Sinhala

අදානිසිමෙන්ති සමාගම,බිලියන 3.5ක ප්‍රතිමූල්‍යකරණය වසර 3ක කාල සීමාවකින් අවසන් කරයි

 අදානි සිමෙන්ති සමාගම , එන්ඩෝවර් ට්‍රේඩ් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් හරහා,  ජාත්‍යන්තර බැංකු 10ක් මගින් ලබා ගත් ඇමරිකානු ඩොලර් මිලියන 3,500ක (ඇමරිකානු ඩොලර් බිලියන 3.5)  මූල්‍ය පැකේජයක් හරහා සිය  අම්බුජා සහ ACC නිෂ්පාදන වෙනුවෙන් සිදු කළ ප්‍රතිමූල්‍යකරණ වැඩසටහන සාර්ථකව නිම කිරීමට සමත් වූ බව සතුටින් නිවේදනය කරයි. මෙම ව්‍යාපෘතිය මගින්  ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ තුළ අදානි සමූහය සතු ශක්තිමත් ප්‍රවේශය සහ ඉහළ ද්‍රවශීලතා මට්ටම  පෙන්නුම් කරන අතර, එමගින් අදානි සිමෙන්ති සමාගමේ  සමස්ත පිරිවැයෙන් ඇමරිකානු ඩොලර්  මිලියන 300 ක් ඉතිරි කර ගැනීමට එම සමාගමට හැකි විය.

අදානි සිමෙන්ති යනු ඉන්දියාවේ දෙවන විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා වන අතර, එම සමාගමේ අම්බුජා සහ ACC (ඉන්දියාවේ පැරණිතම මෙන් ම ප්‍රමුඛතම සිමෙන්ති  සන්නාම දෙකක්) යන සන්නාම මේ වසරේ සැප්තැම්බර් 22 වන දින අවසන් කරන ලද  ඇමරිකානු ඩොලර් බිලියන 6.6 ක අත්පත් කර ගැනීම,  යටිතල පහසුකම් සහ ද්‍රව්‍ය යන ක්ෂේත්‍ර තුළ වාර්තා වූ විශාලතම අත්පත් කර ගැනීම ලෙස හඳුන්වා දිය හැකිය.  2022 සැප්තැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක වූ මෙම ඩොලර් බිලියන 3.5 ක ප්‍රතිමූල්‍යකරණ වැඩසටහන තුළින් සිය සිමෙන්ති බෙදාහැරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව මෙන් ම ප්‍රශස්ථ අයුරින් සිදු කිරීමට අදානි සිමෙන්ති සමාගමට හැකි විය.

අම්බුජා සහ ACC යනු ඉන්දියාවේ ශක්තිමත් ම සිස්මෙන්ති සන්නාම දෙකක් වන අතර මෙම සන්නාම ගෙන එන අදානි සිමෙන්ති සමාගම, අත්දැකීම් සහ  විශේෂඥ දැනුමකින් සමන්විත අදානි පෝර්ට්ෆෝලියෝ සමාගම සමග ඒකාබද්ධ වෙමින්  අමුද්‍රව්‍ය, පුනර්ජනනීය බලශක්ති සහ සැපයුම් යන ක්ෂේත්‍ර ඔස්සේ සුවිශේෂී සේවාවක් ඉටු කරයි.   

ඉන්දියාවේ අහමදාබාද් නුවර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන අදානි සමූහය, ලොජිස්ටික්ස් (වරාය, ගුවන්තොටුපළ, සහ දුම්රිය ආශ්‍රිත සැපයුම් හා නැව්ගත කිරීම), සම්පත්, බලශක්ති උත්පාදනය හා බෙදා හැරීම, පුනර්ජනනීය බලශක්තිය, ගෑස් ආදී ක්ෂේත්‍ර ඔස්සේ සේවා සපයන ඉන්දියාවේ විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් වන අතර,  එම සමූහය යටිතල පහසුකම්, කෘෂිකාර්මික (භාණ්ඩ, ආහාරයට ගත හැකි තෙල්, ආහාර නිෂ්පාදන, ශීත ගබඩා සහ ධාන්‍ය ගබඩා), නිශ්චල දේපළ, පොදු ප්‍රවාහන යටිතල පහසුකම්, පාරිභෝගික මූල්‍ය සහ ආරක්ෂක ඇතුළු අනෙකුත් අංශ යනා දී වශයෙන් පුළුල් ක්ෂේත්‍රයක් ආවරණය කරයි.  ‘ජාතිය ගොඩනැංවීම’ හා ‘යහපැවැත්ම ප්‍රවර්ධනය’ යන අරමුණු සහ තිරසාර වර්ධනය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන  අදානි සමූහය, සිය සමාජ සත්කාරක වැඩසටහන් හරහා පරිසරය ආරක්ෂා කිරීමට සහ ජනතාව බලගැන්වීමට කැප වෙයි. මේ පිළිබඳව වැඩි දුර තොරතුරු දැන ගැනීම සඳහා www.adani.com වෙත පිවිසෙන්න.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *