Sinhala

Clogard දායකත්වයෙන් මුඛ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක්.

හේමාස් පාරිභෝගික සන්නාමය මඟින් මෙරට පාරිභෝගික ජනතාව වෙත පිරිනමන විශ්වාසනීය මුඛ සත්කාර සන්නාමය වන  Clogard, දත් කුහරවලින් තොර දේශයක් ගොඩනැගීමේ සමාජ මෙහෙවරට සිය ප්‍රමුඛ දායකත්වය ලබා දෙමින් දිගු කලක් පුරාවට යහපත් මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව මෙරට පාසල් දරු දැරියන්  දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් පවත්වා තිබේ. වසර 30කට නොඅඩු  දීර්ඝ කාල පරිච්ඡේදයක් තුළ ශ්‍රී ලාංකේය  මුඛ සෞඛ්‍යය  වැඩිදියුණු කිරීම සඳහා මුලපිරූ වෙළෙඳපොලේ ඉදිරියෙන් සිටින ඵලදායි සන්නාමයක් ලෙස Clogard මෙරට පාරිභෝගික ජනතාවගේ මහත් ජනාදරය දිනා ගෙන ඇත.

මුඛ සෞඛ්‍ය දිරිගැන්වීම වෙනුවෙන් මුඛ සත්කාර පිළිබඳව පර්යේෂණ මෙන්ම නව්‍ය නිෂ්පාදන හඳුන්වාදෙමින් යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම  පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේ ව්‍යාපාර ඉදිරියට රැගෙන යෑම වෙනුවෙන්  Clogard නිරන්තරයෙන් කැපවී සිටියි. එම කැපවීම තවදුරටත් සාක්ශාත් කරමින් පසුගිය වසර 10 තුළ Clogard  විසින්  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) ප්‍රාදේශීය කාර්යාල පාදක කරගනිමින්  මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ද පවත්වන ලදි.

මේ වන විට Clogard අනුග්‍රහය යටතේ පාසල් කේන්ද්‍ර කර ගනිමින් මුඛ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව  ත්‍රෙෙයි මාසික වැඩසටහනක්  ක්‍රියාත්මක කරන අතර ඒ ඔස්සේ සියලුම ප්‍රාථමික පාසල් ළමුන් සඳහා නොමිලේ දන්ත පරීක්ෂාව ලබා දෙමින් වැඩිදුර පරික්ෂාව සහ ප්‍රතිකාර අවශ්‍ය දරුවන් අදාළ වෛද්‍යවරුන් වෙත යොමු කිරීම ද සිදුකරයි.

නිරන්තරයෙන් ජාතියේ මුඛ සෞඛ්‍ය වෙනුවෙන් කැප වී සිටින Clogard පාරිභෝගික ඔබගේ නිවසේ ද මුඛ සෞඛ්‍ය ආරක්ෂකයා ලෙස තෝරාගැනීම හරහා පාරිභෝගික මුඛ සෞඛ්‍යය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන සන්නාමයක් සඳහා ආයෝජනය කිරීම පිළිබඳව නිසැක විශ්වාසයක් ගොඩනඟා ගත හැකි අතර  දත් කුහරවලින් තොර ජාතියක් පිළිබඳව සිදුකරන උදාර මෙහෙවරට ද සක්‍රීය දායකත්වය සැපයිය හැකිය.

Clogard , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) විසින් පිරිනමන ලද අනුමැති සහතිකකරණයේ අඛණ්ඩ 25වැනි වසර පසුගිය දා සමරනු ලැබූ අතර, දිගු කාලීන විශ්වානීයත්වයක් දිනාගත් උසස් සන්නාමයක් ලෙස Clogard සතු නොසැලෙන කැපවීම පිළිබඳව එය තවත් කදිම සාක්ෂියක් වනු ඇත.

Clogard විසින් හඳුන්වා දෙන ලද ‘Dual action’ සංකල්පය යටතේ කරාබු නැටි තෙල් සහ ෆ්ලෝරයිඩ් අඩංගු අද්විතීය සංයෝජනය මඟින් විෂබීජවලට එරෙහිව සටන් කර , එනමලය ශක්තිමත් කරමින් දත් කුහර සඳහා උපරිම ආරක්ෂාවක් සපයන අතර ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න දත් දෙපළක් එමඟින් ලබා දෙයි. මෙම නව්‍ය නිෂ්පාදනයන් ඔස්සේ මුඛ සෞඛ්‍යයේ විවිධ අංශයන් ආවරණය කරමින් පුළුල් මුඛ සත්කාර විසඳුම්  Clogard මඟින් පාරිභෝගිකයා වෙත පිරිනමන අතර එමඟින් මෙරට මුඛ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන්  Clogard දක්වන මහඟු දායකත්වය මැනවින් පසක් වේ.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *