Sinhala

DIMO සිය බලශක්ති විසඳුම් “DIMO Energy” ලෙස ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO ආයතනය DIMO Energy යන නව සන්නාමය යටතේ සිය බලශක්ති විසඳුම් හඳුන්වා දෙන ලදී.

DIMO Energy නව සන්නාමය අධි වෝල්ටීයතා බල විසඳුම් (High Voltage Power Solution), මධ්‍යම වෝල්ටීයතා සහ අඩු වෝල්ටීයතා බල විසඳුම් (Medium Voltage & Low Voltage Power Solutions) සහ පුනර්ජනනීය බලශක්ති විසඳුම්  (Renewable Energy Solutions) ලබා දෙයි. මීට අමතරව සිය වර්තමාන නිෂ්පාදන කළඹ පුළුල් කරමින් cogeneration solutions සහ  agrivoltaics විසඳුම් ලබා දීමට කටයුතු කරයි.

පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයක් සහිත එක්-නැවතුමක් බවට පත්වීමත් සමඟ DIMO Energy, බලශක්ති උත්පාදන ක්‍රියාවලීන්හි කාලය, ශ්‍රමය සහ මුදල් ඉතිරි කරමින් අති නවීන විසඳුම් සැපයීම සහතික කරයි. දශක ගණනාවක අසමසම ප්‍රවීණත්වය සහ දැනුම මත පදනම්ව ජාත්‍යන්තර බලශක්ති උත්පාදන විසඳුම් සැපයීම DIMO Energy සිදුකරයි.

වර්තමාන ලෝකය තුළ රටවල් සිය ව්‍යාපාරවල  බලශක්ති පිරිවැය ඉහළ යාමේ අභියෝගයකට මුහුණ දෙයි. DIMO Energy මෙම අභියෝගයට ප්‍රතිචාර දක්වමින් cogeneration solutions හරහා  කර්මාන්ත නිෂ්පාදන ක්‍රියාවලීන් තුළ ජනනය කරන අතිරික්ත තාපය විදුලිය බවට පරිවර්තනය කිරීම් වෙතට යොමු වී ඇත. ඇඟලුම්, සිමෙන්ති කම්හල්වල නිපදවන තාපය තුළින් ටර්බයින හරහා විදුලිය නිපදවීම මේ  තුළින් සිදුකරයි.

කෘෂිකාර්මික ක්ෂේත්‍රවල සූර්ය පැනල සවි කිරීමට උපකාරී වන agrivoltaics කෙරෙහිද  DIMO Energy සිය අවධානය යොමු කරයි. මෙම ප්‍රවේශය යටතේ, සූර්ය පැනල කෘෂිකාර්මික ක්ෂේත්‍රවලට ඒකාබද්ධ කර ඇති අතර, එමගින් සෘජු හිරු එළියෙන් ආරක්ෂා වූ විට වර්ධනය වන විශේෂිත  බෝග වගා කිරීමට හැකි අතර  පුනර්ජනනීය බලශක්ති ද නිපදවිය හැක.

ශ්‍රී ලංකාවේ බල සැපයුම් දාමයේ ක්‍රියාකාරීත්වයට DIMO Energy සිය උපායමාර්ගික හවුල්කරු Siemens සමඟ ඇතිකර ගෙන ඇති සහයෝගීතාවය බෙහෙවින් ඉවහල් වේ. රටේ ග්‍රිඩ් උපපොළවල්වලින් 70% ක ප්‍රමාණයක ඉදිකිරීම් පිටුපස DIMO Energy සිටියි. DIMO Energy විසින් තම “DIMO LUMIN” සන්නාමය යටතේ නවීනතම ස්විච්බෝඩ් පිරිනමනු ලබන අතර, ජාත්‍යන්තරව පිළිගත් ‘SIEPAN’ සහ ‘SIVACON’ සන්නාම වල ස්විච්බෝඩ් සැපයීම මඟින්, වඩාත් සංකීර්ණ අවශ්‍යතා ද සපුරාලයි.

DIMO Energy මෙරට ප්‍රථම micro-grid ව්‍යාපෘතිය මොරටුව විශ්වවිද්‍යාලයේදී සාර්ථකව ආරම්භ කිරීමට පුරෝගාමී විය. මේ අතර සමාගමේ “DI-Solar” පුනර්ජනනීය බලශක්ති විසඳුම මඟින් පාරිභෝගිකයින්ට  කෝෂ නොමැතිව විදුලි බිදවැටීම් තුළ දී නාස්තියකින් තොරව සූර්ය පැනල තුළින් බලශක්තිය නිපදවීමට හැකි වී ඇත. DIMO Energy ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ව්‍යාප්ත වෙමින් බලශක්ති යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා උගන්ඩාවේ සහ මාලදිවයිනේ සිය මෙහෙයුම් ආරම්භ කර ඇත.

DIMO හි විධායක අධ්‍යක්‍ෂ සහ විදුලිබල හා බලශක්ති අංශය භාරව කටයුතු කරන විජිත් පුෂ්පවෙල මහතා මෙසේ පැවසීය, “නව DIMO Energy සන්නාමය මඟින් ප්‍රජාවගේ  සිහින සහ අභිලාෂයන් බලගන්වමින් එහි සන්නාම පොරොන්දුව වන අනාගතය බල ගන්වමින් අපගේ සියලුම පාරිභෝගික අවශ්‍යතා එකම වහලක් යටින් සපුරාලීම සිදුකිරීමට අපට දැන් හැකියාව ලැබී ඇත.”

DIMO EPC කොන්ත්‍රාත්කරුවෙකු සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රධාන පාර්ශවකරුවකු  වශයෙන් පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනාගෙන ඇත. ඒ තුළින් DIMO සිය පුනර්ජනනීය බලශක්ති ව්‍යාපාරයේ මීළඟ අදියරේ වර්ධනය සඳහා හොඳින් ස්ථානගත වී ඇත. ශ්‍රී ලංකාවේ ෆොසිල ඉන්ධන බලශක්ති ප්‍රභවයන් නොමැතිකම, ගෝලීය ඉන්ධන වෙළඳපොලේ අස්ථාවරත්වය, අධික මිල සහ තිරසාරභාවය යන තත්ත්වයන් හේතුවෙන්, දේශීය ව්‍යවසායකයන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වෙමින් සිටියි.

ආර්ථිකය නැවත ස්ථාපිත කිරීම කරා යන ගමනේදී ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇත. වේගවත් කාර්මික සංවර්ධනයක් සඳහා ආයෝජන ආකර්ෂණය කර ගැනීම දැන් රටෙහි මූලික අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. මෙම ගමනට සහයෝගය දක්වමින් විවිධ කර්මාන්තයන්හි විදුලි බලය සම්බන්ධ අවශ්‍යතා සඳහා සම්පූර්ණ විසඳුම් ලබාදෙමින්  බලශක්ති ඉල්ලුම සපුරාලීම උදෙසා  DIMO Energy පෙරමුණ ගෙන කටයුතු කරයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *