Sinhala

DIMO Agribusinesses  ශ්‍රී ලංකාවේ ප්‍රථම බෝට් ට්‍රැක්ටරය වන “Bison” දේශීය කෘෂිකර්මාන්තයට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, සිය කෘෂිකර්ම අංශය වන DIMO Agribusinesses හරහා මෙරට ප්‍රථම බෝට් ට්‍රැක්ටරය වන Bison හඳුන්වා දෙන ලදී. Bison බෝට් ට්‍රැක්ටරය ඕනෑම කුඹුරක් සඳහා සුදුසු වන අතර එය සතු ගැඹුරු, එරෙන  මඩ සහිත කුඹුරු වල ක්‍රියාකිරීමේ සුවිශේෂී හැකියාව තුළින් එය වගුරු කුඹුරු සඳහා වඩාත් සුදුසු වේ.

DIMO හි විධායක අධ්‍යක්ෂ සහ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ අංශය අධීක්‍ෂණය කරන රජීව් පණ්ඩිතගේ මහතා මෙම නවෝත්පාදනයේ වැදගත්කම පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “Bison බෝට් ට්‍රැක්ටරය මෙරට කෘෂිකාර්මික යාන්ත්‍රිකකරණ අංශය සවිබල ගැන්වීම සඳහා DIMO විසින් හඳුන්වාදෙන අලුත්ම නවෝත්පාදනයයි. මේ තුළින් රටෙහි කෘෂි යාන්ත්‍රණයට නව අරුතක් එක් කරමින් ගොවි ප්‍රජාවගේ සිහින හා අභිලාශයන් බලගන්වනු ඇත.”

Bison බෝට් ට්‍රැක්ටරයේ කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස හෙක්ටයාර් එකක භූමි ප්‍රදේශයක පැයකට අඩු කාලයකදී කුඹුර සකස්කොට අවසන් කිරීමේ හැකියාව දැක්විය හැක. මේ තුළින් ගොවීන්ට කුඹුර සැකසීමට වැයවන කාලය සහ පිරිවැය යන දෙකම සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකිය. කුඹුරෙහි තත්ත්වය අනුව ගොවීන්ට මෙම ට්‍රැක්ටරය භාවිතා කිරීම මඟින් 75-90% කින් කුඹුර සැකසීමේ පිරිවැය අඩු කර ගැනීමටත් 60-70% කින් කාලය ඉතිරි කරගැනීමටත් හැකියාව ලැබෙනු ඇත. තවද Bison බෝට් ට්‍රැක්ටරය වැනි යන්ත්‍ර මඟින්  ගොවීන් මඩ සමඟ සම්බන්ධ වීම අවම කර ලෙප්ටොස්පයිරෝසිස් (මී උණ) වැනි රෝග පැතිරීමේ හැකියාව ද අඩු කරයි.

Bison බෝට් ට්‍රැක්ටරය අක්කරයකට ඩීසල් ලීටර් 5-6 ක ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුක්ත වන අතර අශ්වබල 22 ක  එන්ජිමකින් ද සමන්විත වේ. එය සතු ගැඹුරු, මඩ සහිත එරෙන කුඹුරු වල ක්‍රියාකිරීමේ හැකියාව තුළින් පස හොඳින් මිශ්‍ර කොට බෝග මුල්වලට අත්‍යවශ්‍ය පෝෂක සැපයීම සිදු කරයි. එසේම ට්‍රැක්ටරය මඟින් කුඹුර සමාන  මට්ටමකට ගෙන එන  අතර එමඟින්  කාර්යක්ෂම ජල කළමනාකරණයට දායක වේ. තවද පස මත ඇති වල් පැළ  සහමුලින්ම පස සැකසීමේදී විනාශ කරමින් බෝගවල නිරෝගී වර්ධනයටද උපකාරී වේ.

කෘෂිකාර්මික අංශය සඳහා DIMO Agribusinesses හි කැපවීම නව්‍යකරණයන්ට පමණක් සීමා නොවන අතර සමාගම විසින් දිවයින පුරා ලබා දෙන අසමසම අලෙවියෙන් පසු සේවාව තුළින් ගොවීන්ට විශ්වාසයෙන් යුතුව Bison බෝට් ට්‍රැක්ටරය භාවිතා කිරීමේ හැකියාව ලබා දෙයි.  යකඩ වීල් යුගල , තැටි නගුලක් , Rack සහ Roller වලින් සමන්විත ට්‍රැක්ටරයේ සැලසුම මඟින්  මඩ සහිත එරෙන  කුඹුරු වල පහසුවෙන් කාර්යක්‍ෂම ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ලබා දෙයි.

Bison බෝට් ට්‍රැක්ටරය හඳුන්වා දීම මඟින් DIMO Agribusinesses, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික යාන්ත්‍රිකකරණය උදෙසා දක්වන සුවිශේෂී දායකත්වය සහ මීළඟ පරම්පරාවේ කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාවට ගෙන ඒමේ ඔවුන්ගේ යාන්ත්‍රණය විදහා දැක්වේ.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *