෘතව ඇත.

තම පාරිභෝගිකයින් වෙත ගුණාත්මක සාප්පු සවාරියක අත්දැකීමක් පිරිනැමීමේ අරමුණින්  Leonardo, RUNN, Focus සහ Mansak වැනි වෙළෙඳ නාමවලින් ද සමන්විත පුළුල් පරාසයක විහිදුණු විලාසිතා රැසක් මෙහිදී හඳුන්වා දී ඇත. පාරිභෝගිකයින්ට තමන් කැමතිම ආකාරයේ සුවපහසු විලාසිතාවන් තෝරා ගැනීමට අවස්ථාව ඒ හරහා උදාවන අතර එමඟින් වඩාත් යෝග්‍ය නිවැරැදි  තේරිමක් සහතික කළ හැකිය.

මෙම නවතම ශාඛාව විවෘත කිරීම පිළිබඳව සිය අදහස් දක්වමින් Emerald International ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ, ඒ.එෆ්.එම්. ඉක්රම් මහතා මෙසේ සඳහන් කළේය. “ශ්‍රී ලාංකේය මහත්වරුන් වෙනුවෙන් ගුණාත්මක සහ සුවපසු විලාසිතාවන් ලබාදීමට Emerald ආයතනය ලෙස අප කැප වී සිටිනවා. මෙම නව ශාඛාව, ශ්‍රී ලංකාවේ සියලුම මහත්වරුන් සවිබල ගැන්වීමේ, අපගේ ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර එමඟින් මහත්වරුන්ට ඔවුන්ගේම අනන්‍යතාවන් සහ විලාසිතාවන් ඉහළ නංවා ගැනීමට වේදිකාවක් නිර්මාණය කර දී තිබෙනවා.”

Emerald අද වන විට  මහත්වරුන්ට නැතිවම බැරි  සන්නාමයක්  බවට පත්ව ඇත. මෙම සන්නාමය මගින් අපේ රටේ විලාසිතා මෙහෙයවීමේදී නිෂ්පාදනයේ ගුණාත්මක බව, විශ්වාසනීයත්වය සහ නවෝත්පාදනය ආදී සුවිශේෂි කරුණු නිරූපණය  කරන අතර පුද්ගල පෞර්ෂත්වය සහ විලාසිතාවන් ඉහළ නංවමින් එම නිෂ්පාදනයන් වැළඳ ගැනීමට පාරිභෝගික ප්‍රජාව යොමු කිරීම අරමුණු කරයි. සෑම නිෂ්පාදනයක් සඳහාම ජාත්‍යන්තර මට්ටමේ නිසි ප්‍රමිතීන් පවත්වාගෙන යමින් සෑමවිටම මනා ගුණාත්මකභාවයෙන් සහ සුවපහසු බවෙන් පොහොසත් සමකාලීන නවීන විලාසිතාවන්ට අනුකූලව තම නිෂ්පාදනයන් එළිදක්වන Emerald ආයතනය ISO තත්ත්ව සහතිකයෙන් ද පිදුම් ලබා ඇත.

කලිසම්, කමිස විලාසිතාවේ සිට සාමාන්‍ය එදිනෙදා ගමනට බිමනට  මෙන්ම සන්ධ්‍යා සාදයට ගැළපෙන හැඩකාර Chino කලිසම් විලාසිතාව දක්වාත්, Crew neck T- shirts   විලාසිතාව් සිට Polo T- shirts  විලාසිතාව දක්වාත්  දැවැන්ත පරාසයක විහිදුණු නිෂ්පාදන රැසක් වෙළෙදපලට හඳුන්වාදී ඇති Emerald, සෑම පිරිමි ඇඳුම් විලාසිතා අවශ්‍යතාවයක්ම සපුරමින් විලාසිතා  ලෝලීන්ගේ සිත් ඉහළින්ම දිනාගෙන සිටියි. එමෙන්ම Emerald සන්නාමය යටතේ නිමවා ඇති අභ්‍යන්තර ඇඳුම් එකතුව ද ප්‍රශස්ත සුව පහසුවක් සහතික කරනු ඇත. Emerald ආයතනය ඊළග පරපුරේ මහත්වරුන්වද අමතක කර නොමැත. වයස අවුරුදු 4 සිට 14 දක්වා වූ පිරිමි ළමුන් සඳහාම හඳුන්වා දී ඇති Emerald Junior සුව පහසු ආකර්ෂණීය විලාසිතා රැසක් සමගින් දරුවන්ගේ ආත්ම විශ්වාසය ද තවදුරටත් ගොඩනංවන අතර, එය නිසැකවම ඔබේ පුතුට පිරිනැමිය හැකි අපූරු තිළිණයකි. Emerald නිමැවුම් පෙළෙහි ඇති විවිධත්වය සහ පුළුල් පරාසය මඟින් එය සෑම මහත්වරුන්ගේ පරම්පරාවක් තුළම ඔවුන්ගේම අනන්‍ය විලාසිතා ඇතිකරනු ලබයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *