Sinhala

හච් ස්මාර්ට් නවතම දිගුකාලීන Anytime data සැලසුම් සැලසුම් හඳුන්වා දෙයි

හච් තම නවතම නිෂ්පාදනයක් වන දින 60ක් දක්වා වලංගු කාලයකින් යුතු  Anytime data සැලසුම් පසුගියදා හඳුන්වාදෙන ලදී. නිරන්තරයෙන් තම පාරිභෝගික ගැටළු පිලිබඳ අවධානය යොමු කරන හච්, භාවිතයට ගැනීමට පෙර data කල්ඉකුත්වීමේ ගැටලුවට විසඳුමක් ලෙස මෙය හඳුන්වා දී ඇති අතර මින් ඉදිරියට භාවිතයට නොගත් data අහිමිවීම ගැන කරදර වීමට අවශ්‍ය නොවන බව තම පාරිභෝගිකයින්ට පවසා සිටී.

මෙම නවතම Anytime data සැලසුම් මගින් තමන් මිලදීගත් මුළු data ප්‍රමාණයම නිදහසේ භාවිතා කිරීමට පාරිභෝගිකයින්ට දැන් අවස්ථාව සැලසී තිබේ. භාවිතයට නොගත් data අහිමිවීම ගැන කරදර වූ අවම data භාවිතයක් ඇති පාරිභෝගිකයන් සඳහා මෙය කදිම විසඳුමක් වන අතර මෙමගින් උදේ සහ රාත්‍රී බෙදීමකින් තොරව දවසේ ඕනෑම වේලාවක භාවිතයට ගත හැකි 100 % ක් Anytime data පිරිනමයි. රු.59යේ සිට මෙම පැකේජ සක්‍රීය කරගත හැකි අතර data අවශ්‍යතාව මත අවශ්‍ය පැකේජය තෝරාගත හැක.

මේ පිළිබඳව අදහස් දක්වමින් හච්හි සහකාර සාමාන්‍යධිකාරී (ඩේටා වී.ඒ.එස් හා ඩිජිටල්) යාර්තව් මාතියපරනම් මහතා සඳහන් කළේ ” වර්තමාන ටෙල්කෝ පාරිභෝගිකයන්ගේ සියුම් අවශ්‍යතා පවා හඳුනාගනිමින් ඒවාට සරිලන විසදුම් ලබාදීමට අපිට හැකිවී තිබෙනවා. ඒ වගේම  100 % ක් Anytime data ප්‍රථමයෙන්ම  ලබා දීමට කටයුතු කළ හච්, තවත් එක් ගැටලුවක්වී තිබූ භාවිතයට නොගත් data අහිමිවීයාමටත් නිසි විසදුමක් මෙතුළින් ලබා දී තිබෙනවා. දින 15 සිට 60 දක්වා තමන්ගේ අවශ්‍යතා අනුව පැකේජ තෝරාගන්න පුළුවන් වගේම ක්ෂේත්‍රය තුළ මෙවැනි නවෝත්පාදන කරන්න ලැබීම ආඩම්බරයට කරුණක්”යනුවෙනි.

පාරිභෝගිකයන්ට මෙම සියලු සැලසුම් අදාළ මුදල රීලෝඩ් කිරීම, *131# අංකනය කිරීම, කෙටිපණිවිඩ සහ HUTCH Selfcare App හරහා සිදුකරගත හැකි අතර  HUTCH Selfcare App තුළින් data ශේෂයන් වලංගු කාලයන් පිලිබඳ සියලු විස්තර විනිවිදභාවයකින් යුතුව ලබාගතහැක. Google Play Store, Apple App Store සහ Huawei App Gallery හරහා  HUTCH Selfcare App ඉතා පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැක.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *