Sinhala

Lever Ayush දේශීය ආයුර්වේදය පෝෂණය කිරීමේ අදිටනින් AyurEx 2023 හි ප්‍රධාන අනුග්‍රාහකත්වය දරයි

ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආයුර්වේද නිෂ්පාදන සන්නාමයක් ලෙස විශ්වාසනීයත්වය තහවුරු කළ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි ප්‍රමුඛතම ආයුර්වේද නිෂ්පාදන සන්නාමය වන “Lever Ayush” මෙරට දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය, අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය වන  AyurEx Colombo 2023  හි ප්‍රධාන අනුග්‍රහකයා වශයෙන් සිය සාඩම්බර දායකත්වය ලබාදෙන ලදී. මෙය පසුගිය සැප්තැම්බර් මස 08,09 හා 10 යන තෙදින පුරා බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරීශ්‍රයේදී සංවිධානය විය. ප්‍රදර්ශකයන් 120කට අධික ප්‍රමාණයක නිෂ්පාදන හා සේවා ප්‍රදර්ශනය කරන ලද අතර සම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව හා ඒ ආශ්‍රිත කර්මාන්ත  පිළිබඳව ගෝලීය විශේෂඥයින් එකට එක්කිරීමේ  යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ කැපවීම මෙම වැඩසටහන හරහා සමාජගත කරන ලදී.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ රූපලාවණ්‍ය යහපැවැත්ම සහ පුද්ගල රැකවරණ පිළිබඳ අලෙවි අධ්‍යක්ෂිකා ෂමාරා සිල්වා මහත්මිය මෙසේ සිය අදහස් දක්වන ලදී. “ආයුර්වේද ක්ෂේත්‍රය පිළිබඳව Lever Ayush හි කැපවීම සනිටුහන් කළ අවස්ථාවක් ලෙස AyurEx Colombo 2023 වෙනුවෙන් ප්‍රධාන දායකත්වය ලබාදීමට හැකිවීම ගැන අපි බෙහෙවින් ආඩම්බරයට පත්වෙනවා. යුනිලිවර් ශ්‍රී ලංකා අපි නිරතුරුවම දේශීය ආයුර්වේදයේ ඇති වැදගත්කම පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කරනු ලබනවා. AyurEx වැනි ජාතික වශයෙන් වැදගත් වන අවස්ථා සම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රමයන්ගේ පුනර්ජීවනය හා පෝෂණයේ වැදගත්කමේ කොටසක් ලෙස අපි විශ්වාස කරනු ලබනවා. අපගේ Lever Ayush සන්නාමය හරහා සෑම මට්ටමකම පාරිභෝගිකයන් වෙත මෙම ජාතික පණිවිඩය ගෙන යාමට අපි කැපවී සිටිනවා. AyurEx Colombo 2023 වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස අපගේ ප්‍රයත්නයේ  මූලික අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ  පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයන්ගේ භාවිතයන් අභාවයට යෑමට නොදී ගවේෂණය හරහා ගෝලීය වශයෙන් මෙම පුරාණ පිළිවෙත් වෙත අවධානය හා අවස්ථාව ලබාදීමයි. අපගේ සන්නාමය හරහා ඒ වෙනුවෙන් අවශ්‍ය කරනු මූලික ප්‍රවර්ධනය ලබාදෙන අතර AyurEx 2023 හරහා අනාගත පරම්පරාව උදෙසා දැනුම සංරක්ෂණය කිරීමේ ප්‍රයත්නයේ කොටස්කරුවන් වීමට හැකිවීම පිළිබඳව අපි ඉතාමත් ආඩම්බර  වෙනවා. ”

ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය.AyurEx 2023 සාර්ථක කරගැනීම සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වය ලබාදුන් Lever Ayush වෙත මගේ හෘදයාංගම ස්තුතියි පුදකරනවා.  ආයුර්වේදය හා දේශීය වෛද්‍ය ක්‍රමයන් කෙරෙහි ශ්‍රී ලංකාවේ ගැඹුරු හා අර්ථවත් ඉතිහාසයක් පවතින අතර සියලු පාර්ශ්වකරුවන්ට එකම වේදිකාවකට එකතුවීමේ අවස්ථාව AyurEx 2023 සපයා ඇත. සම්ප්‍රදායික ආයුර්වේද පිළිවෙත්වල වටිනාකම ඉස්මතුකිරීමේ අපගේ මෙහෙවර වෙනුවෙන් වටිනාකමක් එකතු කළ Lever Ayush වෙත නැවතත් කෘතඥ වනු ලබනවා.’’

AyurEx Colombo 2023 හරහා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්, වෘත්තිකයන් හා සම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ ශක්‍යතාවය වෙනුවෙන් කැපවන විමර්ශකයින් යන සියලු පිරිස් එකම වේදිකාවක් වෙත ගෙන එමට සමත් විය. දේශීය හා ජාත්‍යන්තර ආයුර්වේද වෙළඳ කුටි 100කට අධික සංඛ්‍යාවක්, ආයුර්වේද උපදේශන හා ආදර්ශන කුටි 100කට අධික සංඛ්‍යාවක් මෙන්ම නව පරම්පාරික ඖෂධ නිෂ්පාදන 50කට අධික ප්‍රමාණයක් එළිදැක්වීම සහ සම්මන්ත්‍රණ, වැඩමුළු 25ක් පමණ මෙම දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනය හරහා සමාජගත කරන ලදී.

2018 වසරේදී ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙත හඳුන්වාදුන් Lever Ayush වසර 5000ක    අතීත ආයුර්වේද වෛද්‍ය දැනුම වර්තමානයට පුරෝකථනය කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදීසිටිමින් සිටියි. Lever Ayush හි ආයුර්වේද නිෂ්පාදන මඟින් වර්තමාන පුද්ගල සුවතාව මැනවින් වර්ධනය කරමින් යහපැවැත්ම ඇතිකිරීමේ සුවිශේෂී කාර්යයභාරයක් ඉටු කරන අතර ඒම නිසාම පාරිභෝගික ආකර්ෂණය හා ඉල්ලුම වර්ධනය වී ඇත. මෙම නිෂ්පාදනයන් ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ පුර්ණ මඟ පෙන්වීම යටතේ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්තශාලාවේ දී දේශීයව නිෂ්පාදනය කරනු ලබයි.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම වසර 85ක් පුරාවට ශ්‍රී ලංකාව තුළ ගැඹුරින් මුල්බැසගෙන ඇති අතර, සැබෑ ශ්‍රී ලාංකීක ජිවන රටාව වර්ධනය හා පෝෂණය කරන පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නිරතුරුවම කැපවී සිටියි. දිවයිනේ විශාලතම සීඝ්‍රයෙන් අලෙවිවන පාරිභෝගික නිෂ්පාදන (FMCG) සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම තම නිෂ්පාදනයන්ගෙන් 96% ක් දේශීයව නිෂ්පාදනය කරනු ලබයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *