Sinhala

UNDP සහ Hatch’s CONNECT වැඩසටහන: ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා බලාපොරොත්තුවක්.

දක්ෂතාවය සහ අධිෂ්ඨානය දිරිමත් කිරීමේ විශිෂ්ට නවෝත්පාදයක් ලෙස , බොහෝ දෙනා අපේක්‍ෂා කරන ලද CONNECT Demo Day හි ආරම්භක  ප්‍රදර්ශනය Hatch සහ ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP)  එක්ව සංවිධානය කර තිබිණි. ජුලි 20 වැනි දින කොළඹදී පැවති මෙම උත්සවයේදී  රටේ අනාගතය සඳහා  වඩාත් දීප්තිමත් සහ තිරසාර අනාගත මාවතක් දල්වමින්  උද්‍යෝගිමත් මෙන්ම  සවිමත් සුවිශේෂී නව්‍ය ව්‍යාපාර 18ක් වේදිකා ගත විය.  තිරසාර ආහාර දාම, පුනර්ජනනීය බලශක්තිය, සෞඛ්‍ය තාක්‍ෂණය සහ EdTech වැනි අත්‍යවශ්‍ය අංශ සඳහා හදිසි අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගත් නව්‍යකරණයන් රැසක් මෙහිදී ප්‍රදර්ශනය කළ අතර ශ්‍රී ලංකාව සෞභාග්‍යය කරා මෙහෙයවීමට උර දීම අධිෂ්ඨාන කරගනිමින් දැඩි කැපවීමකින් යුතුව ව්‍යවසායකයින් විසින් මෙම ප්‍රදර්ශනය වෙනුවෙන් දායකත්වය සපයන ලදි.

මෙම අවස්ථාවට සහභාගිවෙමින් Hatch හි CONNECT වැඩසටහනේ කළමනාකරු වන නිරේෂ් රත්නගෝපාල් මහතා ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වයේ වැදගත්කම ප්‍රකාශ කළේය. Hatch සහ UNDP සුසංයෝගයේ සහයෝගීතාවයෙන් බලගැන්වෙන මෙම CONNECT වැඩසටහන නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කිරීමට පමණක් නොව නව නිර්මාණකරුවන්ගේ සිහින සැබෑ කර ගැනීමට ද අත්වැල සපයන වේදිකාවකි. මෙහිදී විවිධ අංශවල පුරෝගාමීන් ඔවුන්ගේ  විසඳුම් සමඟින් ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කළ අතර  ශ්‍රී ලංකාවේ  ව්‍යවසායකත්වයේ දියුණුව පිළිබඳව මෙම උත්සවය  කදිම සාක්ෂියක් විය.

UNDP හි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය වන අසුසා කුබොටා මහත්මිය මෙහිදී මෙසේ ප්‍රකාශ කළාය. “රටේ ආර්ථිකය  තීරණාත්මක අවධියක පවතින මෙවැනි අවස්ථාවකදී ඊළඟ පරම්පරාව සවිබල ගැන්වීම අතිශයින්ම වැදගත්. එබැවින්, අපගේ සම්පත් එක්රැස් කිරීම සහ හැකි ඕනෑම ආකාරයකින් තරුණ ව්‍යවසායකයින්ට සහාය වීම අත්‍යවශ්‍ය කරුණක්. මෙමඟින් අපි ව්‍යවසායකයින්ට උපකාර කිරීම පමණක් නොව අනාගත රැකියා අවස්ථා නිර්මාණය කිරීමටත් මග පාදනවා.”

රට පුරා  සිටින  කුඩා හා මධ්‍යම පරිමාණ ඇතුළු සෑම ව්‍යවසායකයෙකුම එකතු කර ගැනීම සහ සවිබල ගැන්වීම කෙරෙහි උද්යෝගිමත්ව කටයුතු කිරීම  CONNECT වැඩසටහනේ මූලික පරමාර්ථයයි.  ව්‍යවසායක මනසට ඔවුන්ගේ පරිවර්තනීය ව්‍යාපාර ඉදිරිපත් කිරීමට ප්‍රමුඛ වේදිකාවක් ලබා දෙන  අතරම මෙය ජීවන මාර්ගය සකස් කරන වැඩසටහනකි. මෙම සෑම නව්‍ය ව්‍යාපාරයක්ම  වර්තමානයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන භයානක අභියෝගවලට සවිමත්ව මුහුණ දීමේ මෙහෙවරක යෙදී සිටියි.

මෙම අවස්ථාවට එක්වූවන් අතර  ‘Cultivision’ ද වූ අතර එහි පරිවර්තනීය සේවාව මඟින් නවීන තාක්‍ෂණය සහ ග්‍රාමීය ගොවීන් අතර ඇති පරතරය අවම කිරීමට උත්සාහ කරයි. උසස් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීමට ගොවීන් දිරිමත් කිරීම හරහා Cultivision ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික භූ දර්ශනයට දිගුකාලීන බලපෑමක් ඇති කරමින් බෝග අස්වැන්න ඉහළ නැංවීම සහ ක්ෂේත්‍ර හරහා තාක්ෂණයේ ප්‍රතිලාභ සමානව ලඟා කර දීම  අරමුණු කර ගෙන සිටියි.

Demo Dayහි දී අදහස් දක්වමින් Cultivisionහි නිර්මාතෘ ෂාජා මහමුද් මහතා මෙසේ පැවසුවේය. “ගොවිතැන ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ තීරණාත්මක අංගයක් වුවද, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල සිටින ගොවීන් සැලකිය යුතු ප්‍රමාණයකට ඇත්තේ සීමිත තාක්ෂණික දැනුමක්. මෙම ගොවීන් ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු සඳහා තාක්‍ෂණය ඵලදායි ලෙස භාවිතා කිරීම පිළිබඳව හඳුන්වාදීම සහ ඔවුන් දැනුවත් කිරීමේ වගකීම Cultivision ව්‍යාපෘතිය ඔස්සේ අප  භාරගෙන  සිටිනවා. අපගේ අරමුණ වන්නේ මෙම ගොවීන් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ වර්ධනය පෝෂණය කිරීම මෙන්ම අවසානයේ රටේ සමස්ත සංවර්ධනයට දායක වීමයි.”

‘MCQ Med’ මෙම අවස්ථාවට සහභාගි වී සිටි තවත් කැපී පෙනෙන නව්‍ය ව්‍යාපාරයකි. එමඟින් වෛද්‍ය සිසුන් විභාග සඳහා  සූදානම් කිරීමේ සහ ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවල සාර්ථකත්වයට සහාය වීම වෙනුවෙන් දායකත්වය සපයයි. කඩදාසි මත පදනම් වූ සාම්ප්‍රදායික අධ්‍යයන ද්‍රව්‍ය හේතුවෙන් උද්ගතව ඇති අභියෝගවලට මුහුණ දෙමින්, MCQ Med මඟින් සෞඛ්‍ය සේවා විශිෂ්ටත්වයේ අරමුණ තවදුරටත් ඉහළ නංවමින් රටේ සෑම පුද්ගලයෙකුටම වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමේ  ප්‍රවේශය  වර්ධනය කිරීමට උත්සාහ කරයි.

එමෙන්ම ‘Designer Dent’ විසින් ද දන්ත වෛද්‍ය විද්‍යාව සහ අපනයනයේදී සිදුකරන මෙහෙයුම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සෞඛ්‍ය සේවා අංශයේ ත්‍රිමාණ මුද්‍රණ භාවිතය ප්‍රදර්ශනය කළේය. මෙමඟින් සෞඛ්‍ය සේවාවලට දැරිය හැකි මිලක්  සහ නිරවද්‍යතාවය පිළිබඳව සනාථ කරමින්  ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කිරීමට අපේක්ෂා කරයි.

Demo Day සඳහා සහභාගී වී සිටි ‘Ray Engineering’ Electric Vehicle’ (EV) විසින් වාහන හිමිකරුවන් වෙත එහි විප්ලවීය විසඳුම් රැසක් හඳුන්වා දෙන ලදී. දැරිය හැකි  මිලකින් යුත් ආරෝපණ විකල්ප දෙකක් සහ ආරෝපණ මධ්‍යස්ථාන ස්ථානගත කර ඇති පරිශීලක හිතකාමී ‘Boostnet’ යෙදුමක් මෙහිදී හඳුන්වා දුන් අතර එමඟින් පරිශීලකයින්ට මෙන්ම ආරෝපණ  ස්ථාන හිමිකරුවන්ට ද එකසේ ප්‍රතිලාභ ලබා දෙනු ඇත.  ශ්‍රී ලංකාවේ ජනතාවට විද්‍යුත් වාහන හිමිකම ප්‍රායෝගික සහ දැරිය හැකි මිලකට ලබා දීම  ‘Ray Engineering’ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

 දූරදර්ශී ව්‍යවසායකයින්ට දියුණු වීමට  වේදිකාවක්  පමණක් නොව,  ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින් සතු අගනා හැකියාවන් පිළිබඳව දැනුවත් කිරීමක් ද මෙම CONNECT වැඩසටහන සහ Demo Day මඟින් සිදු කර ඇත. උද්‍යෝගිමත් ප්‍රේක්ෂක පිරිසක් සමඟ සම්බන්ධ වෙමින්, මෙම නව්‍ය ව්‍යවසාකයින්ට බැබළීමට අවස්ථාවක් මෙන්ම ඔවුන්ගේ එම අභිප්‍රායන්හි වර්ධනයට සහ සාර්ථකත්වයට දොරටුවක් ද මේ ඔස්සේ විවර කර දී තිබේ.

අභියෝග බහුල රටක දැවෙන අවශ්‍යතාවලට සෘජුවම නව්‍ය විසඳුම් සපයමින් මෙම ව්‍යවසායකයින් රටේ අනාගත බලාපොරොත්තුවේ ආලෝකය ලෙස මතු වී සිටියි. මෙම නවෝත්පාදක නිර්මාණශීලීත්වය ඔස්සේ ඔවුන් දීප්තිමත් අනාගතයක් කරා ගමන් කරන විට ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්වයේ ප්‍රගතිය සහ සෞභාග්‍යය නිසැකවම පුළුල් ලෙස ඉස්මතු වනු ඇත.

ඡායාරූප සිරස්තල:——

UNDP හි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත අසුසා කුබොටා මහත්මිය, ‘CONNECT’ Demo Day අමතමින්
Demo Day හි ‘CONNECT’ ව්‍යවසායකයින්
Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *