Sinhala

2023 ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජා ජුවලර්ස් රන් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා රාජා ජුවලර්ස් විසින් 2023 ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේ දී රන් සම්මානයෙන් පිදුම් ලබමින් සිය විශිෂ්ටත්වය සනාථ කරනු ලැබීය. කර්මාන්ත අමාත්‍යාංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද සම්මාන උළෙල පසුගියදා නෙළුම් පොකුණේ දී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

2023 ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන සඳහා කැපීපෙනෙන කර්මාන්ත ක්ෂේත්‍ර 21ක් නියෝජනය කරමින් තරඟකරුවන් ජයග්‍රහණය වෙනුවෙන් තරඟ වැදුණි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් 18 දෙනෙකුගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් විවිධ නිර්ණායකයන් පදනම් කරගනිමින් ජයග්‍රාහකයින් ඇගැයීමට ලක් කරන ලදී. එහිදී ශ්‍රී ලංකා ආර්ථිකය සවිබලගැන්වීම , නිෂ්පාදන ක්‍රියාවලියේ සුවිශේෂිත්වය හා ප්‍රමිතිකරණය මෙන්ම පරිසර හිතකාමී  භාවිතයන්, සේවක පුහුණුව සහ සංවර්ධනය සඳහා දායකත්වය සැපයීමේ කැපවීම යන කාර්යභාරයන් අගයකරමින් රාජා ජුවලර්ස් රන් සම්මානය හිමිකරගනු ලැබීය. රාජා ජුවලර්ස් මෙම සම්මානයෙන් පිදුම් ලැබීම හරහා සිය කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය නැවත නැවත තහවුරුකරනු ලබයි.

රාජා ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා මෙම ජයග්‍රාහී අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්විය. “ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ රාජා ජුවලර්ස් හි විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරමින් මෙම රන් සම්මානය හිමිකරගැනීමට හැකිවිම අපට මහත් ගෞරවයක්. මෙම සුවිශේෂි ජයග්‍රහණය අපගේ සමස්ත රාජා ජුවලර්ස් කණ්ඩායමේ කැපවීම සහ ශක්තිය පෙන්නුම් කරන්නක්. එසේම ගුණාත්මකබව, තිරසාරභාවය හා සේවක සුබසාධනය වෙනුවෙන් අපි නිරතුරුවම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනු ලබනවා.”

ශතවර්ෂයකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකීය ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස රාජා ජුවලර්ස් නිරතුරුවම ජාතික ආර්ථිකය වර්ධනය උදෙසා සිය නොසැලෙන කැපවීම ප්‍රදර්ශනය කරනු ලබයි. රාජ ජුවලර්ස් හි නිෂ්පාදනයන්ගේ පවතින සුවිශේෂිත්වය හා ගුණාත්මකබවින් යුතු ප්‍රමිතින් හරහා පාරිභෝගිකයින් වෙත විශ්වාසනීයත්වය තහවුරු කළ ස්වර්ණාභරණ ලබාදීම සිදුකරනු ලබයි.

එසේම රාජා ජුවලර්ස් පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් නිරතුරුවම කැපවී සිටින අතර පරිසර සුරක්ෂිතභාවය වෙනුවෙන් විවිධ වැඩසටහන් හා පියවර රැසක් අනුගමනය කරමින් පරිසර හිතකාමී භාවිතයන්,  ද්‍රව්‍ය සපයාගැනීමේ සිට නිෂ්පාදන ශිල්පීය ක්‍රම දක්වා ඇතුළත් කර ඇත. රාජා ජුවලර්ස් හි සාර්ථකත්වයේ තවත් සුවිශේෂි අංගයක් වනුයේ සිය සේවක පුහුණුව හා සංවර්ධනය කෙරෙහි නිරතුරුවම අවධානය යොමුකිරීමයි. සමාගමේ දක්ෂ සේවකයින් හඳුනාගෙන ඔවුන් දිරිගැන්වීම , පුහුණු වැඩසටහන් හරහා ශ්‍රම බලකාය සවිබලගැන්වීම සහ සෑම සාමාජිකයෙකුම සංවිධානයේ සාර්ථකත්වයේ හවුල්කරුවෙකු බවට පත්කිරීමේ විශ්වාසනීයත්වය නිර්මාණය කර ඇත.

රාජා ජුවලර්ස් විසින් හිමිකරගත් 2023 කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන හරහා විශිෂ්ටත්වය නැවත තහවුරු කරන අතර, ශ්‍රී ලාංකීය ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නව ප්‍රමීතින් ස්ථාපිත කරමින් දේශීයත්වය මැනවින් පෝෂණ කිරීමේ විශිෂ්ටත්වය තහවුරු කරනු ලබයි.

රාජා ජුවලර්ස්හි අති විශාල අනර්ඝ රන් ආභරණ එකතුව පිළිබඳ වැඩි විස්තර සඳහා www.rajajewellers.com  වෙත පිවිසෙන්න.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *