Sinhala

රාජා ජුවලර්ස් තාරුණ්‍යයවෙනුවෙන් නවතම ඔන්ලයින් ස්වර්ණාභරණ එකතුවක් එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභර්ණ කලාවේ ප්‍රමුඛයා ලෙස වසර 95ක් පුරාවට විශ්වසනීයත්වය සනාථ කළ රාජා ජුවලර්ස් විසින් තාරුණ්‍යයේ සිතැඟි හඳුනාගනිමින් ඔවුන් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද නවතම ඔන්ලයින් ස්වර්ණාභරණ එකතුවක් පසුගියදා එළිදක්වන ලදී. තරුණ පරපුරේ රුචිකත්වය හා ස්වර්ණාභරණ තෝරාගැනීමේ නව්‍යත්වය තවදුරටත් වර්ධනය කිරීම මෙහි මූලික අරමුණ විය.

රාජා ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා මෙම නවතම ඔන්ලයින් ආභරණ එකතුව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. ‘’රාජා ජුවලර්ස් ආභරණ නිර්මාණය වනුයේ සෑමවිටම නවීන විලාසිතාවන්ට අනුකූල වන පරිදියි. නව පරපුරේ තරුණ තරුණියන්ගේ රුචිකත්වය අනුව ඔවුන් වෙනුවෙන් ආකර්ෂණීය හා උචිත ආභරණ නිර්මාණය  වෙනුවෙන් අපි නිරතුරුවම කටයුතු කරනු ලබනවා. අපගේ සන්නාමයේ සුවිශේෂිත්වය නම් දිගුකාලීන ප්‍රවිණත්වය තුළින් පාරිභෝගික සිතැඟි වලට ගැළපෙන පරිදි නිර්මාණයන් සිදුකිරීමයි.’’

මෙම නවතම ඔන්ලයින් එකතුව ඩිජිටල්කරණය වූ  තරුණ පරපුරේ  විලාසිතාමය ස්වර්ණාභරණ මෝස්තර අවශ්‍යතාවයන් මැනවින් සනිටුහන් කරනු ලබයි. රාජා ජුවලර්ස් ප්‍රදර්ශනාගාර හරහා ලබාගත හැකි තෝරාගත් ස්වර්ණාභරණ මෝස්තර මෙම ඔන්ලයින් එකතුව හරහා මිලදී ගත හැකිය. ජාත්‍යන්තර නිමාවකින් යුත් නවීන පන්නයේ ස්වර්ණාභරණ නිර්මාණයන් රාජා ජුවලර්ස් වෙතින් මිලදී ගත හැකි අතර මනා තත්ත්ව පාලනය හා ආභරණ නිර්මාණකරණයේ විශිෂ්ටත්වය, නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතය තුළින් ඔවුන් පාරිභෝගික විශ්වසනීයත්වය දිනාගැනීමට සමත් වී තිබේ.

වයස අවුරුදු 15 සිට 24 දක්වා තරුණ තරුණියන් වෙනුවෙන් මෙම අන්තර්ජාල එකතුව නිර්මාණය කර ඇති අතර, මෙහිදි රාජා ජුවලර්ස් විසින් සම්ප්‍රදායික 22Kt රන් මෝස්තර වෙනුවට නවීන පන්නයේ අලංකාර හා සරල 18kt ස්වර්ණාභරණ මෝස්තරයන් ඉදිරිපත් කරනු ලබයි.  සිය කැමත්ත පරිදි තනි ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණයන් සිදුකරගැනීමේ හැකියාවද, මෙහි තවත් සුවිශේෂීත්වයකි.

දශක නවයකට අධික කාලයක් පුරා, රාජා ජුවලර්ස් සැමවිටම ශ්‍රී ලාංකීය සංස්කෘතිය අගය කරන සන්නාමයක් බවට පත් වී ඇති අතර, ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කර්මාන්තයේ වඩාත්ම සාර්ථක ආයතනයකි. තරුණ පරපුරේ අභිලාෂයන් හා අවශ්‍යතාවන් මැනවින් හඳුනාගනිමින් සිය පෞරුෂත්වය ඔප් නංවාගැනීමට මෙම අන්තර්ජාල ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණ එකතුව රාජා ජුවලර්ස් විසින් එළි දක්වා තිබේ. තවද තරුණ පරපුරට ගැලපෙන පරිදි වඩාත් උසස් හා ගුණාත්මක තත්ත්වයෙන් ආකර්ෂණීය මෝස්තර නිර්මාණ රැසක් සමඟින් දිගුකාලීන පාරිභෝගික විශ්වාසය සනිටුහන් කරගැනීමට රාජා ජුවලර්ස් සමත් වී තිබෙි.

රාජා ජුවලර්ස්හි අතිවිශාල අනර්ඝ ආභරණ එකතුව පිලිබඳව වැඩි විස්තර www.rajajewellers.com , වෙබ් අඩවියට පිවිස හෝ https://www.facebook.com/Rajajewellers.lk/ , Facebook පිටුව හරහා මෙන්ම https://www.instagram.com/rajajewellers.lk   Instagram පිටුව තුළින් ද ලබාගත හැකිය.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *