Sinhala

FACETS Sri Lanka ජාත්‍යන්තර මැණික්හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2024 ජනවාරිමසසිට

ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය අඛණ්ඩව 30 වැනි වරටත් නැවතත් පැවැත්වීමට නියමිතය.  ශ්‍රී ලාංකේය මැණික් හා ස්වර්ණාභරණ සංස්කෘතියේ ආශ්චර්යයන් ලොවට විදහා දැක්වීම මෙම ප්‍රදර්ශනයේ අරමුණයි. ලෝකයේ විශිෂ්ටතම මැණික් ගල් නිෂ්පාදනය කරමින් ශ්‍රී ලංකාව මැණික් සඳහා සුවිශේෂී ස්ථානයක් හොබවයි. දේශීය සංස්කෘතිය කැටිකොට ගනිමින් ගෝලීය ප්‍රවණතාවයන්ටද අනුකූලව සුවිශේෂී ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණය කිරීම ශ්‍රී ලංකාව සිදු කරනු ලබයි.

FACETS හි මෙවර සංස්කරණය තුළින් ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ මූලාරම්භය ගවේෂණය කරන අතර, රජවරුන්ගේ යුගය දක්වා ගමන් කරමින් රටේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත විකාශනය ඉදිරිපත් කරයි. මීට අමතරව, FACETS 2024 තුළින් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ අනාගතය පිළිබඳවත් අනාගත ගෝලීය ප්‍රේක්ෂකයින් ආකර්ශනය කරගැනීම පිළිබඳවත් අවදානය යොමු කරයි. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තවදුරටත් වර්ධනය කිරීම සඳහා අනුගමනය කළ යුතු විවිධ පැතිකඩයන් වන තිරසාරභාවය, සාධාරණ වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සහ පරිසර හිතකාමී භාවිතයන්ට යොමුවීම යන කරුණු කෙරෙහි ප්‍රදර්ශනය සිය අවධානය යොමු කරනු ඇත. ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සමස්ත වටිනාකම් දාමයේ තිරසාරත්වය පිළිබඳවත් මෙම ප්‍රදර්ශනය වඩාත් තිරසාර වේදිකාවකට මාරුවීම පිළිබඳවත් ඉතා සතුටින් දැනුම් දෙයි.

FACETS 2024 ප්‍රදර්ශනය ජනවාරි 6 සිට 8 දක්වා කොළඹ Cinnamon Grand හීදී පැවැත්වේ. මෙම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය මඟින් ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය, ඉහළ පෙළේ වෙළඳ ගැනුම්කරුවන්, මැණික් ගල් සහ ස්වර්ණාභරණ තොග වෙළෙන්දන් සහ අපනයනකරුවන්, නිෂ්පාදකයින්, මැණික් කපන්නන්, සිල්ලර වෙළෙන්දන් මෙන්ම ලොව පුරා සිටින උද්‍යෝගිමත් මැණික් එකතුකරන්නන් එකට එක් කරනු ඇත.

FACETS Sri Lanka – ජනවාරි 6 සිට 8 දක්වා

Cinnamon Grand Colombo හීදී

දැන්ම ලියාපදිංචි වන්න: [email protected]

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *