Sinhala

DIMO දේශීය ගෘහ විදුලි සෝපාන කර්මාන්තයට  TKE “Enta Villa” තුළින් නව මුහුණුවරක් ලබාදේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, TKE වෙතින් ගෙන එන ඉහළ බලශක්ති කාර්යක්ෂමතාවයකින් යුත් “Enta Villa” තුළින්දේශීය ගෘහ විදුලි සෝපාන කර්මාන්තය නව තලයකට ඔසවා තබයි.

ජර්මනියේ සෝපාන සහ එස්කැලේටර් සඳහා ගෝලීය ප්‍රමුඛයා වන TKE සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකම බෙදාහරින්නා, සවිකරන්නා සහ සේවා සපයන්නා ලෙස 2018 දී DIMO පත් වූ අතර අද වන විට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක්ම සම්පූර්ණ කිරීමට DIMO සමත්වී ඇත. 2021 වසර සඳහා හොඳම ගෝලීය බෙදාහරින්නා ලෙස ද TKE විසින් DIMO පිළිගැනීමට ලක් කරන ලදී.

DIMO විසින් නිම කරන ලද ප්‍රධාන ව්‍යාපෘති අතරට කොළඹ 09, කටුබැද්ද, බණ්ඩාරවෙල, මහනුවර පිහිටි Cargills සහ කුරුණෑගල පිහිටි Softlogic Mall වැනි සුපිරි වෙළඳසැල් ඇතුළත් වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා පරිගණක විද්‍යා පීඨය, කැලණිය සහ සබරගමුව විශ්වවිද්‍යාල වල තාක්ෂණ පීඨ සඳහා ද DIMO විසින් ව්‍යාපෘති සම්පූර්ණ කොට ඇත. හෝටල් අංශය තුළ  Barberyn Beach Ayurveda Resort Weligama සහ Radisson Blu Thalpe සඳහා විදුලි සෝපාන විසඳුම් සපයා ඇත. තවත් ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ මාලදිවයිනේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ව්‍යාපෘති දැක්විය හැකිය.

TKE Home Elevator විසඳුම්වල කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස එහි නවීනතම බලශක්ති කාර්යක්ෂම තාක්‍ෂණය දැක්විය හැකි අතර එමඟින් ගෘහස්ථ විදුලි උපකරණ හා සැසඳිය හැකි ආකාරයේ බලශක්ති මට්ටමක් පරිභෝජනය කිරීමට Enta Villa හට හැකියාව ලැබේ. TKE ගෘහ විදුලි සෝපාන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කාර්යක්ෂම විසඳුම් සැපයීම උදෙසා නිර්මාණය කොට ඇත. පේටන්ට් බලපත්‍රලාභී තාක්ෂණයන් පහකින් සමන්විත Enta Villa බාධාවකින් තොර පහසු ස්ථාපන ක්‍රියාවලියක් සහතික කරයි. නිවාස හිමියන්ගේ අවශ්‍යතා වලට සරිලන පරිදි නිමවා ඇති Enta Villa තුළින්  ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු වලට සැප පහසුවක් ලබා දීමට අමතරව  නිවසේ වටිනාකම සැලකිය යුතු ලෙස ඉහළ නංවයි.

DIMO හි විධායක අධ්‍යක්‍ෂ සහ විදුලි සෝපාන සහ එස්කැලේටර් ව්‍යාපාර අංශය අධීක්‍ෂණය කරන විජිත් පුෂ්පවෙල මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “අපි දේශීය විදුලි සෝපාන අංශයේ සැලකිය යුතු වර්ධනයක් අපේක්ෂා කරනවා. මෙම විදුලි සෝපාන, සංචරණ ගැටළු වලින් පීඩා විඳින පුද්ගලයින්ට සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශාල වශයෙන් ප්‍රතිලාභ ලබා දෙනවා. අපගේ ප්‍රජාවන්හි සිහින හා අභිලාෂයන් බලගැන්වීමට කැපවී සිටින සමාගමක් ලෙස, Enta Villa වැනි බලශක්ති කාර්යක්ෂම විසඳුම් ඉදිරිපත් කරමින් ප්‍රජාවන්හි ජීවන තත්ත්වය ඉහළ නැංවීම ට DIMO නිරතුරුවම කටයුතු කරනවා.”

පාරිභෝගික අවශ්‍යතාවයන්ට අනුකූලව නිර්මාණය කරන ලද මෝස්තර හතකින් Enta Villa පැමිණෙන අතර මීට අමතරව, සැබවින්ම සුවිශේෂී අත්දැකීමක් අපේක්ෂා කරන ගනුදෙනුකරුවන් සඳහා වීදුරු දොරවල් සහිත සම්පූර්ණ නිරීක්ෂණ කුටියක ආකාරයෙන්ද නිර්මාණය කරනු ඇත. සිය 24 x 7 x 365 ඇමතුම් සේවාව සමඟින්, DIMO විසින් කාර්යක්ෂ සහ පහසු සේවා අත්දැකීමක් සිය පාරිභෝගිකයින්ට ලබා දේයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *