Sinhala

සුවිශේෂී විශේෂාංග රැසක් සමග එන Huawei Band 4e (Active)

Huawei ස්මාර්ට් බෑන්ඩ් ලොව පුරා ජනප්‍රියත්වයට පාත්‍ර වී ඇති අතර ඉහළකාර්යක්ෂමතාව සහ  නව්‍යකරණයෙන් යුත් විශේෂාංගයන් මෙයට ප්‍රධාන හේතුව වී ඇත .Huawei ස්මාර්ට් බෑන්ඩ්ස් එදිනෙදා ජීවිතයට පහසුකම් සපයන සුවිශේෂී අංග රැසකින් සමන්විත වේ . මෙම Huawei ස්මාර්ට් බෑන්ඩ් කාණ්ඩයට අළුතින්ම එකතු වූ සාමාජිකයා වන්නේ Huawei Band 4e (Active) ය.  අසමසම විශේෂාංග සහ වැඩිදියුණු කළ ක්‍රියාකාරිත්වය සමඟ එන මෙම Huawei Band 4e (Active) බොහෝ දෙනාගේ ප්‍රසාදයට පාත්‍රවන බව නොවනු මානයි.

බර ග්‍රෑම් 6 ක් (පටි නොමැතිව) පමණ වන අතිශය සැහැල්ලු ස්මාර්ට් බෑන්ඩ් එකක් ලෙස Huawei Band 4e (Active) සැලකිය හැකි අතර අඟල් 0.5 ක PMOLED තිරයක් සමඟ එන මෙය slide සහ  touch කිරීම මගින් මෙහෙය වීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ .  Huawei Band 4e (Active) රතු(Mineral red) සහ මිනිරන් කළු(Graphite black) යනාදී වර්ණ දෙකකින් යුක්ත අතර  එහි උස: මි.මී. 40.5, පළල: මි.මී. 14.8, ගැඹුර: මි.මී.11.2 පමණ වේ .

Huawei Band 4e (Active) හි වඩාත් ආකර්ශනීය අංග අතර, එහි නව්‍ය ද්විත්ව පැළදීමේ මාදිලීන්, වෘත්තීය ධාවන මග පෙන්වීම, පාපැදි ධාවනය  අධීක්ෂණය(Cycling cadence monitoring), Basketball performance tracking, 5ATM water resistance  සහ සති 2 ක බැටරි ආයු කාලය ප්‍රධාන විශේෂාංගයන් කැපී පෙනේ.

ක්‍රියාකාරකම් අධීක්ෂණය සහ ව්‍යායාම් කටයුතු කිරීමේදී Huawei Band 4e (Active) මැණික් කටුවෙහි පැළඳිය හැකි අතර පැසිපන්දු ක්‍රීඩාවේ නිරතවීමේදී ධාවන කාර්යසාධන අවස්ථවන්හිදී සහ දිවීමේ කටයුතු කිරීමේදී  පහසුවෙන් සපත්තුවට ඇමිණිය හැකිය. පැසිපන්දු ක්‍රීඩාවේ නිරතවීමේදී එම ක්‍රීඩාවේ විශිෂ්ටයකු  වීමට අවශ්‍ය දක්ෂතාවයන් මැනීමේ සහ චලන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමේ විශේෂ හැකියාවක් Huawei Band 4e (Active) සතුව ඇත. අතීත දත්ත වාර්තා මත පදනම්ව වඩා දියුණු ධාවන මාර්ගෝපදේශයක් Huawei Band 4e (Active) ලබාදේ . මෙහි දත්ත ගබඩා කර විශ්ලේෂණය කරගැනීමේ හැකියාව මෙයට මනා පිටුවහලක් වේ.

පාපැදි පැදීමට උනන්දුවක් දක්වන අය සඳහා, Huawei Band 4e (Active) හි අද්විතීය පාපැදි කේඩන්ස් (cycle cadence monitoring)අධීක්ෂණ ක්‍රමවේදය  උපකාර වන අතර වෘත්තීය ධාවකයෙකු වීමට සිහින දකින බොහෝ දෙනෙකුට මෙම ස්මාර්ට් උපාංගය විශේෂ සහයෝගයක් දක්වන බව නොඅනුමානය. Huawei Band 4e (Active) හි පැසිපන්දු මාදිලිය මගින් සිරස් පැනීමේ දත්ත, උස සහ hang time එක , වේගය, දුර ඇතුළු චලන සංඛ්‍යාලේඛන සවිස්රාත්මකව පරිශීලකයට ලබාදේ. මෙලෙස බොහෝ ක්‍රීඩා සදහාද , ක්‍රියාකාරිත්වයන් අධීක්ෂණය සදහාද මෙම Huawei Band 4e (Active) මහගු රුකුලක් ලබා දේ.

මෙම ප්‍රයෝජනවත් tracking විශේෂාංගයන් අමතරව, Huawei Band 4e (Active) යනු පරිපූර්ණ ස්මාර්ට් බෑන්ඩ් එකක් වන අතර එය නින්ද අධීක්ෂණය, පියවර, දුර, කැලරි අධීක්ෂණය වැනි ස්මාර්ට් අංග සහිතව නිරෝගීව හා ක්‍රියාශීලීව සිටීමට පරිශීලකයාට හැකියාව ලබා දෙයි. පැමිණෙන ඇමතුම් / පණිවිඩ දැනුම්දීම්, ක්‍රියාකාරකම් මතක් කිරීම්,එලාම් සහ තවත් බොහෝ විශේෂාංග වලින් යුක්ත වේ.

5ATM water resistance හැකියාව නිසා , පරිශීලකයාට දහඩිය දමමින් ව්‍යායාම කිරීමේදීත් , පිහිනීම අතරතුරත් , ඕනෑම වැසි සහිත අවස්ථාවකත්  Huawei Band 4e (Active) පැළද සිටීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ .  මෙම විශේෂාංගය නිසා වැසි සහිත කාලගුණික තත්ත්වයන් යටතේ වුවද ක්‍රීඩා කිරීමට සහ ව්‍යායාම වලට සහභාගී වීමට පරිශීලකයාට හැකියාව ලැබේ. බැටරි ධාරිතාව යනු ඕනෑම ස්මාර්ට් බෑන්ඩ් එකක වැදගත් අංගයකි . Huawei Band 4e (Active) සාමාන්‍ය භාවතා කිරීම් යටතේ සතිදෙකක බැටරි ආයු කාලයක් ලබාදේ. මෙම විශේෂත්වයන් රැසක් සහිත Huawei Band 4e (Active) ඉහළ ඉල්ලුමක් දිනාගනු ඇති බව බොහෝ දෙනාගේ අදහසයි.

Huawei Band 4e (Active)  රු. 5,499/- මිළකට , සියලුම Huawei Experience Centers , දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර , Daraz.lk හා Singer.lk වෙතින්ද  මිලදී ගත හැකි වේ.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *