Sinhala

ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව, කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් අදානි සමූහය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 553 ක් ආයෝජනය කරයි

  • කොළඹ වරායේ  බටහිර ජාත්‍යන්තර පර්යන්තය සංවර්ධනය කිරීමට ඇමරිකා එක්සත් ජනපද අරමුදල සහාය වනු ඇත.
  • පෞද්ගලික අංශය මූලික කරගනිමින් සංවර්ධන සහයෝගිතා ප්‍රවර්ධනය කෙරෙන අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් කිරීම සඳහා  අත්‍යවශ්‍ය විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීමට මෙය ඉතා හොඳ අවස්ථාවකි.
  • ඇමරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ස්මාර්ට් සහ හරිත වරායන් වැනි තිරසාර යටිතල පහසුකම් සංවර්ධනය සඳහා  සහයෝගීතාවෙන් යුතුව කටයුතු කරයි.

ඉන්දියාවේ විශාලතම වරාය ක්‍රියාකරු වන Adani Ports & Special Economic Zone සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්  සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක් ව ක්‍රියාත්මක කරන කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත ව්‍යාපෘතිය (CWIT) වෙත ඇමරිකානු ඩොලර්  මිලියන 553ක්  ආයෝජනය කරන බව ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) නිවේදනය කරයි.

ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව, සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන වඩාත් තීරණාත්මක අභියෝග ජය ගැනීම වෙනුවෙන් එම රටවල පෞද්ගලික අංශය වෙත මූල්‍යමය සහයෝගය ලබා දෙන අතර,  එහි දී එම ආයතනය බලශක්ති, සෞඛ්‍ය සේවා, යටිතල පහසුකම්, කෘෂිකර්මාන්තය සහ සුළු පරිමාණ ව්‍යාපාර ආදී පුළුල් ක්ෂේත්‍ර වෙත ආයෝජනය කරයි.

ඇමරිකා එක්සත් ජනපද රජය විසින්, සිය නියෝජිතායතනයක් හරහා අදානි සමූහයට අයත් ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කරනු ලබන පළමු අවස්ථාව මෙය වන අතර, මෙම ආයෝජනය, කොළඹ වරාය තුළ ජාත්‍යන්තර මට්ටමේ බහාලුම් පහසුකමක් ස්ථාපනය කිරීමට අදානි සමූහයට ඇති හැකියාව පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ  විශ්වාසයට උදාහරණ සපයයි.

“අදානි සමූහය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම  ව්‍යාපෘතිය වෙත ආයෝජනය කිරීම සඳහා ඉදිරිපත් වූ ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව(DFC)  අපි සාදරයෙන් පිළිගන්නවා. මෙය අපගේ දැක්ම, අපගේ හැකියාවන් සහ අපගේ පාලන ක්‍රමවේදය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවගේ පිළිගැනීම දක්වන එක් සංකේතයක් විදියට අපි දකිනවා.” යනුවෙන් Adani Ports & Special Economic Zone සමාගමේ සහ විශේෂ ආර්ථික කලාපයේ පූර්ණ කාලීන අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කරන් අදානි මහතා පැවසීය. “ලෝකයේ විශාලතම වරාය සංවර්ධකයින් මෙන් ම ක්‍රියාකරුවන් අතරින් ප්‍රමුඛතම සමාගමක් ලෙස සැලකෙන Adani Ports & Special Economic Zone සමාගම ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය මගින් අපගේ ගෝලීය මට්ටමේ ප්‍රවීණත්වය සහ යටිතල පහසුකම් නිර්මාණය කිරීම වෙනුවෙන් අපගේ දැක්ම හා කැපවීමත් පෙන්නුම් කරනවා. කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත ව්‍යාපෘතිය අවසන් වූ විට, එය සමාජ-ආර්ථික පරිවර්තනයක් සිදු කරනු ඇති බව අපි විශ්වාස කරනවා. ඒ වගේ ම මෙම ව්‍යාපෘතිය මගින්  දිවයින පුරා සෘජු හා වක්‍ර නව රැකියා අවස්ථා දහස් ගණනක් නිර්මාණය කරමින්, ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා වාණිජ ක්ෂේත්‍රය දැවැන්ත පරිවර්තනයකට ලක් කරාවි.”

කොළඹ වරාය ඉන්දියන් සාගරයේ විශාලතම සහ කාර්ය බහුල ම ප්‍රති නැව් ගත කිරීමේ වරාය වන අතර, 2021 වසරේ සිට එහි උපරිම ධාරිතාවෙන්  90% කට වැඩි ප්‍රතිශතයක් නිරන්තර භාවිතයත් සමඟ,  මෑත කාලීනව  අමතර ධාරිතාවක  අවශ්‍යතාව ඉතා තදින් ම දැනෙමින් පවතී. සංවර්ධනය කිරීමට නියමිත මෙම නව පර්යන්තය,  ප්‍රධාන නැව් මාර්ග ආවරණය කරමින් ශ්‍රී ලංකාවේ පිහිටීම සහ  ව්‍යාප්ත වන වෙළඳපොළ වෙත පවතින සමීපතාව ප්‍රයෝජනයට ගනිමින් බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වන ආර්ථික කලාප සඳහා පහසුකම් සැපයීමට අරමුණු කරයි.

“අපගේ හවුල්කරුවන්ගේ උපාය මාර්ග ශක්තිමත් කරමින්, සංවර්ධනය සහ ආර්ථික වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා  පෞද්ගලික අංශයේ ආයෝජන මෙහෙයවීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව කටයුතු කරයි.  කොළඹ වරායේ මෙම යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා  ආයෝජනය කිරීම තුළින් අප බලාපොරොත්තු වන්නේ එයයි. ” යනුවෙන් ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා පැවසීය.  “බටහිර බහාලුම් පර්යන්තය සඳහා ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව මගින් ලබා දෙන ඇමරිකානු ඩොලර් මිලියන 553 ක මුදල ස්වෛරී ණයට  එකතු නොවීම  ශ්‍රී ලංකාවට වැඩි ප්‍රතිලාභ ලබා දීම සඳහා හේතු වන බව පැවසිය යුතුමයි.  ඒ වගේම  කලාපය පුරා සිටින අපගේ මිත්‍ර පාර්ශ්වයන්ගේ සහයෝගය හරහා මෙම බටහිර පර්යන්තයේ  නැව් ගත කිරීමේ ධාරිතාව පුළුල් කිරීමට කටයුතු කර ඇති බවත් පැවසිය යුතුමයි.”  යනුවෙන් නේතන් මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය වාන ජුලී චුන්ග් මහත්මිය පැවසුවේ, “කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ දිගු කාලීන සංවර්ධන කටයුතු වෙනුවෙන්  ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව විසින් ඩොලර් මිලියන 553ක් ආයෝජනය කරනු ලැබීම  ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය මූලික කරගත් වර්ධනයට විශාල ශක්තියක්.  එමගින්  ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කාලානුරූපී ව අත්‍යවශ්‍යව පවතින  විදේශ විනිමය ගලා ඒමට එක් ප්‍රධාන මාර්ගයක් වනු නො අනුමානයි.   ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවතත් ශක්තිමත් කරමින්, නිදහස් හා සමෘද්ධිමත් ඉන්දු පැසිෆික් කලාපයක් නිර්මාණය කිරීම සඳහා වන අපගේ දැක්ම සාර්ථක කර ගැනීම සඳහා මෙම ආයෝජනය ඵලදායී  වනු ඇතැයි  මම විශ්වාස කරනවා.” යනුවෙනි.

මේ පිළිබඳ ව අදහස් දක්වමින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා, ” ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ මෙම ආයෝජනය බටහිර පර්යන්ත ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා ධනාත්මක බලපෑමක් සිදු කිරීමට අමතර ව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම පිළිබඳ ව ආයෝජකයින් තුළ විශ්වාසය ගොඩ නැංවීමටත් හේතු වන බව පැවසිය යුතුමයි. ” යනුවෙන් ප්‍රකාශ කළේය.

නැගී එන ගෝලීය වෙළෙඳපොළ අවස්ථා සඳහා ආයෝජනය කරමි  අදානි සමූහය සිය ගෝලීය ව්‍යප්තිය  පුළුල් කර ඇති අතර, ප්‍රවාහන සැපයුම් සහ බලශක්ති උපයෝගීතා වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස ස්ථාවරත්වයට පත්වී ඇති Adani Ports & Special Economic Zone සමාගම  ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල මෙහෙයුම් සහ කළමනාකරණ භාවිතයන් සමඟින් ඉන්දියාවේ මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරයි.   තිරසාර වත්කම් නිර්මාණය කිරීම සඳහා එම සමාගමේ අඛණ්ඩ කැපවීම තුළින්, ඉන්දියාවට මෙන් ම සමස්ත ලෝකයට වඩා හොඳ අනාගතයක් ගොඩනැගීම අදානි සමූහයේ ප්‍රධානතම අරමුණයි.

කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත ව්‍යාපෘතිය පිළිබඳ ව :

කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත ව්‍යාපෘතිය යනු ඉන්දියාවේ විශාලතම වරාය ක්‍රියාකරු වන Adani Ports & Special Economic Zone සමාගම , ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක්  වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්  සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක් ව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය මගින්  වසර 35ක කාලයක් සඳහා කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය සංවර්ධනය කිරීම සහ  ක්‍රියාත්මක කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිත ය.  මෙම පර්යන්තය සංවර්ධනය කිරීම තුළින් කොළඹ වරායේ බහාලුම් පර්යන්තය ලොව ඉහළ ම බහාලුම් පර්යන්ත අතරින් 20 වැනි ස්ථානය දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරෙන අතර,  එය දැනට ගෝලීය වශයෙන් 12 වැනි ස්ථානයේ සිටින කොළඹ වරායේ තත්ත්වය ද ඉහළට ඔසවා තැබීම සඳහා උපකාරී වේ. ආරම්භ කිරීමෙන් පසු කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය ශ්‍රී ලංකාවේ විශාලතම මෙන් ම ගැඹුරු ම බහාලුම් පර්යන්තය වනු ඇත. මීටර් 1,400 ක දිගකින් සහ මීටර් 20 ක ගැඹුරකින් යුක්ත වන කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය, TEU 24,000 ක ධාරිතාවකින් යුත් අති විශාල බහාලුම් යාත්‍රා හැසිරවීමේ හැකියාවෙන් යුක්ත වන අතර, එහි  වාර්ෂික භාණ්ඩ හැසිරවීමේ ධාරිතාව TEU මිලියන 3.2 ඉක්මවනු ඇත.

Adani Ports & Special Economic Zone සමාගම පිළිබඳ ව:

 Adani Ports and Special Economic Zone Limited (APSEZ) යනු ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සමූහයක් වන  විවිධාංගීකරණය වූ අදානි සමූහයට අනුබද්ධිත සමාගමක් වන අතර, එය වරාය සේවා සපයන සමාගමක සිට,  ඒකාබද්ධ ප්‍රවාහන උපයෝගීතාවක් (වරාය දොරටුවේ සිට පාරිභෝගිකයා දක්වා දක්වා) වර්ධනය වී ඇත. එය ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ උපාය මාර්ගිකව පිහිටා ඇති වරායන් සහ පර්යන්ත 6ක් (ගුජරාටයේ මුන්ද්‍රා, ඩහේජ්, ටූනා සහ හසිරා, ගෝවාහි මෝර්මුගෝ සහ මහාරාෂ්ට්‍රයේ දීඝී) සහ නැගෙනහිර වෙරළේ වරායන් සහ පර්යන්ත 5ක් (ඔඩීෂාහි ධම්රා, ආන්ද්‍රා ප්‍රදේශ්හි ගංගාවරම් හා ක්‍රිෂ්ණපට්නම් සහ තමිල්නාඩුවේ කට්ටුපල්ලි සහ එන්නෝර්) සහිත ඉන්දියාවේ විශාලතම වරාය සංවර්ධකයා මෙන් ම ක්‍රියාකරු ද වේ. Adani Ports and Special Economic Zone Limited සතු ව වෙරළබඩ ප්‍රදේශවලින් සහ අභ්‍යන්තර ප්‍රදේශවලින් විශාල භාණ්ඩ ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාව සහිත වන අතර, එය එරට වරාය පරිමාවෙන් 24%ක් ආවරණය කරයි.  සමාගම විසින් කේරළයේ විජින්ජාම් සහ අසල්වැසි ශ්‍රී ලංකාවේ කොළඹ ප්‍රති නැව් ගත කිරීමේ වරායන් දෙකක් ද සංවර්ධනය කරමින් සිටී.  බහුවිධ ප්‍රවාහන අංගන, A ශ්‍රේණියේ ගබඩා සහ කාර්මික ආර්ථික කලාප ඇතුළුව වරාය පහසුකම් සහ ඒකාබද්ධ සැපයුම් ශක්‍යතාවෙන් සමන්විත Adani Ports and Special Economic Zone සමාගම සිය ගෝලීය ව්‍යාපෘති හරහා  ඉන්දියාව වෙත  ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් කැප වෙයි.  ලොව විශාලතම වරාය සහ සැපයුම් වේදිකාව වීමේ  අපේක්ෂාවෙන් කටයුතු කරන Adani Ports and Special Economic Zone සමාගම  විද්‍යාව මත පදනම් වූ ව්‍යාපෘති (SBTi) සඳහා ලියාපදිංචි වූ පළමු ඉන්දියානු වරාය මෙන් ම ලොව තුන්වන වරාය වන අතර,  කාබන් විමෝචනය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන එම සමාගම පූර්ව කාර්මික මට්ටමට වඩා 1.5 ° C දී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීම සඳහා කාබන් විමෝචනය අවම කිරීම සඳහා ද කැප වෙයි.

 වැඩි විස්තර සඳහා කරුණාකර www.adaniports.com වෙත පිවිසෙන්න

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *