Sinhala

‘DIVA දෑතට දිරියක්’ දංකොටුව වැඩසටහනෙහි ජයග්‍රාහිකාවන් ඇගයෙයි

සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, Women in Management (WIM) සමඟ එක්ව දියත් කළ, කාන්තා ව්‍යවසායකත්වය හා නිපුණතා සංවර්ධනය පිළිබඳ පුහුණු සැසි ඇතුළත් ‘DIVA දෑතට දිරියක්’ වැඩසටහන් මාලාවේ දංකොටුව වැඩසටහනෙහි ජයග්‍රාහිකාවන් පසුගිය දා සම්මානයට පාත්‍ර විය. මෙම වසරේ දංකොටුව ප්‍රදේශයෙන් මෙහි ප්‍රථම වැඩසටහන ආරම්භ කළ අතර, එය අද වන විට ජාතික වැඩසටහනක් වශයෙන් මුළු දිවයින ම ආවරණය කරමින් පවතියි. 

මෙරට ආර්ථික අර්බුදයේ පීඩනය සෑම දෙනාටම තදින් දැනෙන කාල වකවානුවක, ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ගේ නිරත වන්නන්, නිවසේ ආර්ථිකය නගා සිටුවන්නට සවියක් වෙමින්, රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට දායක වීමේ කැපී පෙනෙන ප්‍රවණතාවක් දක්නට ලැබිණි. මේ කාලය තුළ ගෘහනියන් සිය පවුලට ශක්තියක් වෙමින් ව්‍යවසායිකාවන් බවට පරිවර්තනය වීම ද කැපී පෙනිණි. සාම්ප්‍රදායික ගෘහනියකගේ භූමිකාවෙන් බැහැරව, මැහුම් ගෙතුම්, ආහාර පාන, අත්කම් නිර්මාණ ආදී තමා සතු දක්ෂතා තුළින්ම පවුලේ ආර්ථිකය සවිමත් කරන්නට කටයුතු කරමින්, ශ්‍රම බලකායේ කොටසක් ලෙස ජාතික ආර්ථිකයට ශක්තිය සැපයීමට ඔවුන් කාන්තා ව්‍යවසායකයන් ලෙස ඉදිරි පියවරක් තැබීම ඉතා වටිනා පරිවර්තනයකි. කාන්තා ව්‍යවසායකයින්ගේ මෙම අප්‍රහිත ධෛර්යය පිළිබඳ හොඳින් අවබෝධ කර ගන්නා DIVA, ව්‍යාපාර කිරීම සඳහා ඔවුන් සතු දැනුම, කුසලතා හා හැකියාවන් තවදුරටත් ඔප් නංවා ගැනීමට වෘත්තීමය මාර්ගෝපදේශනය සැපයීම අරමුණු කරගනිමින් DIVA දෑතට දිරියක් වැඩසටහන දියත් කරයි.

DIVA දෑතට දිරියක් වැඩසටහන ඔස්සේ ව්‍යාපාර ආරම්භය, ඒවා ක්‍රමානුකූලව පවත්වා ගැනීම, අලෙවිය මේ යනාදිය සඳහා අවශ්‍ය දැනුම, කුසලතා ලබා දීම තුළින් කාන්තා ව්‍යවසායකයන් හට ආත්ම විශ්වාසයෙන් යුතුව තම ව්‍යාපාර සිදු කිරීමට ශක්තියක් වෙයි.

ඇතැම් කාන්තාවන්ට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක්, දැනුමක් හෝ සහයෝගයක් නොලැබීමේ සංවේදී කාරණය වටහා ගන්නා DIVA, DIVA දෑතට දිරියක් වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ දක්‍ෂ කාන්තා ව්‍යවසායකයින්ට අත්වැලක් සැපයීමට අරමුණු කරයි.

කාන්තාවන්ගේ ගෘහස්ථ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙන DIVA දෑතට දිරියක් වැඩසටහනට සහභාගි වන කාන්තාවන් පෙන්නුම් කරන දක්ෂතා හා ප්‍රගතිය නිරීක්ෂණය කර, වැඩසටහන අවසානයේ ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන දිනා ගන්නා කාන්තා ව්‍යවසායකයින්ගේ දියුණුව හා ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමට මූල්‍ය ත්‍යාග පිරිනමමින් ඔවුන්ව තවදුරටත් දිරිමත් කිරීමට ද  DIVA  අරමුණු කරයි.

මෙසේ DIVA දෑතට දිරියක් දංකොටුව වැඩසටහන වෙත සහභාගී වූ කාන්තාවන්ගේ හොඳම ව්‍යවසායකත්ව දක්ෂතා හා කුසලතාවන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පිළිවෙලින් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන දිනා ගත් කාන්තා ව්‍යවසායකයින් ලෙස පොල් පැණි ව්‍යාපාරයේ නිරත H. K. ශානිකා ප්‍රභාශිනි, කළු දොදොල් නිෂ්පාදනයේ නියැලෙන R. S. නිලක්ෂිකා සහ අච්චාරු ව්‍යාපාරයේ යෙදෙන R.M.S. ලක්මාලි යන කාන්තා ව්‍යවසායකයින් සම්මානයට පාත්‍ර විය.

මෙම වැඩසටහනේ ප්‍රථම ස්ථානය දිනා ගත් H.K. ශානිකා ප්‍රභාශිනී මහත්මිය, “මේ ජයග්‍රහණය ගැන මට ගොඩක් සතුටුයි, මගේ ව්‍යාපාරයට ලැබුණු වටිනාම ත්‍යාගයක්. මාව අගය කරලා මාව මේ තැනට ගෙන ආවාට හේමාස් ආයතනයටත්, මගේ පවුලටත්, මාව මේ තැනට යොමු කරල මට සහයෝගය ලබා දුන් සියළු දෙනාටත් මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. මට අවශ්‍ය වෙලා තිබුණා මගේ ව්‍යාපාරය තවදුරටත් දියුණු කරන්න. මේ ලැබුණු මුදල් ත්‍යාගය ඒ වෙනුවෙන් යොදවන්න මං කටයුතු කරනවා. මගේ හෘදයාංගම ස්තූතිය සහ ගෞරවය Diva දෑතට දිරියක් වැඩසටහන වෙත මේ අවස්ථාවේ දී පුද කරනවා” යනුවෙන් සිය අදහස් දැක්වීය.

“තොටිල්ල පදවන දෑත ලෝකය පාලනය කරයි” යන සුප්‍රසිද්ධ කියමනෙන් ඇඟවෙන පරිදි  අනාගත පරපුර පෝෂණය කරන කාන්තාව, රටේ සංවර්ධනය වෙනුවෙන් ද ප්‍රබල දායකත්වයක් සපයයි. නිසි ඇගයීමත්, ආදරය හා රැකවරණයත් ඇය වෙත නිරන්තරයෙන් ලැබිය යුතු බව අප සෑම විටම අවබෝධ කර ගත යුතු ය. DIVA දෑතට දිරියක් වැඩසටහන කාන්තාවන් සතු ශක්තියත්, සැඟ වී ඇති කුසලතා මතු කර ගනිමින් ව්‍යාපාර අවස්ථා සඳහා දොරටු විවර කර දෙමින් අනාගතය ජය ගැනීමට නිරන්තරයෙන් ඔවුන් දිරිමත් හා සවිමත් කරයි.

Hemas Consumer Brands පිළිබඳව

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ හා පෞද්ගලික සත්කාරක නිපැයුම් නිෂ්පාදකයා වන Hemas Consumer Brands ශක්තිමත් අරමුණු සහිත ව  ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන හා භාවිතයන් තුළින් වසර ගණනාවක් පුරා මෙරට පාරිභෝගික හදවත් දිනා ඇති සමාගමකි.  Hemas Consumer Brands ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල සිය නිෂ්පාදන පෙළ හරහා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අත්‍යවශ්‍ය පෞද්ගලික සත්කාරක විසඳුම් රැසක් ගෙන එයි. සිය නවෝත්පාදන කණ්ඩායම් හරහා වෙළෙඳපොළ  විවිධ අවශ්‍යතා සඳහා සරිලන සම්මානලාභී දේශීය නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට එම සමාගමට හැකියාව ලැබී තිබේ.  Hemas යනු සිය ගුණාත්මක නිෂ්පාදන තුළින් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින්, පරිසර හිතකාමී  ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් පෙරමුණ ගෙන සිටින සමාගමකි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *