Sinhala

දත් කුහරවලින් තොර රටක් වෙනුවෙන් කැප වී සිටින Clogard,SLDA සහතිකයේ 25 වැනි වසර සමරයි.

මෙරට පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනාගත් Hemas Consumer Brands හි ප්‍රමුඛ පෙළේ මුඛ සත්කාර සන්නාමයක් වන Clogard විසින්  ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) විසින් පිරිනමනු ලබන අනුමැතිය හිමි කර ගෙන වසර 25ක් සපිරීම සමරනු ලබයි. වසර 25ක දිගු කාල පරාසයක් පුරා නොබිඳුණු සබැඳියාවක් සමඟින්, Clogard  දත් කුහරවලින් තොර රටක්  පිළිබඳව සිය දැක්ම සාක්ෂාත් කර ගැනීමේ සහ මුඛ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමේ උදාර පරමාර්ථය වෙනුවෙන් නව්‍ය මුලපිරීම් රැසක් ඉදිරිපත් කරමින්  සිටියි.

Clogard සන්නාමය වෙනුවෙන් මෙම SLDA සහතිකය හිමිවීම   මුඛ සෞඛ්‍යාරක්ෂාවේ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට Clogard විසින් දක්වන අඛණ්ඩ කැපවීම පිළිබඳව කදිම සාක්ෂියකි. එමෙන්ම Clogard  නිෂ්පාදන සතු විශිෂ්ටත්වය වෙනුවෙන්  SLS සහතිකයෙන් ද පිදුම් ලබා ඇති අතර එය මෙරට SLS සහතිකයෙන් පිදුම් ලැබූ ප්‍රථම මුඛ සත්කාර සන්නාමය ද වේ. දශකයකට පමණ පෙර  ලබාගත් මෙම ප්‍රමිතිකරණ ඇඟයීම  එලෙසම රැකගනිමින් තම පාරිභෝගිකයාට උසස් තත්ත්වයේ නිෂ්පාදනයන් ලබා දීම සඳහා Clogard අඛණ්ඩව කැප වී සිටියි. මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුවත්භාවය සහ දන්ත සත්කාර ක්‍රම වැඩිදියුණු කිරීම සඳහා Clogard විසින් වසර ගණනක සිට SLDA සමඟ සහයෝගීව  කටයුතු කරන අතර එම අඛණ්ඩ හවුල්කාරිත්වය මඟින් ප්‍රශස්ත මුඛ ආරක්ෂාවක් පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව  ප්‍රජාව දැනුවත් කිරීම අරමුණු කරගත් විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

ප්‍රමුඛතම දන්ත සත්කාර නිෂ්පාදනයක් ලෙස Clogard විසින් වෙනස් , නව්‍ය සංකල්ප ඔස්සේ ගුණාත්මක නිෂ්පාදනයන් හඳුන්වාදීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. විෂබීජවලට එරෙහිව සටන් කිරීම සඳහා  කරාබු නැටි තෙල් සහ එනමලය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාකාරී ෆ්ලෝරයිඩ් අඩංගු අද්විතීය සංයෝජනයක් ඇසුරින් නිර්මාණය කළ “Dual Action”  සංකල්පය ද Clogard විසින් ගොඩනැගූ  එවැනි නැවුම් සංකල්පයකි.  ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න දත් දෙපළක් හිමි කර ගැනීමට එම  සංකල්පය  ඉවහල් වන අතර  මෙවැනි නව්‍ය ප්‍රවේශයන් තුළින් මුඛ සෞඛ්‍යයේ විවිධ අංශයන්  සඳහා සාර්ථක විසඳුම් ලබාදීමට Clogard දක්වන දායකත්වය මැනවින් පසක් වේ.

සැමවිටම තම මුඛ සෞඛ්‍යයට ප්‍රමුඛත්වය ලබාදෙන සන්නාමයක් සඳහා ආයෝජනය කිරීම පිළිබඳව විශ්වාසනීය හැඟීමකින් යුතුව පාරිභෝගික ජනතාවට Clogard නිෂ්පාදන තෝරා ගත හැකි අතර එමඟින් දත් කුහරවලින් තොර රටක්  පිළිබඳව දැක්මට ද සක්‍රීයව සම්බන්ධ විය හැකිය. නිසි ප්‍රමිතිකරණයෙන් සහ ගුණාත්මකබවෙන් යුතු උසස්ම නිෂ්පාදනයන් වෙළෙඳපල වෙත හඳුන්වාදෙන  Clogard ඉදිරියටත්  SLDA සමඟ ඇති සබැඳියාව  සවිමත් කර ගනිමින් මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ ව්‍යාපාර , මුඛ සත්කාර පර්යේෂණ දියත් කිරීමේ මෙන්ම නව්‍ය නිෂ්පාදන හඳුන්වාදීමේ කටයුතු ඉදිරියටත් සිදු කිරීමට අපේක්ෂාවෙන්  සිටියි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *