Sinhala

ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීමේ අරමුණින් දියත් කල “Fems ඇය” සිය ගමන් මගේ පළමු සංවත්සරය සමරයි

“Fems ඇය” යනු Hemas Consumer Brands හි කාන්තා සනීපාරක්ෂක වෙළෙඳ සන්නාමය වන Fems විසින් ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්‍ෂක පිළිවෙත් පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සහ පහසු මිලකට ලබා ගත හැකි සනීපාරක්ෂක නැප්කිනයක් වෙළඳපොලට හඳුන්වා දීමේ අරමුණින් දියත් කල මුලපිරිමකි. මෙලෙස හඳුන්වා දුන් “Fems ඇය” එහි පළමු සංවත්සරය සමරයි.

2021 මාර්තු 8 වන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දියත් කරන ලද “Fems ඇය” මුලපිරීම වෙනුවෙන් The Merrill J. Fernando foundation, Arka Initiative, Sarvodaya Women’s movement සහ Sarvodaya-Fusion යන ආයතන ද සිය දායකත්වය ලබා දුනි. තවද මාධ්‍යවේදීන්ගේ සහය ඇතිව පැවති මෙම එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත සහ COVID රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද සහභාගී විය.

“Fems ඇය” මුලපිරීමේ හවුල්කාරී පාර්ශවයන් ගේ සහාය ඇතිව,ග්‍රාමීය මෙන්ම ප්‍රාදේශීය කාන්තාවන් 2500 ක් සඳහා ද වතු කම්කරුවන් සහ තරුණයින් සඳහා ද මාර්ගගත සහ නොබැඳි පුහුණු වැඩසටහන්   අඛණ්ඩව ක්‍රියාත්මක   කරන ලදී.

ව්‍යාපාර ලෝකය තුල කඩිනමින් වර්ධනය වන ආයතනයක් වශයෙන්, Hemas Consumer Brands ඔසප් සනීපාරක්ෂාව පිලිබඳ මාතෘකාව සාමාන්‍යකරණය කිරීමෙහි ලා සිය අභ්‍යන්තර කාර්යමණ්ඩලයේ ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවයේම සේවකයින් 6700කට අධික පිරිසක් සඳහා “Fems ඇය” සනීපාරක්ෂක නැප්කින් නොමිලේ බෙදා දීමේ ව්‍යාපෘතිය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට සමත් විය. ඔසප් දරිද්‍රතාවය තුරන් කර, දැරිය හැකි පහසු මිලට, තත්වයෙන් උසස් සනීපාරක්ෂක නැප්කින් සඳහා සියලුම කාන්තාවන්ට සමාන ප්‍රවේශයක් ලබා දීමේ අරමුණින් යුතුව මෙම ව්‍යාපෘතිය දියත් කෙරුණි.

සමාජය තුළ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව පිලිබඳ විවෘතව කථා කිරීමට හැකියාව පැවතිය යුතු බවත්, ඔසප් සෞඛ්‍යය පිළිබඳව නිසි අධ්‍යාපනයක් සමාජය තුල පැවතිය යුතු බවත්, එමඟින් ඔසප් සෞඛ්‍යය පිළිබඳ ඇති සමාජ දුර්මත අවසන් කල හැකි බවත් Hemas Consumer Brands විශ්වාස කරයි. සෑම කාන්තාවක්ම අත්විඳින වඩාත් ස්වාභාවික සංසිද්ධියක් වන මෙම ඔසප් වීමේ ක්‍රියාවලිය සමස්ථ ජනයා අතර සාමාන්‍යකරණය කිරීමට   පිරිමි පාර්ශවයන්ට දායක විය  හැකි අතර එමඟින් මුළු සමාජයටම මෙම ක්‍රියාවලියට සහයෝගය දැක්විය හැකිය.

Fems විසින් ගුණාත්මකභාවය හා ප්‍රමිතීන්ට අනුකූලව පහසු මිලකට සනීපාරක්ෂක නැප්කිනයක් හඳුන්වා දෙන ලදී. ‘’Fems ඇය” යනු කපු මතුපිටකින් යුතු  පියාපත් සහිත සනීපාරක්ෂක නැප්කිනයක්  වන අතර එය දවස පුරා සුවපහසුව සහ උපරිම ආරක්‍ෂාවක් ලබා දෙයි.එසේම පාරිභෝගිකයින්ට උපරිම සුවපහසුවක් ලබා දීම සහතික කිරීමේ අරමුණින්, ශ්‍රී ලාංකීය ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇත.

Fems සෑම ශ්‍රී ලාංකික කාන්තාවකගේම අවශ්‍යතාව මැනවින් අවබෝධ කරගෙන උසස් සුවපහසුව සහ ආරක්ෂාව පිලිබඳ අවධානය යොමු කරන සන්නාමයකි.නාගරික ,ග්‍රාමීය ප්‍රදේශවල මෙන්ම දිවයින පුර විසිර සිටින  පාරිභෝගික ප්‍රජාවට Fems  සනීපාරක්ෂක නැප්කින්  සඳහා කිසිදු බාධාවකින් තොරව ප්‍රවේශ විමේ හැකියාවක් පවතී.ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සනීපාරක්ෂක නැප්කින්  සන්නාමයක් ලෙස,  වසර ගණනාවක් පුරා බොහෝ ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ හදවත් දිනා ගැනීමට Fems  සමත් වී ඇත.

Hemas Consumer Brands පිලිබඳ

Hemas Consumer Brands   ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය ආයතනයක් වන අතර ශක්තිමත් අරමුණු සහිත වෙළඳ නාම සහ ප්‍රගතිශීලී තිරසාර භාවිතයන් ඔස්සේ වසර ගණනාවක් පුරා පාරිභෝගික හදවත් දිනා ගෙන ඇත.  ලෝක මට්ටමේ නිෂ්පාදන කළඹ තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ පෞද්ගලික සත්කාර විසඳුම් ගෙන ඒමට  Hemas Consumer Brands උත්සාහ දරයි. වර්ධනය කෙරෙහි මඟ පෙන්වන නවෝත්පාදන කණ්ඩායම් වලින්  පෝෂණය වන දේශීය දැනුම අනාවරණය කරමින් උසස් වෙළෙඳ පොළ ප්‍රමුඛ සහ  සම්මානනීය නිෂ්පාදන නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන් පිළිගැනීමට ලක්ව ඇත. දිවයින පුරා අර්ථවත් පරිත්‍යාගයන් සිදු කිරීම, විශ්වාසදායි සහයෝගීතාවන් ඇති කිරීම සහ පරිසර හිතකාමී ලොවක් වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීම යනාදියෙන්  Hemas Consumer Brands ශ්‍රී  ලාංකේය ජනයාගේ හදවත් ස්පර්ශ කර‍යි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *