Sinhala

Ocean Lanka 2023 NCE අපනයන සම්මාන උළෙලේදී කීර්තිමත් රන් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගම, ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) විසින් සංවිධානය කරන ලද 31 වන NCE වාර්ෂික අපනයන සම්මාන 2023 හිදී ‘Suppliers to Exporters’ අංශයේ ‘Extra Large’ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානය මඟින් සමාගමෙහි සුවිශේෂී කැපවීම සහ දායකත්වය අගයනු ලබන අතර සමාගම සතු විශිෂ්ටත්වය, සාමුහිකත්වය සහ රෙදි ගෙතුම් නිෂ්පාදනයේ නවෝත්පාදනයන් බිහිකිරීමට දක්වන කැපවීම පිළිබිඹු කරයි.

අපනයන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන කාර්යසාධනයන් අගයමින් පවත්වනු ලබන මෙම සම්මාන උළෙලේ 31 වන සංස්කරණය මෙසේ සමරනු ලැබීය. මෙම සම්මාන මඟින් අපනයනකරුවන් හට ගෝලීය වෙළෙඳපොළ තුළ ඇති පිළිගැනීමට නව අරුතක් ලබා දෙනු ලබන අතර එමඟින් ඔවුන්ට ප්‍රමුඛත්වය ලබා ගැනීමට සහ විවිධ ගෝලීය වෙළෙඳපොළවල්  වෙත ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දෙයි.

මෙම ජයග්‍රහණයන් පිළිබඳව Ocean Lanka පෞද්ගලික සමාගමෙහි  කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා මෙසේ සිය අදහස්  දැක්වීය. ”NCE අපනයන සම්මාන 2023 හිදී රන් සම්මානයෙන් පිදුම් ලැබීම අපට ඉතා සතුටක්  සහ ගෞරවයක්. මෙම පිළිගැනීම සමස්ත Ocean Lanka කණ්ඩායමේ කැපවීම සහ වෙහෙස මහන්සිය පිළිබඳව කදිම සාක්ෂියක්. එමඟින් විශිෂ්ටත්වය සහ තිරසාරභාවය සඳහා අපගේ කැපවීම පවත්වා ගනිමින්, රෙදි ගෙතුම් නිෂ්පාදනයේ සීමාවන් බිඳදමමින් ඉදිරියට යාමට අවශ්‍ය පන්නරය අපට ලබා දෙනවා.”

31 වැනි වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී ලැබුණු ඇගයීමට අමතරව Ocean Lanka සමාගමට, ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ද සිය සාර්ථකත්වය ප්‍රදර්ශනය කිරීමට හැකියාව ලැබුණි. මෙම සම්මාන මඟින් සමාගමෙහි විශිෂ්ට කාර්ය සාධනය සහ ජයග්‍රහණ ඉහළම මට්ටමින් පිළිගෙන ඇති අතර, එමඟින් සමාගමේ කිර්තිනාමය තව දුරටත් වර්ධනය වීම සිදුවේ. NCE අපනයන සම්මාන මගින් Ocean Lanka හි විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම සංකේතවත් කරනවා පමණක් නොව, සමාගමට වාසි රැසක්ද ගෙන එයි.

මෙම ගෞරවනීය පිළිගැනීම වෙනුවෙන් Ocean Lanka පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයට සිය කෘතඥතාව පළ කරන අතර රටේ අපනයන අංශයේ වර්ධනයට සහ සාර්ථකත්වයට සිය උපරිම දායකත්වය දැක්වීමට කැපවී සිටියි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *