Sinhala

සාඩම්බරණීය 20 වැනි වසර සමරන විස්වක

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආහාර ද්‍රව්‍ය සැපයුම්කරුවෙකු වන ‘විස්වක’   නව්‍යකරණයෙන් සහ විශිෂ්ටත්වයෙන් ආලෝකමත් වූ සිය සාඩම්බරණීය 20 වැනි සංවත්සරය සමරනු ලබයි. නිහතමානී මූලාරම්භයක් සමඟින් ආරම්භ කරන ලද මෙම ආයතනය  කැපී පෙනෙන සුවිශේෂී කතාවක් ඉස්මතු කරමින් දශක දෙකක් පුරාවට සාර්ථක දිගු  ගමනක් පැමිණ ඇත.

විස්වක ආයතනයේ පුරෝගාමියාගේ දැක්ම සහ එහි ආරම්භය

විස්වක ආයතනයේ දූරදර්ශී නිර්මාතෘවරයා  වන චූලා ද සිල්වා මහතා එහි සාර්ථකත්වයේ පෙරගමන්කරු වූ අතර ඔහුගේ නිර්මාණාත්මක චින්තනය තුළින් සමාගම  සාර්ථකත්වය වෙත රැගෙන ගියේය. විජලනය කරන ලද අර්තාපල් පියලි අලෙවි කිරීමෙන් ආරම්භ කළ මෙම ව්‍යාපාරය, අද වන විට විශාල විවිධත්වයක් ඇති විජලිත අහාර ද්‍රව්‍ය සැපයුම්කරුවෙකු සහ අලෙවිකරුවෙකු ලෙස වෙළෙඳපල තුල ප්‍රමුඛතම ව්‍යාපාර සන්නමයක් ලෙස කටයුතු කරමින් උසස් තත්වයේ කෝපි ආශ්‍රිත නිෂ්පාදන පෙළක් ද පාරිභෝගිකයා වෙත හඳුන්වා දී ඇත.

අර්තාපල් ක්‍රොකට් නිෂ්පාදනය කිරීමේදී අමුද්‍රව්‍යවල පිරිවැය සම්බන්ධ සහ ක්‍රියාකාරීත්වය  පිළිබඳ ගැටළු සඳහා යෙදූ විසඳුම් මෙන්ම සරල සජලනය මඟින් පිසින ලද තත්ත්වයට පත්කළ හැකි අර්තාපල් පිටි  ආනයනය කිරීමේ නව්‍ය විසඳුම්  පිළිබඳ රසවත් කතාවක් මෙහි නිර්මාතෘවරයා විසින්  අපට පවසයි. මූලික ආනයන කටයුතු ආරම්භ කර ඇති නිෂ්පාදනයක් සඳහා සාමාන්‍යයෙන්   ගුණාත්මක මෙන්ම ස්ථාවර මිලක් සහිත තරඟකාරී නිෂ්පාදන තිබේ. විස්වක ආයතනයේ නිර්මාතෘවරයා විසින්  නිෂ්පාදන වෙළෙඳපල තුළ ඇති ව්‍යාපාරික අවස්ථාව නිවැරැදිව හඳුනාගනිමින් පවතින නිෂ්පාදනයට  තවදුරටත් වැඩි අගයක් එකතු කළ නිෂ්පාදන සැකසීම සහ ආනයනය කිරීම වඩාත් යෝග්‍ය බව අවබෝධ කරගෙන ඊට අදාළ කටයුතු සම්පාදනය කර ඇත.

අලෙවිකරණය පිළිබඳ  අනාගත දර්ශනය

විස්වක ආයතනයේ ගමන් මග ඇරඹී ඇත්තේ ගුණාත්මකභාවය සහ රසය ඔස්සේ ව්‍යාපාර සඳහා නව්‍ය විසඳුම් ගෙන එන උපාය මාර්ගික ව්‍යාපෘති මාලාවක් ලෙසිනි. විස්වක ආයතනයේ කෝපි සන්නාමයක් වන Khao Shong මේ  සඳහා කදිම නිදර්ශනයක් වනු ඇත. Khao Shong යනු වසර 15කට වඩා දිගු   කාල පරිච්ඡේදයක් පුරාවට   වෙළෙඳපලේ රැදී සිටින ප්‍රධාන තරඟකාරී ක්ෂණික කෝපි සන්නාමයකි. සැමවිටම සිය පාරිභෝගික රුචිකත්වය සහ අවශ්‍යතාවය මැනවින් අවබෝධ කරගැනීම සහ ඒ ඔස්සේ හොඳම දේ පමණක් පාරිභෝගිකයන් වෙත පිරිනැමීම විශ්වක ආයතනය මෙතෙක් පැමිණි ජයග්‍රාහී මාවත සඳහා මූලික හේතු සාධකය වී ඇත.          

විස්වක ආයතනයේ  කැපවීම සහ අනාගතය සඳහා ගුණාත්මකභාවය සහතික කිරීම.

ගුණාත්මක නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ලබාදීම අරමුණු කරමින්, යහපත් නිෂ්පාදන පුරුදු සඳහා වන GMP සහතිකය, සුරක්ෂිත අහාර නිෂ්පාදනය කිරිම සඳහා වන ISO 22000 සහතිකය, උපද්‍රව විශ්ලේෂණය සහ විවේචනාත්මක පාලන ස්ථාන සඳහා වන HACCP සහතිකය මෙන්ම හලාල් තත්ත්ව සහතිකය යන සහතික සියල්ලම, සිය 20 වැනි සංවත්සරයට පා තබන මොහොතේදී ලබා ගැනීමට හැකිවීම සුවිශේෂී කරුණකි.

ආයතනයේ අනාගත දැක්ම

ඉදිරි වසර කිහිපය තුළදී නව්‍යකරණයේ සීමා මායිම් තවදුරටත් පුළුල් කරමින් නිරතුරුවම  සිය ගනුදෙනුකරුවන් වෙත  වටිනාකමක්  එකතු කිරීමටත්, කර්මාන්තය තුළ නව ප්‍රමිතීන් සකස් කිරීමටත්  විස්වක  ආයතනය කැප වී සිටියි. මෙතෙක් පැමිණි ගමන් මග පුරාවට එක් කරගත් කීර්තිනාමය සහ වටිනාකම්  මතුවටත් රැකගනිමින් ආයතනය සිය විශිෂ්ටත්වයේ උරුමය වෙත රැගෙන යාමට අපේක්ෂා කරන අතර කර්මාන්තයේ නව ඉසව් ගවේෂණය කිරීමට බලාපොරොත්තු වේ.

ඡායාරූප සිරස්තල

(වමේ සිට දකුණට) විස්වක හි නිර්මාතෘ, කළමනාකාර අධ්‍යක්ෂක චූලා ද සිල්වා මහතා සභාව ඇමතීම. ජාත්‍යන්තර ප්‍රමිති සහතික ලබන කළමනාකරණ කණ්ඩායම සහ 2023 වසරේ හොඳම ක්ෂේත්‍ර විකුණුම් නිලධාරියා ලෙස “චූලා ද සිල්වා අභියෝගතා කුසලානයෙන්” පිදුම් ලැබූ එච්. ප්‍රභාත් හෂාන් ආරියරත්න මහතා

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *