Sinhala

රුධිරයේ පවතින ඔක්සිජන් මැනීමේ තාක්ෂණය සමඟින් එන Huawei Band 6

Huawei විසින් හදුන්වාදුන් නවතම fitness band එක වන්නේ Huawei Band 6ය. Huawei Band 6 යනු විශාල තිරයක් සහිතව වෙළදපොළට පැමිණි පළමු fitness band එක වන අතර  අඟල් 1.47 ක AMOLED Full Display එකක් සහ  64% ක screen-to-body අනුපාතයක් මෙහි පවතී. එපමණක් නොව, HUAWEI Band 6 හි සති දෙකක බැටරි ආයු කාලයකින් යුතු වීම වඩා විශේෂ තවත් එක් වාසියකි.

නිවැරදි සෞඛ්‍ය මිනුම් සහ පැළදීමේ සුවපහසුව fitness band සදහා  ඉතා වැදගත් වේ. මෙය මනාව පිළිබිඹු වන සේ සකසා ඇති  HUAWEI Band 6 විවිධ සංවේදක තාක්ෂණයන් සඳහා අතිශයින්ම ඉහළ අවශ්‍යතා සපුරාල අතර බරින් ග්‍රෑම් 18 ක් පමණක් වන අතර එය දවස පුරා පහසුවෙන් පැළදිය හැකි ලෙස සහ නිවැරදි සෞඛ්‍ය මිනුම් සහිතව නිපදවා ඇත . HUAWEI Band 6 යනු දවස පුරා SpO2 අධීක්ෂණයට  (All-Day SpO2 monitoring) සහය දක්වන පළමු Huawei  fitness band එක වේ .HUAWEI Band 6 තවත් එක් fitness band එකක් පමණක් නොවන අතර  හෘද ස්පන්දන වේගය, නින්දේ ගුණාත්මක බව , ආතතිය සහ ඔසප් චක්‍රය නිරීක්ෂණය කිරීම වැනි පූර්ණ පරාසයක සෞඛ්‍ය නිරීක්ෂණ අංගයන් පරිශීලකයින්ට සපයයි. මෙපමණක් නොව HUAWEI Band 6 මඟින් පරිශීලකයින්ට  ව්‍යායාම කිරීමට පහසු  වන ලෙස වෘත්තීය මට්ටමේ උපදේශකයකු ලෙස කටයුතු කරමින් ව්‍යායාම ක්‍රම 96 ක් සදහා දත්ත උපයෝගී කරගනිමින් ප්‍රශස්ථ අධ්‍යන වාර්තාවක් ලබාදේ.

අඟල් 1.47 AMOLED FullView Display සහිත HUAWEI Band 6 , 194 * 368 resolution එකකින් සහ 282PPI අගයකින් යුක්ත වේ. වර්ණවත් තිර සංදර්ශකය මඟින් පරිශීලකයින්ට වැඩි තොරතුරු සහ පැහැදිලි බවක් ලබා දෙන අතර ව්‍යායාම සහ සෞඛ්‍ය දත්ත වඩාත් විස්තරාත්මකව දැකගැනීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ. ස්මාර්ට් ෆෝන් ස්පර්ශ තිරයක් භාවිතා කරනවා සේම පරිශීලකයින්ට පහසුවෙන් ඉහළට සහ පහළට, වමට සහ දකුණට ස්වයිප් කළ හැකිය screen එකකින් HUAWEI Band 6 සමන්විත වේ.

Graphite Black, Amber Sunrise, Sakura Pink සහ  Forest Green යන වර්ණ සතරකින්  HUAWEI Band 6 ලබාගත හැකි අතර පරිශීලකයාගේ සිතැගි පරිදි කැමති වර්ණයක් තෝරාගැනීමේ හැකියාව ඔවුනට හිමිවේ .

Fiberglass මගින් ශක්තිමත් කරන ලද පොලිමර් ඔරලෝසු මුහුණත, එහි සියුම් ලෝහමය පෙනුමක් ගෙනෙන  metal texture ආලේපනය, මෘදු හා සමට හිතකර silicone රබර් ඔරලෝසු පටිය නිසා මෙය පැළදි සිටීමට ඉතා පහසු ආකර්ශනීය ස්මාර්ට් බෑන්ඩ් එකක් වන අතර UV light-induced polymerisation තාක්‍ෂණය භාවිතා කරමින් rubber strap එක නිපදවා ඇති නිසා  මෙය භාවිතයට ඉතා හිතකර  ස්මාර්ට් බෑන්ඩ් බව තවදුරටත් තහවුරු වේ .

විශාල display එකක් සහිත HUAWEI Band 6 දිගු බැටරි ආයු කාලයකින් සමන්විත වීම තවත් එක් විශේෂත්වයකි . ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් chipset එකකින්  සහ smart power-saving ඇල්ගොරිතමයකින්  HUAWEI Band 6 අඛණ්ඩව එක් charge කිරීමකින්  දින 14 ක භාවිතාකල බැටරි ආයු කාලයකින් සමන්විත වේ .  HUAWEI Band 6 අඛණ්ඩව හෘද ස්පන්දන වේගය සහ නින්ද නිරීක්ෂණය කරමින් පළදින්නගේ සෞඛ්‍ය දත්ත නිරවද්‍යව ලබාදේ.  මෙයට අමතරව  HUAWEI Band 6 , magnetic charger හරහා  fast charging කිරීමේ හැකියාව හිමිවන අතර  මිනිත්තු පහක ආරෝපණයක් මඟින් HUAWEI Band 6 ස්මාර්ට් බෑන්ඩ් එක දින දෙකක සාමාන්‍ය භාවිතය සඳහා පවත්වා ගත හැකිය. බර ග්‍රෑම් 18 ක් වන HUAWEI Band 6  විශේෂ විශේෂාංග රැසකින් සමන්විත වන අතර එහි විචිත්‍රවත් FullView Display එකක්  සහ සති 2 ක බැටරි ආයුකාලය මෙම ස්මාර්ට් බෑන්ඩ් එකේ විශේෂත්වය තවදුරටත් වැඩිකරයි.

සෞඛ්‍ය අධීක්ෂණ (Health monitoring) විශේෂාංග යනු ස්මාර්ට් බෑන්ඩ් භාවිතා කරන්නන්අතර වඩාත් ජනප්‍රිය අංශයකි. Huawei TruSeenTM 4.0 සහ නව ස්මාර්ට් power-saving ඇල්ගොරිතම මත පදනම්ව ගොඩනගා ඇති  hardware පද්ධතිය නිසා  HUAWEI Band 6 දැන් දවස පුරා (SpO2) රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අධීක්ෂණයට සහය දක්වයි. එය පරිශීලකයින්ගේ සෞඛ්‍යයට මනා පිටුවහලක් වන අතර රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු වූ විට අනතුරු ඇඟවීමේ සංඥාවක් ද නිකුත්කරයි. මෙම නිසා ඉක්මන් ක්‍රියාත්මක වී  සෞඛ්‍යය අවධානමෙන් ගැළවීමට පරිශීලකයාට හැකියාව හිමිවේ .

HUAWEI Band 6 හි fitness විශේෂාංගයන් පරිශීලකයින්ට නවමු අත්දැකීමක් ගෙන එයි. ගෘහස්ථ හා එළිමහන් ධාවන, පාපැදි, සහ rope skipping වැනි වෘත්තීය ව්‍යායාම ක්‍රම 11 ක් සහ  fitness, ball games සහ නැටුම් වර්ග ඇතුළුව සිතැගි පරිදි වෙනස් කරගත හැකි modes 85 ක්ද , මීට අමතරව ව්‍යායාම කටයුතු අධීක්ෂණය කිරීමේ හැකියාවද මෙම ස්මාර්ට් බෑන්ඩ් එක සතුව ඇත

“Go Bigger for Better” තේමාව යටතේ නිකුත්වන  HUAWEI Band 6 විශාල තිරයකින්ද , අසමසම බැටරි ආයුකලයකින්ද , විශාල පරාසයකින් යුතු ව්‍යායාම් නිරීක්ෂණ ක්‍රමවේදයකින් සමන්විත වේ.  HUAWEI Band 6  හි ඇති  24/7 සෞඛ්‍ය කළමනාකරණය ක්‍රමවේදය සුවිශේෂී වේ .රුධිරයේ පවතින ඔක්සිජන් මැනීමේ තාක්ෂණය (SPO2 Monitoring ) , හෘද ස්පන්දන වේගය අධීක්ෂණය, මානසික ආතතිය අධීක්ෂණය , නින්ද කළමනාකරණය සහ ඔසප් චක්‍රය අධීක්ෂණය කිරීම යනාදී විශේෂාංගයන් නිසා මෙම HUAWEI Band 6 සුවිශේෂී ස්මාර්ට් බෑන්ඩ් එකක් බවට පත්වේ

HUAWEI Band 6 රු. 15,999/- මිළකට , සියලුම Huawei Experience Centers , දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර , Daraz.lk හා Singer.lk වෙතින්ද  මිලදී ගත හැකි වේ.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *