Uncategorised

Alumex හි නවතම ඇලුමිනියම් නිෂ්පාදන තුළින් ඔබේ නිවසට පරිවර්තනීය වෙනසක්

Hayleys සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් ද්‍රව්‍ය අංශයේ සුවිශේෂි සන්නාමයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC විසින් එහි නිෂ්පාදන පෙළේ උපායමාර්ගික ව්‍යාප්තියක් පසුගියදා හඳුන්වාදෙන ලදි. ජංගම දුරකථන රදවන සහ ටැබ් යන්ත්‍ර රදවනය (Multifunctional Mobile/ Tab Holder),  දර්පණ (Threshold) , බහුකාර්ය රාක්ක (Multipurpose Rack) සහ තවත්  ගෘහ උපාංග එකතුවක්  නිවෙස්වල දෛනික අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් Alumex PLC නිර්මාණය කර ඇති අතර එමඟින් නිවසේ සුවපහසුව, ක්‍රියාකාරීත්වය, අලංකාරය මෙන්ම ආරක්ෂාව වැඩි දියුණු කරයි. විශේෂයෙන් සකස් කරන ලද අති නවීන ඇලුමිනියම් නිෂ්පාදන තෝරා ගැනීම තුළින් නිවාස හිමියන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල දෛනික දිවියේ සුවිශේෂී වෙනසක් ඇති කරමින් පවුල්වල යහපැවැත්ම වැඩිදියුණු කිරීම  Alumex PLC හි අරමුණ වේ.

මෙහිදී Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂක ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය. “වර්තමාන අවශ්‍යතා සපුරාලීම සඳහා ඉහළම ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍යවලින් නිර්මාණය කර ඇති අපගේ Alumex PLC නිෂ්පාදන සතු කල්පවත්නා බව විශිෂ්ටත්වය කරා යන අපගේ ගමනට ඉවහල් වන බව අපි විශ්වාස කරනවා.  වඩාත් සුවපහසු , ක්‍රියාකාරී, අලංකාර සහ ආරක්ෂාව සහිත අපගේ නිෂ්පාදන මෙන්ම අප කාර්ය මණ්ඩලයේ  කාර්යක්ෂම සේවය  පාරිභෝගිකයින් වෙත ඉහළම සේවාවක් සැපයීම වෙනුවෙන් අප ආයතනය දක්වන කැපවීම පිළිබඳව කදිම සාක්ෂියක්”

නිවසක් වැඩිදියුණු කිරීමේදී හෝ ඉදිකිරීමේදී එහි දිගු කාලීන පැවැත්ම වෙනුවෙන් බොහෝ දෙනෙක් ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙන් උපදෙස් ලබා ගනිති. දැවමය නිමාව සහ ඇලුමිනියම් සතු සවිමත් බව මැනවින් මුසු කර  නිර්මාණය කරන ලද  Alumex Building System (ABS) හි ස්ලයිඩින් කවුළු දිගු කල් පැවැත්මක් සහ නව පෙනුමක් ඔබේ නිවහන වෙත ලබා දෙන අතර දැවමය නිමාවෙන් යුත් උපකරණ පමණක් තෝරා ගැනීම පිළිබඳව ඇති මතය ද එමඟින් නිරායාසයෙන් අභියෝගයට ලක් වේ. වසර 30ක් දක්වා වූ ආකර්ෂණීය වගකීම් සහතිකයක් සහිතව පිරිනමන මෙම නිෂ්පාදන මාලාව වැය වන කාලයත් ,පිරිවැයත් ඉතිරි කරන දිගුකාලීන විසඳුමක් ලෙස එය පාරිභෝගික දෛනික දිවිය ඉහළ නංවමින්  තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි.

Alumex විසින් හඳුන්වාදෙන ලද Dwelling බහුකාර්ය රාක්කය (Multipurpose Rack) නිවසේ විවිධ ස්ථානවලට ගෙනයාමේ   හැකියාවෙන් යුතු අතර එය මුළුතැන්ගෙයි, නානකාමරයේ හෝ ගරාජයේ   වැනි ඕනෑම ස්ථානයක අමතර ගබඩාවක් ලෙස   පහසුවෙන් භාවිත කළ හැකිය. එබැවින් එය නිසැකවම පාරිභෝගික දෛනික දිවියට අත්‍යවශ්‍ය අංගයක්  වනු ඇත.

දොර පතුල සහ බිම අතර පරතරය මැනවින් පියවීම සඳහා සකස් කර ඇති Alumex threshold solutions මඟින් කෘමීන් ඇතුළුවීම වැළැක්වීම, වාතය කාන්දු වීම අඩු කිරීම,වායු සමීකරණයෙන් අනවශ්‍ය බලශක්ති නාස්තිය වැළැක්වීම වැනි බහුවිධ ප්‍රතිලාභ රැසක් ලබා දේ. එමෙන්ම  ඉස්කුරුප්පු ඇණ හෝ 3M වර්ගයේ ස්ටිකරයක් භාවිත කිරීමෙන් පාරිභෝගිකයින්ට මෙය පහසුවෙන් සවි කිරීමට හැකිවීමද විශේෂත්වයකි.

Alumex ladder නිෂ්පාදන අතරට එක්වූ නවතම Alumex BB Ladder නිෂ්පාදනය අඩි 2.5 පඩිපෙළක් සහිතව ඉතා සූක්ෂම ලෙස නිර්මාණය කර ඇති අතර මෙය ලිස්සායෑම වැළැක්වීමේ පියවරවල සිට ආරක්ෂිත අගුළු දැමීම දක්වා විවිධ ආරක්‍ෂිත අංගයන්ගෙන් සමන්විත වේ. නිවසේ, කාර්යාලයේ හෝ ගබඩාවේ ඇති ඉහළ ස්ථාන වෙත පහසුවෙන් සහ ආරක්ෂිතව ළඟාවීමට එය කදිම විසඳුමකි.මෙම සුවිශේෂී නිෂ්පාදනය නුදුරේදීම ශ්‍රී ලංකාවේ වෙළෙඳපලට හඳුන්වාදෙනු ඇත.

Alumex වෙතින්   ගෘහ අලංකාරය සහ ප්‍රායෝගිකත්වය එකාබද්ධ කරමින් නිර්මාණ කරන ලද   Dwelling Aluminum mirror එකතුවක් ද පාරිභෝගිකයන් වෙත   පිරිනමා ඇත. මිලිමීටර් 5ක ඝනකමකින් යුත් බෙල්ජියම් වීදුරුවක් සහිත මෙම දර්පණ ආරක්ෂිත ස්ටිකරයකින් ද සමන්විත වන අතර   දිගු කල් පැවැත්ම සහතික කරයි. බහුකාර්ය හැකියාව සහිතව නිමවා ඇති මෙය  සමඟ ලබා දෙන ඉස්කුරුප්පු ඇණ සහ wall plugs (බිත්ති ප්ලග්) උපයෝගී කර ගනිමින් තිරස් හෝ සිරස්  යන දෙයාකාරයෙන්ම මෙය  පහසුවෙන් ස්ථානගත කළ හැකි අතර වසර 10ක වගකීම් සහතිකයක් ද සමඟ වර්ණ තුනක් යටතේ හඳුන්වා දී ඇති මෙම Dwelling Aluminum mirror  ඔබේ නිවසේ  අලංකාරය ඔප් නංවනු ඇත.

උසස් තත්ත්වයේ ඇලුමිනියම් ශක්තිය සහ දිගු කල්පැවැත්ම සහිතව නිර්මාණය කර තිබෙන බහුකාර්ය ජංගම දුරකථන සහ ටැබ් යන්ත්‍ර රදවනය (Multifunctional Mobile/ Tab Holder) සුවිශේෂී දරා ගැනීමේ හැකියාවකින්  යුක්ත වේ. මෙම බහුකාර්ය නවෝත්පාදනයෙහි තිරස් හෝ සිරස් ලෙස වුවද ජංගම දුරකථනයක් හෝ ටැබ් උපකරණයක් ආරක්ෂිතව තබා ගත හැකි අතර එය අධ්‍යාපන සහ කාර්යාල කටයුතු සඳහා මෙන්ම  විනෝදාස්වාදය වෙනුවෙන් ද උපකාරී වන විශේෂ නිර්මාණයකි.

Alumex වෙතින් පිරිනැමෙන තවත් සුවිශේෂී නිෂ්පාදනයක් වන Dwelling Aluminum rulers කට්ටලය ශිෂ්‍යයෙකුට, ගෘහ නිර්මාණ ශිල්පියෙකුට, ඉංජිනේරුවෙකුට, කලාකරුවෙකුට, නිර්මාණකරුවෙකුට, ගුරුවරයෙකුට හෝ නිශ්චිත මිනුම් අවශ්‍ය ඕනෑම අයෙකුට නිරවද්‍යතාවයකින් යුතුව මිනුම් ලබා ගැනීමට උපයෝගී කර ගත හැකි අතර සෙන්ටිමීටර සහ අඟල් යන මිනුම් ද්විත්වයම මෙහි සඳහන් කර ඇත.  සරල රේඛා ඇඳීම, කැපීම හෝ මැසීම සඳහා මතුපිට සලකුණු කිරීම සහ තවත් බොහෝ දේ සඳහා වඩාත් සුදුසු මෙය පැහැදිලි සහ නිවැරදි ක්‍රමාංකනවලින් යුතු බහුකාර්ය නිර්මාණයකි.

පාරිසරික බලපෑම සැලකිය යුතු ලෙස අඩු කරමින් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කිරීම පිළිබඳව  වැඩි අවධානයක් සහිතව කටයුතු කරන Alumex තෝරා ගැනීම මඟින්   ඔබගේ දෛනික තෝරා ගැනීම් හරහා පරිසරයට සිදුවිය හැකි හානිය අවම කර ගත හැකි අතර  එය ඔබේ දෛනික දිවිය වැඩිදියුණු කරමින් පරිසරයද ආරක්ෂා කරයි.එබැවින් ඔබේ නිවසේ අවශ්‍යතාවන් වෙනුවෙන් Alumex තෝරා ගැනීම යනු නිසැකවම කල් පවතින ගුණාත්මකභාවය සහ තිරසාරභාවය වෙනුවෙන් සිදුකරන  ආයෝජනයකි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *