Sinhala

හේමාස් FMCG සහ Clean Ocean Force එක්ව කාක දූපත / ක්‍රෝ අයිලන්ඩ් වෙරළ පිරිසිදු කිරීමට එක් වෙයි.

හේමාස් FMCG විසින් සමුද්‍ර ප්ලාස්ටික් දූෂණය වැළැක්වීම සහ ප්ලාස්ටික් එකතු කිරීම වෙනුවෙන් සිය අඛණ්ඩ දායකත්වය පෙන්නුම් කරමින්,  කාක දූපත (ක්‍රෝ අයිලන්ඩ්) වෙරළේ, පුළුල් වෙරළ පිරිසිදු කිරීමක් සඳහා Clean Ocean Force සමඟ අත්වැල් බැඳ ගන්නා ලදී. හේමාස් කාර්ය මණ්ඩලයේ සහ, MAS – ඩයලොග් – හේමාස් Summer Interns වැඩසටහන, රොටරැක්ට් සමාජය – කොළඹ සහ  Universal College of Lankaහි සීමාවාසිකයන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන තුළින් ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 260ක ප්‍රමාණයක් රැස් කෙරිණි. පරිසර සංරක්ෂණය සහ ප්ලාස්ටික් බැහැර කිරීම වගකීම් සහගතව සිදු කිරීම පිළිබඳව දැනුවත් භාවය ලැබීමට මෙම වැඩසටහන අගනා අවස්ථාවක් විය.  වෙරළ තීරය පිරිසිදුව තබා ගැනීමේ වගකීම, ප්‍රජාව විසින්ම මෙහෙයවන වෙරළ සංරක්ෂණ කටයුතු ඔස්සේ සිදු කිරීමට මෙම ව්‍යාපෘතිය ඔස්සේ අරමුණු කරයි. ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීම සහතික කිරීම සඳහා Clean Ocean Force සමඟ ඇති මෙම සහයෝගීතාව හේමාස් සමූහය විසින් සැලසුම් කරන ලද දැවැන්ත පාරිසරික ව්‍යාපෘති කිහිපයෙන් එකකි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *