Sinhala

DIMO Agribusinesses, සිය  LOVOL හාවස්ටරය සඳහා වූ  සුවිශේෂී සේවා  සත්කාරය තුළින් ඉහළ වෙළඳපොළ  කොටසක්  වාර්තා කරයි

DIMO Agribusinesses, සිය  LOVOL හාවස්ටර්, සඳහා පිරිනමන  අද්විතීය අලෙවියෙන් පසු සේවා සත්කාරය තුළින්  ලාංකීය ගොවිජනතාව අතර වඩාත් ප්‍රචලිත වීමත්  සමඟ පසුගිය කන්නය තුළ LOVOL වෙළඳපොළ කොටස දෙගුණ කරගැනීමට සමත් විය.

ලාංකීය කෘෂිකර්මාන්තයේ යාන්ත්‍රිකරණය නව තලයකට ගෙනයමින් DIMO ආයතනයේ කෘෂි අංශය DIMO Agribusinesses, LOVOL හාවස්ටරය  හඳුන්වා දීමත් සමඟ සිය  හාවස්ටර් සිහිනය සැබැ කරගැනීමේ හැකියාව මෙරට ගොවි ජනතාවට හිමිවිය.මෙහිදී DIMO Agribusinesses, LOVOL පාරිභෝගිකයන්ට අද්විතීය අලෙවියෙන් පසු සේවාවක් ලබාදීම සඳහා සිය පාරිභෝගිකයන්ගේ නිවෙස්වලටම ගොස් නඩත්තු සේවා ලබා දුන් අතර ඔවුන්ට පුද්ගලිකවම නඩත්තු සේවා පිළිබඳව දැනුවත් කරමින් නඩත්තු වියදම් අවම කරමින් උපරිම යන්ත්‍ර කාර්යක්‍ෂමතාවයක් ලබාගැනීම සඳහා නිතරම අවශ්‍ය උපදෙස් ලබා දීම සිදුකරන ලදී. මෙහිදී සේවා කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් ද ප්‍රදානය කරමින්  හාවස්ටර් සේවා කටයුතු අවම මිලකට සිදුකර ගනිමින් කන්නයට පෙර සිය හාවස්ටර් යන්ත්‍රය මනාව සුදානම් කරගනිමින් වගා කන්නය තුළ උපරිම කාර්යක්‍ෂමතාවයකින් වගා කටයුතු කර ගැනීමේ හැකියාව ගොවීන් හට ලබාදෙන ලදී. නිවසටම ගොස් ලබාදෙන සේවා සත්කාරය නිසා පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගනිමින් ඒ  තුළින් ඔවුන්ට උපරිම සේවාවක් ලබා දීමට සමාගමට හැකියාව ලැබී ඇත.

DIMO හි විධායක අධ්‍යක්‍ෂක සහ DIMO සමූහයේ කෘෂි යන්ත්‍රෝපකරණ  අංශය අධීක්ෂණය කරන රජීව් පණ්ඩිතගේ මහතා පැවසුවේ, මෙම LOVOL හාවස්ටර්  වෙළඳපොළ කොටසේ වැඩිවීම තුළින් වැඩි ගොවි පිරිසකට ඵලදායි වෙනසක් ඇති කිරීමට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බවත්, සියලුම  පාරිභෝගික අවශ්‍යතාවන්ට සරිලන ජාත්‍යන්තර තත්වයේ   කෘෂි යන්ත්‍රෝපකරණ මේ රටට හඳුන්වා දෙමින් සහ එම යන්ත්‍රෝපකරණ සඳහා අද්විතීය අලෙවියෙන් පසු සේවාවක් ලබාදීම තුළින් ඔවුන් ගොවි ජනතාවගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීමට දායක වන බවත්ය. එසේම මේ රටට ප්‍රථම කම්බයින් හාවස්ටර් යන්ත්‍රය හඳුන්වා දෙමින්  ලංකාවේ කෘෂිකර්මාන්තය යාන්ත්‍රිකරණ ක්‍රියාවලියේ  පුරෝගාමි සමාගමක් ලෙස DIMO ආයතනය හැදින්වීය හැකි බවත්ය.

ලාංකීය ගොවි ජනතාව කෙටිකාලයක් තුළ නියඟය, පොහොර හිඟය, ඉන්ධන හිඟය, ඉහළ පොලී අනුපාත  වැනි අභියෝගතා රැසකට මුහුණ දුන් අතර DIMO Agribusinesses මෙම  LOVOL හාවස්ටර්  යන්ත්‍ර සඳහා පිරිනමන ලද සේවා සත්කාරය මෙම අභියෝගතා සඳහා මුහුණදීමට අස්වැසිල්ලක් වූ නිසාම LOVOL මේ රටේ ගොවිජනයා අතර වඩාත් ප්‍රචලිත විය. විවිධ මූල්‍ය සමාගම් සමඟ එක්වෙමින් LOVOL හාවස්ටර් යන්ත්‍ර සඳහා ආකර්ශනීය ලීසිං විසඳුම් ලබාදීමත්, අවුරුද්දක වගකීම් කාලයක් ලබාදීමත්, දිවයින පුරා විසිරී සිටින LOVOL වෙළෙඳ නියෝජිතයන් ද මෙම වෙළඳපොළ  කොටසේ සීඝ‍්‍ර වර්ධනයට හේතු වී ඇත.

DIMO Agribusinesses තවත් පියවරක් ඉදිරියට තබමින් හාවස්ටර් යන්ත්‍ර හිමියන් සහ ක්‍රියාකරුවන් සඳහා සමිති පිහිටුවා ඔවුන්ට අවශ්‍ය යාන්ත්‍රික දැනුම, මනා ක්‍රියාකාරිත්වය සඳහා උපදෙස්, නිවැරදි කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ දැනුවත්කිරීම් සිදු කරමින් පවතී.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *